SLPP Meeting: සජිත් පේ‍්‍රමදාස ඊයේ පෙරේදා තව එකක් නිකන් දුන්නා – මහින්ද රාජපක්ෂ

රට වෙනුවෙන් නොබියව තීන්දු ගන්න රාජ්‍ය සේවකයාට අවශ්‍ය නීති රීති අපි අලුතින් ගේනවා – ගෝඨාභය රාජපක්ෂ

ගෙම්බෝ සජිත් සජිත් කිව්වට එක මිනිහෙක් සජිත් කියන්නේ නැහැ. – විමල් විරවංශ

දැන් අලූත්ම මෑන් පෑඞ් මෑන් – රෝහිත අබේගුණවර්ධන

සජිත් පේ‍්‍රමදාස බන්දුගේ රස්සාවත් නැති කරනවා – උදය ප‍්‍රභාත් ගම්මන්පිල

රුවන්වැල්ල ජනහමුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් තවත් ජනහමුවක් අද (30) රුවන්වැල්ලේදී පැවැත් වුණා. ඒ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ‍්‍රීලපොපෙ නායකයින්ගේ සහභාගීත්වයෙන්. ඔබට නිවැරදි – නිරවුල් – සමබර තොරතුරු ලබාදීම වෙනුවෙන් එහිදී ශ‍්‍රීලපොපෙ නායකයින් පළ කළ අදහස් ‘පාර්ශ්වික සංස්කරණයකින්’ තොරව පහත පළ වෙනවා.

සජිත් පේ‍්‍රමදාස ඊයේ පෙරේදා තව එකක් නිකන් දුන්නා – මහින්ද රාජපක්ෂ

මේ මහ රැලියෙන් ජය ස්ථිර බව තහවුරු කර තිබෙනවා. මේ ආණ්ඩුව වසර හතර හමාරක් ඔබට වද වේදනා දුන්නා. ගෙදර කුස්සියට තමයි මුලින්ම පහර වැදුනේ. මම ගෙදර කුස්සිය ගැනවත්, ලූනු පොල්කට්ට ගැනවත් කියන්නේ නැහැ. ඒ ගැන ඔබට අවබෝධයක් තියෙනවා. මේ විදියට කෘෂිකාර්මික භාණ්ඩවල මිල අඩු වුණු යුගයක් තවත් නැහැ. දේශපාලන නායකයෝ මේ දේවල් පිටරටින් ගෙන්වලා හැමදේකම මිල පහත දැම්මා. මේ සියල්ලෙන්ම පහර වැදුනේ රටේ ජනතාවට.

අපේ ආණ්ඩුවේ ආදායම දෙගුණයකින් වැඩි කරගත්තා ආදායම් ලැබුවා කියනවා. එහෙම කලේ ඔබෙන් බදු අයකරලා වැට් බද්ද ඉතා අසාධරණ ලෙස අය කරනවා. පාරිබෝගකියා සිල්ලර වෙළෙන්දා ළග, තොග වෙළෙන්දා ළ`ග හැම තැනකදිම බදු ගහනවා.

අපි අලූත් බදු ක‍්‍රමයක් හදුන්වා දීලා වැට් බද්ද 8% දක්වා අඩු කරනවා.
ගෝටාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නිකුත් කරලා තියනවා. එතුමාගේ දැක්ම ඔබට කියලා ඇති. දැන් රුපියල් 1000 දෙන්න බැරුව ද`ගලන ගමන් කබලය අරන් 1500ක් වතු කම්කරුවාට දෙනවාලූ. දීපාවලී ඇඞ්වාන්ස් එක කම්කරුවාට ලැබුණද? පඩියෙන් කපා ගන්න එක දෙන්න භාණ්ඩාගරයේ සල්ලි නැහැලූ. ඒවුණාට රුපියල් 1500ක් දෙනවාලූ.

සජිත් පේ‍්‍රමදාස ඊයේ පෙරේදා තව එකක් නිකන් දුන්නා. ඒක ගන්නත් පෝලිමේ යන්න වෙනවා කූපන් එක අරන්. අම්මා නෝනා දරුවෝ එක්ක ප‍්‍රවෘත්ති බලන කොට අම්මා මගේ දිහා බලලා නැගිටලා ගියාලූ. දුව කාමරයට ගියා. නෝනා මගේ දිහා බලලා දෙයියන්ගේ පිහිටයි කිව්වලු. මේ විදියට විහිලූවලින් ජනතාව සන්තෝෂ කරන එකයි කරන්න යන්නේ.

හිතාගෙන ඉන්නේ ජනතාව රවටන්න පුළුවන් කියලා. ඒකට දැන් නිහඬව හිටපු රනිල් වික‍්‍රමසිංහත් එකතු වෙලා. ඉදිරියේදී ඒ වේදිකාවේ තව තවත් හොද දේවල් බලාගන්න පුළුවන්. බන්දු අපේ වේදිකාවට ආවා. මේ වැඩෙන් බන්දුගේ ජොබ් එකත් නැති වෙන පාටක් තියෙන්නේ. අපි 55,000ත් උපාධිධාරින්ට රැුකියා දුන්නා. මේ අයට 4000ට රැකියා දීගන්න බැරි වුණා.

තරුණ නිසා මගේ මැෂීම වැඩ කරනවා. මට ඡන්දය දෙන්න කියලා මේ අය කියන්නේ. අපි 70 පැන්නට පස්සේ වැඩ කරන්නේ නැහැ කියලා එයාගේ හිතේ. මේ වගේ විහිලූවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ. ඔබ පරම්පරාවක් වාමාංශික දේශපාලනයේ හිටියා. ඇන්. ඇම්. පෙරේරා වැනි වාමාංශික දේශපාලන බලකණුවකින් පැවත එන ඔබට අමුතුවෙන් දේශපාලනය කියලා දෙන්න අවශ්‍ය නැහැ. හොද තරුණ මන්තී‍්‍රවරු කණ්ඩායමක් ඉන්නවා. ඔබ 16 වැනිදා පොහොට්ටුව ඉදිරියේ කතිරය ගහන බව මට විශාවසයි.

දැන් අපි එකතු වෙලා. කලින් වෙන් වෙලා හිටියේ අපි තමයි පසුගිය මැතිවරණයත් මෙයෙහවූයේ. පසුව යම් යම් තීන්දු නිසා අපි වෙන්ව විපක්ෂයට ගියා. විපක්ෂ නායකකමත් අගමැතිකමත් ලැබුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙහේ ගත්ත ඡන්ද ප‍්‍රමාණයයි. පොහොට්ටුව ගත්ත ඡුන්ද ප‍්‍රමාණයයි එකතු වුණාම සියයට 70කට වැඩියි. වැඩි ඡන්ද 150, 000කින් මේ දිස්ති‍්‍රක්කය දිනන බව විශ්වසයි. මේක ජනාධිපතිවරණය. වැඩ කරන්න පුළුවන් දර්ශනයක් තිබෙන ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

රට වෙනුවෙන් නොබියව තීන්දු ගන්න රාජ්‍ය සේවකයාට අවශ්‍ය නීති රීති අපි අලුතින් ගේනවා – ගෝඨාභය රාජපක්ෂ

අයහපත් කාලගුණය නොතකා මේ අවස්තාවට පැමිණ සිටින ඔබට ස්තූතියි. අපේ රජයක් යටතේ මේ රටට ආරක්ෂාව ගෙන ඒම සම්බන්ධයෙන්, රට ස්වයංපෝෂිත කරන ආකාරය වගේම දුප්පත් ජනතාව තිරසාර සංවර්ධනයක් කරා ගෙන යන ආකාරය අපි පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා.

අපි කෘෂිකර්මාන්තයට, වැවිිලි කර්මාන්තයට විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා. පසුගිය වසර 4කට වැඩි කාලයක් මේ රටේ ව්‍යවසායකයින් බුද්ධිමතුන් වගේම ගම සමග පිළිසදරක් මගින් ඔබේ අදහස්ද ලබා ගනිමින් තමයි අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේවා ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ හැකි විසදුම්.

ඒ වගේම අපි වැවිලි කර්මාන්තය දිහා බලලා එදා දේශීය ගොවියා, වැවිලිකරුවන් අපි නගා සිටුවන්න පියවර ගත්තා. මේ රජය බලයට පැමිණීමෙන් පස්සේ දේශීය වැවිලිකරුවා සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කළේ නැති නිසා සෑම අංශයකින්ම අපේ වැවිලි කරුවා අසරණ වෙලා. මම ගිය සෑම පළාත්කම දිස්ති‍්‍රක්ක ගණනාවකම රබර්, ගම්මිරිස් ආදි වවන්නන් අසීරුවට පත්ව සිටිනවා.

එදා හොද ආදායමක් ලැබූ වැවිලිකරුවන් අ¥රදර්ශී ප‍්‍රතිපත්ති නිසා අතරමං වෙලා. විදේශවලින් ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනත්, ගම්මිරිස්, කරුංකා ගෙනත් අපේ වැවිලිකරුවා අතරමං කර තිබෙනවා. අපේ රජයක් තුළ මේ දේවල් සම්පූර්ණයෙන්ම තර කරන බවට අපි සහතිකයක් දීලා තියෙනවා. මේ හරහා දේශීය වැවිලි කරුවා නගා සිටුවීමයි අපි බලාපරොත්තු වෙන්නේ. ගොවියා නගා සිටුවන්නත් අපි පොහොර නොමිලේ ලබා දෙන්න, ගොවි ණය කපා හරින්න, ගොවි විශ‍්‍රාම වැටුප හදුන්වා දෙන්න අපි ක‍්‍රමවේද සකස් කර තිබෙනවා. කුඩා භූමි ප‍්‍රමාණයක් මගින් වැඩි ආදායමක් ලබා ගැනීමේ තාක්ෂණය හදුන්වා දෙන්නත් අපි වැඩපිළීවෙලක් යොදා තිබනවා. ජල ඛලමනාකරණය, පොහොර කළමණාකරණය, ඇසුරුම්ක‍්‍රම,ප‍්‍රවාහන ක‍්‍රම හා ගොවියාගේ ආදායම වැඩි කර ගැනීමේ ක‍්‍රමවේද අපි යොදා තිබෙනවා.

එදා මේ රටේ ත‍්‍රස්තවාදය පරාජය කර ඔබේ ආරක්ෂාව තහවුරු කරන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා. අපි සාමය ගෙනාවට පසුව නැවත එවැනි දේ නොවීමට ආරක්ෂක සැලැස්මක් යොදවා තිබුණා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප‍්‍රමුඛත්වයක් නොදුන්න මේ රජය අපි යොදා තිබුණූ ආරක්ෂක සැලැස්ම කඩා දැම්මා. අභූත චෝදනා ගෙනත් බුද්ධි අංශ නිලධාරින් හිර කළා. රටට නිදහස ගෙනාව ති‍්‍රවිද හමුදාව, පොලිසිය මේ අයගේ මානසිකත්වය කඩා දැම්මා. අභිමානය කඩා දැම්මා. මේ අයව ජාත්‍යන්තරයේ අධිකරණවලට ගෙනියන්න සැලසුම් හැදුවා.

මානුෂීක මෙහෙයුමට විරුද්ධව කි‍්‍රයාකළ බලපෑම් යටත්ව සිටින මේ අමාත්‍ය මණ්ඩලය රටේ ආරක්ෂාව විනාශ කළා. ඒ නිසයි මේ රටේ නැවත බෝම්බ පුපුරනන් ගත්තේ. ජාතික ආරක්ෂවට ප‍්‍රමුඛත්වය දෙනව අපේ රජයකට පමණයි ඔබේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ හැකියාව තියෙන්නේ. එදා මේ රටට සාමය ගෙනාවට පසුව අපේ රටේ ස්ථාවරත්වයක් ඇති කරලා ඉතිහාසයේ නොවුනු සංවර්ධනයක් මේ රටට ගෙනාවා. ගුවන් තොටුපළ, වරාය, අධිවේගී මාර්ග නගර සංවර්ධනය අපි ප‍්‍රමුඛත්වයක් දුන්නා. අද ඔබ කොළඹ නගරයේ දකින සියලූම දේවල් අපි කරපු දේවල්. මේ රජය බලයට ආපු හැටියේ අපි කරගෙන ගිය සියලූම සංවර්ධන වැඩසටහන් සියල්ලක්ම නතර කළා.

මුහුද ගොඩ කරලා හදා ගෙන ගිය නගරය නතර කළා. මේ නිසා ඒ ව්‍යාපෘතිවල වැඩකළ කොන්ත‍්‍රාත්කරුවන් අසරණ වුණා. රැුකියා ලක්ෂ 4ක් පමණ අහිමි වුණා. මේ වගේ දේවල් නිසා ආර්ථිකය කඩා වැටුනා. මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කරන්න කියලා මත්තල වි ගබඩා කරලා අවසානයේ රටම සමච්චලයට ලක් කලා. අපි කරගෙන ගිය සංවර්ධනය ඉදිරියට ගෙනියන්න හැකියාව ඇති සංචාරක ක්ෂේත‍්‍රය ඩිජිටල් තාක්ෂණය වේවා සෑම අංශයකින්ම ඉදිරියට යන්න සැලැස්මක් අපි ඉදිරිපත් කරලා තියෙනාව.

අපේ රටේ ඉන්න තරුණ තරුණියන් රැුකියා අවස්ථා සදහා පුහුණු කරන්න පුළුවන්. ඒ සදහා මාසයක් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ අපේ තරුණ කරුණීයන් පුහුණු කර හො`ද වේතනයක් ලැබිය හැකි රැුකියාවලට යොමු කිරීමේ හැකියාව තිබෙනවා. තොරතුරු තාක්ෂණයේ රැුකියාවල යෙදිලා ඉන්න සමාගම් බිලියනයක් පමණ ආදායමක් අපේ රටට ගේනවා. ඒ ප‍්‍රමාණය බිලියන 3 දක්වා ගෙන යාමට ඔවුන්ට ලක්ෂ තුනක පමණ ශ‍්‍රම බලකායක් අවශ්‍යයි. මේ නිසයි ගුණාත්මක අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ. දීර්ඝ කාලීනව අද තිබෙන විභාග කේන්දී‍්‍රය අධ්‍යාපන ක‍්‍රමය වෙනුවට ශී‍්‍රෂ්‍ය කේන්ද්‍රී‍්‍රිය අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කරන්න අපි පියවර ගන්නවා.

රටේ ආරක්ෂාව වේවා කෘෂිකර්මාන්තය වේවා දේශීය කර්මාන්තකරුවා නගා සිටුවා ආර්ථීකය ඉදිරියට ගෙනියන්න පැහැදිලි වැඩසටයහනක් අපි ඉදිරිපත්කර තිබෙනවා. අපි පැහැදිලිව අභියෝග ජයගත් අයයි. ඒ වගේම අපිට අද තිබෙන අභියෝගත් අජය ගන්න සූදානම්. ඔබ මා කෙරේ විශ්වාසය තියන්න. මම සෑම විටකම මට දුන්න වගකිම සම්පූර්ණයෙන්ම ඉටුකළ පුද්ගලයෙක්. එදා ආරක්ෂක ලෙක්ම් ලෙස ජනාධිපතිතුමා සමග ත‍්‍රස්තවාදය අවසන් කරන්න සහාය වුණා. නාගරික අමාත්‍යංශ ලේකම් විදියට කොළඹ නගරය දියුණු කළා.

වසර 20 හමුදාවේත් වසර 10 ලේකම්වරයක් වශයෙනුත් සේවය කළ මට රාජ්‍ය සේවය සමග කි‍්‍රයා කරන ආකාරය ගැන හො`ද දැනුමක් තිබෙනවා. සුදුස්සාට සුදුසු තැන දීලා මේ රට සංවර්ධනය කරන්න අපි පියවර ගත්තා. රාජ්‍ය සේවකයින්ගේ මානසිකත්වය කඩා දාලා තිරණ ගන්න බියවද්දලා රාජ්‍ය සේවය අකාර්යක්ෂම කරලා. රාජ්‍ය සේවය නැතිව රටක් දියුණු කරන්න බැහැ. රාජ්‍ය සේවකයා දේශීයවත් විදේශීයවත් පුහුණූ කළ යුතුයි. රට වෙනුවෙන් නොබියව තින්දු ගන්න රාජ්‍ය සේවකයාට අවශ්‍යනිති රිති අපි අලුතින් ගේනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම නොවුනොත් අපේ රට ඉදිරියට යන්නේ නැහැ.

මේ රටේ ¥ෂණය වලක්වන්න අවශ්‍ය පියවර ගන්නවා. ගුණාත්මක විනිවිද භාවයෙන් පෙනෙන රාජ්‍ය සේ්වයක් අපි ඔබට ලබා දෙන්න පොරොන්දු වෙනවා. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මගේ යුතුකම සුරක්ෂිත රටක් අභීමානවත් දේශයක් ඔබට ලබා දිමයි. රුවන්වැල්ල ජනතාවට ජයවේවා.

ගෙම්බෝ සජිත් සජිත් කිව්වට එක මිනිහෙක් සජිත් කියන්නේ නැහැ. – විමල් විරවංශ

අපි සූදානම් වෙලා ඉන්නේ ජාතික ආරක්ෂාව ඉල්ලන රටට ජාතික ආරක්ෂාව දෙන්න පුළුවන් නායකයා තෝරන්න. ඒ ජනාධිපති එක්ක වැඩ කරන නියම අගමැතිවරයා පත්කරන ඡන්දයකට.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ පාලනය සහිත ආණ්ඩුවක් තෝරන ඡන්දයකට. අද මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අරලිය ගහ මන්දිරයට කැදවූවාම, ඊළග ආණ්ඩුවේ ආගමැති, නායකයා, තමන් බව එහිදි කියනවා. සිරිසේන මහත්තයාව ජනාධිපති කළේ ජනතාව. නමුත් අවසානයේ ජනාධීපතිතුමාම කිව්වා රනිල් වික‍්‍රමසිංහ එක්ක ආණ්්ඩු කරන්න බැරි බව. ආයේ කරන්න හදන්නේ ඒක. අන්තවාදයට පණ දෙමින් පරණ පාරෙම තමයි රට ගෙනියන්න හදන්නේ. සිරිසේන ජනාධිපතිතුමායි රනිල් අගමැතිතුමයි වෙනුවට සජිත් ජනාධිපති කරගෙන ආයෙත් ඒ වැඬේටමයි සුදානම්.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න ඊයේ කැබිනට් අනුමැතිය ගත්තා. ති‍්‍රකුණාමලය වරායේ ඉදන් කොළඹ වරාය දක්වා වූ තෙත් බිම්, වැඩබිම්, පුරා විද්‍යා බිම් ඇමරිකන්කාරයාට ඕනේ විදියට මේ රටේ භූමිය භාවිත කරන්න දෙන ගිවිසුමක් මේක. ආණ්ඩුව වැටෙන්න පණ ගැහි ගැහි තියෙන වෙලාවේ හුස්ම යන වෙලාවෙත් ඇමරිකන් අධිරාජයවාදීන්ට ඕනේ පාවාදීම කරන්න හදන්නේ.

අපි‍්‍රයෙල් 21 ප‍්‍රහාරයත් ලෝක බලවතුන් පිටුපස සිටිනවා. මුස්ලිම් සමාජය ඇතුලේ අන්තවාදය හැදුවා. බුද්ධී අංශ අනතුරු හ`ගවන කොටත් වගේ වගක් නැතිව හිටියා. ඒ මිනිමරු ත‍්‍රස්තවාදය හදා වඩා ඇති දැඩි කරපු මේ පරගැති ආන්ඩුව මුස්ලිම් ජනතාවගේ බෙල්ලේ අන්තවාදි කියන ලේබලය එල්ලූවා. හකීම්ලා අමීර් අලි ලා තමයි සහරාන්ලා අත්අඩංගුවට ගන්න එක වැළැක්වූයේ. බුද්ධි අංශ නම් ගම් පිටින් කියද්දි අත් අඩංගවට ගන්න දෙන්නේ නැතිව ජනතාව බියට පත්කළා.

සහරාන්ලා රැක්ක කල්ලිය ඉන්නේ සජිත් එක්ක. මේ රටේ මුස්ලිම් ජනතාවට අවශ්‍ය නම් අන්තවාදී බෝඞ් එක ගලවලා සිංහල දෙමළ මුස්ලිම් සමගිය හදන්න, ඒක කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. තවමත් පාරකට කාපට් එකක් එලා ගන්න බැරි ආණ්ඩුවක්. දුප්පතාට බඬේ පාර, ව්‍යාපාරිකයාට කනේ පාර, ගොවියාට මඩ පාර, දේවස්ථානයට හෝටලයට බෝම්බ පාර ඇරෙන්න හදපු පාරක් නැහැ. පුතානෝ ජනාධිපති වුණොත් ඊළමට පාරත් හැදෙනවා. පුතානෝ කතානෝ. තැපැල් ඡන්දය ඉවර වෙන කල් කතානෝ. ඊට පස්සේ තමයි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළියට දාන්නේ.

සිරිමාවෝ අගමැති වුණොත් මාසෙකට සැරක් අගමැති පුටුව හෝදන්න වෙයි කියලා කාන්තාවට අපහාස කළේ පුතානෝගේ පියා තමයි අවමන් කළේ. ඒ පියානෝගේම පුතානෝ සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවාලූ. ලංකාවේ වෙළෙද පොළේ සනීපාරක්ෂක තුවා නිපදවන්නේ පුතාට ගෙඩිය පිටින්ම කඬේ යන මාධ්‍ය ආයතනයක අයිතිකාරයා.

කාන්තාව ගැන අනුකම්පාව දැනුනා වගේ මේ කරන්න යන්නේ තමන්ට උදව් කරන අයට උදව්වක්. ගෙම්බෝ සජිත් සජිත් කිව්වට එක මිනිහෙක් සජිත් කියන්නේ නැහැ. ගෙම්බට කියන විද්‍යාත්මක නාමය මොකක්ද කියලා චෙක් කලාම එන්නේ අනුර. අනුර නම් සජිත් සජිත් කියනවා ඇති. මේ රට ඉල්ලන්නේ විහිලූ කරන නායකයෙක් නෙමෙයි.

පුතානෝගේ සනිපාර්ක්ෂක තුවාය දෙන්නත් රටක් තියෙන්න ඕනේ. අනතවාදය වළක්වන්න බියක් නැතිව ආගම අදහන්න පුලූවන් නායකයෙක් ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වලා තමන්ගේ ප‍්‍රතිපත්ති ගැන කියලා අවසන්.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ රණ විරුවෙක්. රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවකයා තමයි දන්නේ රාජ්‍ය සේවකයාට තියෙන අභියෝග. ආරක්ෂක ලේකම් හැටියටත් වැඩ කළා. රාජ්‍ය සේවකයෙක් පළවෙනි වතාවට රාජ්‍ය නායකයා කරන්නයි ඔබ ඡන්ද පොළට යන්නේ. එතුමා එක පක්ෂයකට සින්න වුණ නායකයෙක් නෙවෙයි. මහින්ද ගෝඨා සුසංයෝගය රටට සාමය ගෙනාවා නම් 16 වැනිදායින් පස්සේ ඒ සුසංයෝගය රට ගොඩනගලා පෙන්වනවා.

දැන් අලූත්ම මෑන් පෑඞ් මෑන් – රෝහිත අබේගුණවර්ධන

Related image

අපි අයන් මෑන්, සුපර් මැන් වගේ අය ගැන අහලා තියෙනවා. දැන් අලූත්ම මෑන් පෑඞ් මෑන්. ඊයේ රූපවාහිනිය බලන් ඉන්න කොට මේ උන්නැහේගේ කතාව අහලා අම්මයි තාත්තායි නැගිටලා යනවා. තමන්ගේ මහත්තයාට කියලාවත් අපේ කාන්තාවෝ ගෙන්න ගත්තේ නැති එක මේ මනුස්සයා ගෙනත් දෙන්න හදනවා. දැන් සජිත් මහත්තයාත් ගෝඨාභය මහත්තයාගේ ඡන්ද ගණන වැඩි කරමින් ඉන්නවා.

අපි දැක්කා හකීම් මහත්තයා සහරාන්ගේ මල්ලි බලන්න රෝහලට යනවා. ඊට පස්සේ කියනවා හිතවත් ගැබිණී මාතාවක් බලන්න යද්දි රිල්වාන් දැක්කාලූ. ඒ කියන්නේ රිල්වාන් බබෙක් ලැනේන ඉදලා. සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවේ සහාරන්ගේ ඥාතීන් ටික ඉන්නවා. පාස්කු සිද්දියේ වැරදිකරුවෝ නිතියේ රැුහැනට හසු කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. තවමත් ඒ ගෙවල්වල කදුලූ වැටෙනවා. මංගලට හිරු නාලිකාව දැන් නයාට අ`දු කොළ වගේ. 17 වැනිදාට සමනල මංගල පැදුරු කොට්ට අකුළගෙන ගෙදර යනවා. මුළු රටම ඒ සටනට ලැහැස්තියි. නැවත අපි ඔබත් එක්ක එකතු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති කරලයි.

සජිත් පේ‍්‍රමදාස බන්දුගේ රස්සාවත් නැති කරනවා – උදය ප‍්‍රභාත් ගම්මන්පිල

රණවිරුවන් රැක ගන්න දෙපාමුලට යන බව සජිත් කියනවා. නිශ්ශංක කියන රණ විරුවා දකුණු ඇහැ අහිමිව විශ‍්‍රාම වැටුප වෙනුවෙන් පාරට බැස්ස අවස්ථාවේ රබර් උණ්ඩවලින් අනෙක් ඇහැත් අහිමිකරන වෙලාවේ සජිත් කොහෙද හිටියේ.

ගෝඨාභය මහත්තයා වතු කම්කරුවන්ට රුපියල් 1000ක් දෙනවා කිව්වාම සජිත් පේ‍්‍රමදාස 1500ක් දෙනවාලූ. පුළුවන් නම් ආණ්ඩුව තියෙන මේ වෙලාවේ රුපියල් 50කින් පඩි වැඩි කරලා පෙන්වන්න. මේ වතාවේ තමයි එජාපයේ අඩුම ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නේ. පුළුවන් නම් ශී‍්‍රමා නෝනා ගත්ත 37%ට වඩා අරන් පෙන්වන්න.

දැන් කාන්තාවන්ට සනිපාරක්ෂක තුවා නොමිලේ දෙනවාලූ. අද පිරිමින්ට නොමිලේ කොන්ඩම් බෙදලා දෙනවා කියයිද දන්නේ නැහැ. අවුරුද්දටම 1800යි සනිපාරක්ෂක තුවාවලට යන්නේ. 1800ට සජිත් ට ඡන්දේ දෙන්න කකාන්තාවන් මෝඩ නැහැ කියලා කාන්තාවක් කියලා තිබුණා.

අද බන්දු සමරසිංහ මහත්තයා කියන්නේ අපි විහිලූවක් කරලා හම්බ කරගෙන කෑවා. සජිත් පේ‍්‍රමදාස ඇවිත් ඒකත් නැති කළා කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ක විවාද කරන්න සජිත් සමානයෙක් වෙන්න ඕනේ. පරිගනක විද්‍යාව පිළිබබද කොළඹ විශ්ව විද්‍යාලවේ පශ්චාත් අපාධියක් තියෙනවා. චෙන්නායිවල යුද කළමණාකරණය ගැන පශ්චාත් උපාධියක් තියෙනවා.

කොටියා පරද්දන්න බැහැ කියපු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වසර දෙකහමාරෙන් කොටියා පරාජය කළා. සජිත් කවුද? සජිත්ට සාමාන්‍ය පෙල නැහැ කියන්නේ එජාප උප නායක. මෙයා හයේ පන්තිය සමත් වෙලත් නැහැ. ආචාර්ය මහාචාර්යවරු තමන්ගේ නායකයා කියලා තෝරා ගත්ත ගෝඨාභය රාජපක්ෂ මහතාව සජිත් එක්ක විවාදයට යවන්න අපි සූදානම් නැහැ.

මේ දවස්වල ලෝකේ පුරාම ලාංකිකයෝ දස දහස් ගණනින් ලංකාවට එනවා. අපේ ආරණ්‍ය භික්ෂුණු වහන්සේලා මෙදා පොටේ මැතිවරණ ව්‍යෘපාරයට එකතු වෙලා ඉන්නවා. මවුබිම කෑලි වෙනවාද නැද්ද තීරණය වෙන්නේ නොවැම්බර් 16 වැනිදා.

Recommended For You

About the Author: Editor