ඒ කාලේ තිබුණ ඉල්ලුමේ හැටියට ‘චිත‍්‍රකතා’ වැටෙයි කියලා අපි ‘හීනෙන්වත්’ හිතුවේ නැහැ

ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී උදය ගමාච්චි

උදය ගමාච්චි’ ඔහු සිත්තරෙක්. ඒත් බහුවිධ මාධ්‍ය තුළ තම ප‍්‍රතිභාව ප‍්‍රකට කරන ඔහු සතු හැකියාව ඕනෑම මාධ්‍යයක් තුළ විවිධත්වයක් ඇති කරන්නට සමත්. ඒ නිසා බොහෝ දෙනකුට ඔහු සැබෑ දක්ෂයෙක්. ගතෙල් සායම්, ඇක්‍රිලික්, දිය සායම් යන ඕනෑම මාධ්‍යයක් තුළ එලෙස තම ශිල්පීය හැකියාව කැන්වසයක් හෝ කඩදාසියක් මතට මනා ලෙස ගෙන ඒ මේ හැකියාව ඔහුට තිබෙනවා. මේ ඔහු ගැන…

මම චිත්‍ර අඳින්න පටන් ගත්තෙ 1981 දී විතර. එතකොට මා කඹුරුපිටියේ කිරින්ද පුහුල්වැල්ල විදුහලේ පාසල් යන ශිෂ්‍යයෙක්. උසස් පෙල හ්දාරන්න මාතර මධය මහා විදුහලට පැමිනි විට චිත්‍රවලට තිබෙණ උනන්දුව වඩාත් වැඩි වුණා. චිත්‍රකතාවලට මට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණේ චිත්‍රශිල්පී අතුල සිරිවර්ධන මහතාගේ යොමු කිරීම මතයි. ඒ 1987 දි ‘සත්මිණ‘ චිත්‍ර කතා පත්රේට ‘සාපලත් නගරේදි‘ කියන කතාව ඇඳලා. ඉන්පසු ‘ප්‍රාර්ථනා‘, ‘සම්පත‘, ‘සතුට‘, වගේ චිත්‍ර කතා පත්තර ගනනාවක මා චිත්‍ර කතා රාශියක් ඇන්ඳා. චිත්‍ර කතා ඇන්දත් මා වෙළඳ දැන්වීම් ආයතන සමඟ ‘කොමර්ෂල් ආර්ට්‘ කළා.

Image result for UDAYA GAMACHCHI

උදය තම සිත්තර ජීවිතයේ අ ආ යන්න කියපු හැටි කියනවා. ඊට පස්සේ උදය ‘මම කවුද?’ කියලා අපට පැහැදිලි කරනවා.

මම චිත්‍ර ශිල්පියෙකු ලෙස නිදහසේ වැඩ කරන්න කැමති අයෙක්. කොමර්ෂල් ආර්ට් හෝ චිත්‍ර කථා නිර්මාණය යනු එකිනෙකට වෙනස් මාධ්‍යයක්. චිත්‍ර කතාව තුළ අපිට නිර්මාණය කරන්න යම් නිදහසක් තිබුණත් කොමර්ෂල් ආර්ට් කරන්න වෙන්නේ යම් ආයතනයක සිතැඟි අයරිනුයි. ඉන්දියන් තීන්තවලට අමතරව තෙල් සායම්, ඇක්‍රිලික් වැනි වර්ණ මාධ්‍ය මා මුල් කාලයේ භාවිතා කළා. එයින් බොහෝ නිර්මාණ කළා. නමුත් පසු කලෙක සිට මා වැඩියෙන් නියැලෙන්නේ දිය සායම් මාධ්‍යය තුළයි. එයට මා වැඩියෙන් ප්‍රිය කරනවා.

ඊට පස්සේ උදය තමන්ගේ සිත්තර කලාවේ ‘අනන්‍යතා’ ගැන කියනවා.

මම චිත්‍රයක් තුළින් හැඟීම් පිළිබිඹු කරන්න වඩාත් කැමතියි. දිය සායම් මාධ්‍යය මාගේ එම උත්සාහයට වඩාත් සාධාරණයක් කරනවා. සතෙකු ගත්තත්, මානව රෑපයක් ගත්තත්, ස්වභාවික යමක් ගත්තත් ඒ තුළ හැගීම් පෙන්වීමට මට අවශ්‍යයි. කොලයක් මතට වතුර සමඟ මිශ්‍ර වී දිය සායම් හැඟීම් ලෙස විහිදෙනවා. ප්‍රථිපලය දිහා බලන විට අවසානයේ වැඩි තෘප්තියක් වෙනත් මාධ්‍යයකට වඩා ලැබෙනවා.එබැවින් ඒ තුළ මා නිදහසේ සැරිසරනවා.

දැන් උදය කතා කරන්නේ අපි කාටත් පොදු ‘ජීවන අරගලය’ ගැන.

අද තිබෙන සමාජ ක්‍රමය තුළ අපි යාන්ත්‍රික වෙලා. ඒ තුළ මට පමණක් නොවේ බොහෝ ශිල්පීන්ට ඔය කියන කාරණය තදින් බලපානවා. එය වඩාත් දැනෙන්නේ හොඳ නිර්මාණයක් කරන විටදීයි. ජීවිතයත් නඩත්තු කරගෙන, තමාගේ රැකියාව හෝ වෘත්තීයත් බේරගෙන මේ ගමන යන එක ලෙහෙසි නැහැ. ඒ දෙකම බැලන්ස් කරගන්න වෙලා. අද පූර්ණ කලාකරුවෙකු හෝ චිත්‍ර ශිල්පීන් නැහැ. අද ඉන්නේ මේ සමාජ ක්‍රමය තුළ අර්ධ කලාකරුවන් හෝ චිත්‍ර ශිල්පීන්.සල්ලි තිබෙන ශිල්පියෙක් චිත්‍රවලින් බලන්නේ හැඟීම් ගේන්නයි. නමුත් දෙකම බැලන්ස් කරගෙන යන ශිල්පියා බලන්නේ චිත්‍ර වලට ‘ටෙක්නික්ස්‘ ගේන්නයි. චිත්‍ර තුළ හැඟීම් යනු වෙනමම එකක්. ඒවා රසවිඳීමත් වෙනමම දෙයක්. සමහරුන්ට ඒවා රසවිඳින්න තේරෙන්නේ නැහැ.

සිත්තර කලාව තුළ ‘ගුරුකුල’ සුවිශේෂයි. උදය ඒ ගැනත් කතා කරනවා.

ඒ තුළත් බෙදීමක් තිබෙනවා. කලා පොළ වැනි තැන්වලට ගිය විට එය හොඳින් දැනෙනවා. ඒ තුළ පිල් දෙකක් තිබෙනවා. එක් කොටසක් තමා කරන ශෛලිය උසස් සහ අනෙකාගේ ශෛලිය පහත් යැයි සලකනවා. එකිනෙකාට චෝදනා කරගන්නවා. නමුත් බුද්ධිමත් සංවාධයකට එන්නේ නෑ. චිත්‍ර ශිල්පියෙකු අඳින චිත්‍රය මත පමණක් නොවේ සිතුවිලිවලින් සහ ක්‍රියාවෙනුත් බුද්ධිමත් විය යුතුයි.අනික චිත්‍ර ශිල්පියාට අද සිවිල් බලයක් අපේ රටේ නැහැ. තියෙන දෙයක් කරගෙන ඉන්නයි තිබෙන්නේ.නමක් තිබ්බත් වැඩක් නැහැ.

70-90 දශකයේ ප‍්‍රබලම විනෝද මාධ්‍ය ‘චිත‍්‍රකතා’ ගැන ඔබට තිබෙන්නේ මෙවැනි අදහසක්.

චිත්‍ර කතාව දියුණු වුණේ නැහැ. ඒ කාලේ චිත්‍ර කතා පත්තරවලට තිබුණේ පුදුම ඉල්ලුමක්. ඒ තිබුණු ඉල්ලුම නිසා අපි කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ නිසා අපි අතිනුත් වරදක් වුණා. අපිට එතනින් එහාට යන්න සැලැස්මක් තිබුණේ නැහැ. මුල් අවදියේ විවිධත්වයක් ඇතිව නිර්මාණ කළා. දයා රාජපක්ෂ, ජනක රත්නායක, සරත් මධු වැනි ප්‍රවීණයන් වෙන වෙන ධාරාවන් නියෝජනය කළා. ඔවුන් හරියට අමරදේව,ජෝතිපාල, මිල්ටන් මල්ලවආරචිචි වගේ චිත්‍රකතාව තුළ විවිධත්වයක් ඇතිකළා. නමුත් ඒක එක දිගට ගලාගෙන ගියේ නැහැ.චිත්‍රකතාවෙහි පිටරටවල තත්ත්වය වෙනස්වුණා. එහි වීරයන් බිහිවුණා.එය දිගටම පැවතුනා.

ඔහුගෙන් ඒ කාලේ වීරයෝ සහ සිහින තාරකා වුණ ‘යුනිකෝ’ ‘දේදුනු – කැළුම්’ ගැන අහන්නත් හිතුණා.

යුනිකෝ, දේදුනු කැලුම් වගේ චරිත ගැන ඉස්සර ගීත බිහිවුණා. නමුත් එතනින් එහාට ගියේ නැහැ. යුනිකෝ කියන්නනේ කවුද කියලාවත් අද ඉන්න පරම්පරාව දන්නේ නැහැ. අනික චිත්‍රපටවලට වුණත් චිත්‍ර කතා ඇසුරින් නිර්මාණය වුණේ කිහිපයක් පමණයි

Recommended For You

About the Author: Editor