ජනපතිවරණයට පෙර ‘මිලේනියම් වැලෙන්ජ් අත්සන් කරන්න එපා’ යැයි ජනපති මංගලට කියයි

ශ‍්‍රී ලංකා රජය ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) මුදල් අමැති මංගල සමරවීර මහතාට දුරකථනය මගින් දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.

මේ අතර අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරුන්ද අද පස්වරුවේ හදිසියේම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම ගිවිසුම අත්සන් කිරීම නවත්වන්නැයි ඉල්ලීමක් කර ඇති බව ජනපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා.

ගිවිසුම අත්සන් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් ගැනද ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව සදහන්.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද එය ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් සමඟ ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor