සංගාගේ නායකත්වයෙන් යුත් MCC vs ESSES තරගය ගාලු පිටියේදී

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර විසින් නායකත්වය දරන ‘මාර්ලිබොන් ක්‍රිකට් සමාජය MCC හා එසෙක්ස් ESSEX කණ්ඩායම අතර පැවැත්වෙන ශූරතා කවුන්ටි තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

2020 මාර්තු මස 24 දා සිට 27 දා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සාම්ප්‍රදායිකව පැවැත්වෙන මෙම තරගය MCC කණ්ඩායම හා එංගලන්තයේ සිවුදින කවුන්ටි තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම අතර පැවැත් වෙන බවයි එම වාර්තා කියන්නේ.

මෙම තරගයේදී MCC කණ්ඩායමේ නායකයා ලෙස එම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ද වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර කටයුතු කිරීමට නියමිත බව ද සදහන්.

Recommended For You

About the Author: Editor