සලකුණු කරන ලද තැපැල් ජන්ද පත‍්‍රිකාවල Photo සමාජ මාධ්‍යවලට මුදාහැරලා

සලකුණු කරන ලද තැපැල් ජන්ද පත්‍රිකා ඡයාරූප ගතකොට සමජා මාධ්‍ය වෙබ් අඩවිවලට මුදාහැරිම සම්බන්ධව පැමිණිලි හතරක් මේ වන විට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙතට ලැබී ඇත.

‘තැපැල් ඡන්ද විමසීමෙන් පසු සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවල ඡායාරූප ෆේස්බුක් හි බෙදාගත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව සහ වසර තුනක සිර දඩුවමක් ඔවුන්ට හිමිවන බව’ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කොට ඇත.

ෆේස්බුක් අඩවිය පමණක් නොව ට්විටර්ව, ට්සැප්ඉ, න්ස්ටග්‍රෑම්, වයිබර් හා අනෙකුත් සමාජ මාධ්‍ය යෙදුම් හා වෙබ් අඩවි වල මෙසේ සලකුණු කරන ලද තැපැල් ඡුන්ද පත්‍රිකාවල ඡයාරූප හුවමාරු කරගැනීම වරදක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස තැපැල් ඡුන්දදායකයන්ට අවධාරණය කරන්නෙමු.

Recommended For You

About the Author: Editor