අපේ ට‍්‍රැක් එකේ අලුත් අය දිව්වත් අනෙක් ට‍්‍රැක් එකේ දුවන සේරම රාජපක්ෂලා – ඇමැති රාජිත සේනාරත්න

නව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ “නව දේශයක දේශපාලන ගිවිසුම” ජනගත කිරීම අද (01) දින දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන්  සිදු කෙරුණේ කොළඹ තාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා

“ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බිහි කිරිමට අපි සෑහෙන කාලෙක ඉදලා දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. අළුතෙන් බිහිවෙන පෙරමුණ, එහි ව්‍යවස්ථාව, අරමුණු, පරමාර්ථ, ප්‍රතිපත්ති පිළිබදව දීර්ඝව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මාස ගණනාවක් ඉටු කළා.

පෙරේදා වනකොට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් තීන්දු කළා මෙම නව පෙරමුණට එකතු විමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “අපි ශ්‍රී ලංකා” කණ්ඩායමත් සමග. එතුමිය සමග සාකච්ඡා කරලා පෙරේදා රාත්‍රී අපි තීන්දු කර ගත්තා මේ වැඩසටහන කරන්නට. පැය 24 ක වැනි කාල පරිච්ඡේදයක් තුළ දී.

ඊයේ රාත්‍රී එතුමිය සහ පක්ෂනායක තුමා සමග මෙහි පරමාර්ථ සියල්ල සහ අත්සන් කරන ලියවිලි වල වැඩකටයුතු අවසන් කරලා පක්ෂ නායකයින්ට දන්වලා අපි රැස් වුණේ. මේ කෙටි කාලයේ දී දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ගණනාවක් මේ උත්සවයට සහභාගි කර ගැනීමට හැකි වුණා.”

“ඊයේ අපේ ප්‍රතිවාදී පිළේ තවත් සන්ධානයක් හදලා තිබෙනවා. එම සන්ධානයේ සහ මෙම සන්ධානයේ තිබෙන වෙනස මොකක් ද? එම සංවිධානයේ එකම මතය, තිබෙන එම මතයට එකතු වුණ එකම වුවමනාව තිබෙන රාජපක්ෂලාගේ පවුල් බලය යටතේ වෙන කිසිදු තේමාවකින් තොරව, විවිධ මත වලින් තොරව, විවිධ නම් වලින් ඇවිත් ලියවිල්ලක් අත්සන් කළා.

අපේ අද දිනයේ විවිධ මත තිබෙන පොදු පරමාර්ථයක් සදහා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මුලික අයිතිය, පිළිගන්නා වූ ඒ සදහා සටන් වදින, ක්‍රියා කරන, ඉතිහාසයක් තිබෙන ක්‍රියාකාරීන්ගේ පක්ෂ සහ සංවිධාන තමයි මෙතනට ඇවිල්ලා තිබෙන්නේ. එක අරමුණක් විවිධ මතධාරීන්. උතුරේ සිට නැගෙනහිරට, නැගෙනහිර සිට දකුණට, මේ සියලු දේශයම නියෝජනය කරන දේශපාලන පක්ෂ නායක නායිකාවන්ගේ මෙම ස්ථානය පිරී ඉතිරි තිබෙනවා.

මෙම පෙරමුණෙ සියලුම නායකයින්, සිවිල් සිංවිධාන නායකයින්, මේ සියලු දෙනාගේම එකම පරමාර්ථය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ළකුණින් තරග වදින සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම. සජිත් ප්‍රේමදාසව බලයට පත්කිරිමට පමණක් නොවෙයි 2015 අපි මේ වගේ ජනාධිපතිවරයෙක් පත් කර ගත්තා. එහි කාර්ය භාරය අවසන් කර ගන්න බැරි වුණා. එම අරගලය නිම කිරීමේ මේ අරගලයට එක්ව සිටිනවා.  

මේ වගේ ගිවිසුම් අත්සන් කළා. අපි මිනිසුන්ට, ප්‍රජාතන්ත්‍රවාදය, ජීවත්වීමේ නිදහස, මාධ්‍ය නිදහස ලබාදුන්නා. නමුත් අඩුපාඩු තිබුණා. පෙර ආණ්ඩුවේ වැරදි කරුවන්ට අදාල පරික්ෂණ අවසන් කරන්න බැරි වුණා. එකයි කියන්නේ මේක නොනිමි අරගලයක් කියලා. එදා ඒ ජයග්‍රහණය වෙනුවෙන් නොසිටි අය අද අපිත් සමග සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදලා රාජපක්ෂවරුන්ට සහයෝගය දුන්න පිරිස් විශාල ගණනාවක් අපි සමග ඉන්නවා. මේ සියලු බලවේග එකතු කරගෙන යන ගමනක් මේක. දිවයින පුරා යන මේ විශාල මැතිවරණ ව්‍යාපාරයේ දී මේ නායකයින්ගේ ශක්තිය ජයග්‍රහණය සදහා ඉවහල් වෙනවා. මේක ධාවන පිටියේ මීටර් 400 කඩින් කඩ දිවිමක්. ගිය පාර එම තරගයේ බැටන් එක දුන්නේ මෛත්‍රීපාල සිරිසේනට. සජිත් මහතා මේ බාර ඒ බැටන් එක අතට ගන්නවා. එදා ධාවන ශූරයාට වඩා හොද ශක්තිමත් ධාවන ශුරියෙක් දෙවන කඩඉමට ඇවිත් තිබෙනවා.

මේ ට්‍රැක් එකේ දුවන්නේ අළුත් අළුත් අය. ඉදිරියට තවත් අය මේ කඩඉමට  ගන්නට ඉදිරියේ දී සිටිවී. මේ ගමන ගෙනියන්න අපි නැති දවසකත් අළුත් පරම්පරාව එනවා. අනෙක් ට්‍රැක් එකේ දුවන්නේ ඔක්කොම රාජපක්ෂලා. ඔක්කොම පවුල්වාදය, රාජපක්ෂවාදයට ගැතිවෙචිච අය.

අයට තිබෙන්නේ එළියේ ඉදන් අත්පුඩි ගහන එක විතරයි. අපේ ට්‍රැක් එකේ අපි ඔක්කොම එකට එකතු වෙලා දුවනවා.  දුවන්නට ඒ සියලු කට්ටියට අයිතිය ලබාදී තිබෙනවා.  අනිත් ට්‍රැක් එකේ දුවන්නේ රාජපක්ෂලා සහ ඥාතීන් විතරයි. අනෙක් අය අත්පුඩි ගහමින් බලා ඉන්නවා. අපි එදාට වඩා ශක්තිමත් නායකයෙක් හරහා අපි මෙම මැතිවරණය ජයග්‍රහණය කරනවා.”

Recommended For You

About the Author: Editor