තැපැත් ඡන්දය Photo ගත් පාසල් මුරකරු මාට්ටු

ගම්පොළ පළාත් අධ්‍යාපන කාර්යාලයට තැපැල් ඡන්දය භාවිතා කිරීමට පැමිණි පාසල් මුරකරුවකු සිය ඡන්දය භාවිතා කර එය ඡංගම දුරකතනයෙන් ඡායාරූප ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අද (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ කුරුදුවත්ත ප‍්‍රදේශයේ පාසලක මුරකරුවකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

සැකකරු ගම්පොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුහා හැර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

තැපැත් ඡුන්දය ප‍්‍රකාශ කර එය ඡයාරූපගත කර සමාජ ජාලා මාධ්‍යවලට යොමු කළ සිදුවීම් කිහිපයක් ඊයේ ද වාර්තා විය.

Recommended For You

About the Author: Editor