රෙජි රණතුංග ශ‍්‍රීලනිපය පවා දුන්නේ නෑ – සජිත් ප්‍රේමදාස

අර්ජුන හා රුවන් මෙන් ඔවුන්ගේ පියා පක්ෂය පාවා නොදුන් බව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේ ය.

මිනුවන්ගොඩ නගරයේ ඊයේ (30) පැවැති ජනාධිපතිවරණ රැස්වීමක දී ප්‍රේමදාස මහතා මේ බව කීවේ ය.

ප්‍රේමදාස මහතා එලෙස කියන විට වේදිකාවේ අර්ජුන රණතුංග හා රුවන් රණතුංග මහත්වරු සිටිම ද විශේෂත්වයකි.

රෙජී රණතුංග මහතාට සිය පියා (රණසිංහ ප්‍රේමදාස මහතා) තමන් සමග එක්වන්නැ’යි ආරාධනය කළ බවත්, (රෙජී රණතුංග මහතා) කිසි විටකත් ශ්‍රීලනිප ය පාවා නොදුන් බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කීවේ ය.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ගම්පහ දිස්ත්‍රික් සම නායක ලෙස අර්ජුන රණතුංග මහතා කටයුතු කරන අතර මිනුවන්‍ගොඩ ශ්‍රිලනිප සංවිධායක ලෙස කටයුතු කළ රුවන් රණතුංග මහතා ඊයේ දින (30) සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරිමට ඔහුගේ වේදිකාවට ගොඩ විය.

Recommended For You

About the Author: Editor