‘සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ‘බොද මීදුම් වාගේ’ – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

සජිත් පේ‍්‍රමදාස මේ අවස්ථාවේ පේ‍්‍රම කරන්නේ කොපියට – ඩිලාන් පෙරේරා

‘සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ සජිත් යන්තම් ගෑවිලා තියෙනවා. නමුත් රනිල් හා යූඇන්පී එකේ ලිබරල් මතවාදය කැපීපෙනෙන මට්ටමකින් ඉදිරියට ඇවිල්ලා. මම නම් මේක දකින්නේ හීන සාප්පුවක් ලෙයසි. ඉලක්ක නැහැ. උපායමාර්ග නැහැ. බොඳ මීදුම වගේ පොඩි නවකතා පොතක් කියලා සතුටු වෙන්න පුළුවන්’

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (01) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීයි. මෙම මාධ්‍ය හමුව සදහා ඩිලාන් පෙරේරා මහතා ද සහභාගී වුණා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,

තව දවස් 16කින් මේ රටේ අනාගත ඉරණම විසදෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස නිසැකවම තේරී පත්වෙනවා.

සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ ‘සීමාවක් නැහැ’ කියන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වූවා. අපි විශ්වාස කරනවා ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සිහින මාලිගාවක් කියලා. අපි අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මදක් ප‍්‍රමාද කළේ අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොපි කරන නිසා. අපි හිතපු විදියටම අවසන් මොහොතේ වුණත්, හොදින්ම පැහැදිලි වෙන කාරණයක් තමයි අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ් තියෙන යම් යම් ප‍්‍රකාශන සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අරගෙන තිබෙන බව.

අපි වැඩපිළිවෙළක් තියෙන, දර්ශනයක් තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා. සජිත්ගේ සීමාවක් නෑ කියන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් දෙමළ ජාතික සන්ධානය සජිත්ට උදව් කරන්න ඉදිරියට එනවා කියන එක පැහැදිලිව පේනවා. රට බෙදීමේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළ දැන් කෙලින්ම එළියට ඇවිල්ලා.

සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ සජිත් යන්තම් ගෑවිලා තියෙනවා. නමුත් රනිල් හා යූඇන්පී එකේ ලිබරල් මතවාදය කැපීපෙනෙන මට්ටමකින් ඉදිරියට ඇවිල්ලා. මම නම් මේක දකින්නේ හීන සාප්පුවක් ලෙයසි. ඉලක්ක නැහැ. උපායමාර්ග නැහැ. බොඳ මීදුම වගේ පොඩි නවකතා පොතක් කියලා සතුටු වෙන්න පුළුවන්.

පොදුජන පෙරමුණේ වැඩපිළිවෙළ යථාර්ථවාදී එකක් ලෙස මහජනතාව අතරට වේගයෙන් ගමන් කරනවා. විශේෂයෙන් මෙරට සක‍්‍රීය ශ‍්‍රම බලකාය, තරුණ තරුණියන්, තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුලූවන් විදියේ වැඩපිළිවෙළක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩපිළිවෙළ හඳුනාගෙන තිබෙනවා.

ජාතික ආර්ථික කවුන්සිලයේ හිටපු ප‍්‍රධානියා පසුගිය දිනක ප‍්‍රසිද්ධ ව්‍යාපාරික තීරුවේ ලියුමක් ලියමින් කියා තිබෙනවා පසුගිය වසර හතර හමාර තුළ මෙරට ක‍්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ කවන්ධයක් කියලා. කවන්ධයක් කියන්නේ ඔලූව නැතිව ඇවිදින ක`දක් කියන එක. ඒක ඇත්ත රට ගමන් කරන ඉලක්කයන් නැහැ. එකක් පස්සේ එකක් ලෙස වැඩපිළිවෙළ විස්සක් විතර අත්හදා බැලූවා. අන්තිමට අපිට පේනවා ගහපු පදයකුත් නැහැ. බෙරේ පලූවකුත් නැහැ කියලා.

දින සියය ගත්තත්, පංචවිධ වැඩපිළිවෙළ ගත්තත්, ළගම පාසල හොදම පාසල ගත්තත් අපිට පෙනෙන්නේ වොක්ස්වැගන් කාර් කම්පැනිය දැම්ම වගේ.
පොරොන්දු විතරයි කවදාවත් ඒවා ක‍්‍රියාමාර්ගයට ගැනෙන්නේ නැහැ. බොරුකාරයන්ට තවදුරටත් ඔබගේ අනාගතය විනාශ කරන්න ඉඩ දෙන්න එපා. දහසය වැනිදා රටට ආදරය කරන දිනය කරගන්න.

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලූ බලවේග එකතු කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකම වෙදිකාවක සිටිනවා කියන්නේ මේ රටේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලපු දේ ලැබුණා කියන එකයි.

සජිත් පේ‍්‍රමදාස මේ අවස්ථාවේ පේ‍්‍රම කරන්නේ කොපියට – ඩිලාන් පෙරේරා

ජනතාව ඔවුන්ට ඕනෑ දේ මුලදිම නායකයන්ට කිව්වා. සාමාන්‍යයෙන් වෙන්නේ ජනතාව නායකයා පසුපස යෑමයි. නමුත් මෙවර ජනතාව නායකයින්ට කිව්වා පක්ෂ දෙකම එකතු වෙන්න. එහෙම කෙරුවොත් පමණයි ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙන්නෙ කියලා. එය ඊයේ පදනම් ආයතනයේ දී සිදු වුණා.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳගෙන අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගසන බව මම දිගින් දිගටම කිව්වා. අද උදේ වන විට ඒ අනාවැකිය හරි ගියා. අපි කිව්වා වගේම සියලූම සකලවිධ බලවේග එකතු වුණා.

අපි එකතු වුණා පමණක් නොවෙයි අද මේ වනවිට එකතුවට බාධා කළ අයගේ වෙස්මුහුණු ගැලවී තිබෙනවා. මොකද ඒ අය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ බෝඞ් එක ගැහුවට මේ එන්නේ පක්ෂය සුරැුකීමට නෙවෙයි. මේ එන්නේ එක්සත් ජාතික පක්ෂය සුරකින්න. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ කළේ ඇයගේ දේශපාලනය ජීවිතේ යම් දෙයක් ඉතිරි වෙලා තිබුණ නම් ඒ දේත් විනාශ කර ගන්න එකයි. තමාගේ කීර්තිමත් පියාට තමන්ගේ කීර්තිමත් මවට විශාල අවමානයක් සිදු කිරීමයි.

සජිත් පේ‍්‍රමදාස මැතිතුමාට තමාගේ කියා දේශපාලන න්‍යාය පත‍්‍රයක් නෑ. කොපි කරන එක තමයි කරන්නේ. සජිත් පේ‍්‍රමදාස මේ අවස්ථාවේ පේ‍්‍රම කරන්නේ කොපියට තමාගේ පක්ෂයේ වැඩපිළිවෙළට වැඩපිළිවෙළට හෝ කණ්ඩායමේ වැඩපිළිවෙළට හෝ ජනතාවට නොවේ. ඔහු පේ‍්‍රමදාස නොවේ දැන් කොපිදාස. බලං ඉන්නෙ එහෙන් වෙන්නෙ මොකක්ද කියන එක. කොපි කර ගන්නයි.

තව ඉස්සරහට කියයි ඇඳක් නැත්නම් ඇඳක් දෙන්නම් කොට්ටෙකුත් එක්කම මෙට්ටයක් දෙන්නම් කියයි. ,ඒ මදිවට නෝනා කෙනෙකුත් දෙනවා කියයි. මෙන්න මේ විහිළු මැතිවරණ ව්‍යාපාරයේ ඇඞ්මින් තමයි සජිත් පේ‍්‍රමදාස කියන්නේ.

මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාව ඉතාමත් විමසිල්ලෙන් සිටිය යුතුයි. මේ වෙද්දි විශාල මඩ ව්‍යාපාරයක් යනවා. ඊයේ කුරුණෑගල හා තවත් රැුස්වීමකට සජිත් පේ‍්‍රමදාස මැතිතුමා නොගියේ නොගියේ සෙන`ග හිටපු නැති නිසා. ඒ සිද්ධිය නොකියා, කුරුණෑගල නගර සභාවෙන් පොහොට්ටුවේ නගරාධිපතිවරයා ලයිට් කැපුවා කියලා නගරාධිපතිවරුන්ට ලයිට් කපන්න බලයක් නෑ.

අනිත් කාරණය ඔය කියන ක‍්‍රීඩාංගනය අයිති වෙන්නේ නගර සභාවට නෙවෙයි ක‍්‍රිකට් පාලක මණ්ඩලයට. සිද්ධියට නගරාධිපතිතුමාගේ සම්බන්ධයක් නෑ. ඒ ප‍්‍රකාශයට නීතිඥවරු අද වෙනකොටත් එන්තරවාසියක් යවා ඒ ගැන නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන තියෙනවා. අද සිට ඉදිරි දින 10 තුල විශාල මඩ ගොඩක් මවලා, මඩ ගහලා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රතිරූපයටත් මේ සාර්ථක මැතිවරණ ව්‍යාපාරයටත් බාධා කරන්න ඔවුන් පෙලඹෙනවා.

Recommended For You

About the Author: Editor