MCC ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ඕනෑ – ඇමෙරිකාව

ශ‍්‍රී ලංකා රජය සමග අත්සන් තැබීමට යෝජිත ‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුමට ශ‍්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කරගැනීම සඳහා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමතිය අවශ්‍ය බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද (01) දින නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇනෙකුත් සියලුම හවුල්කාර රටවල ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියට අනුකූලව ප්‍රදාන ආධාර ගිවිසුම අත්සන් කළ පසු ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇති බවත් එවිට ගිවිසුම සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් ලැබෙනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.

එම සමලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇති බවද තානාපති කාර්යාලය තම නිවේදනය මගින් වැඩි දුරටත් විශ්වාස පළ කරන ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම ප්‍රදාන ආධාර ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයන් මිලියන 11කට අධික පිරිසකට සෘජු ප්‍රතිලාභ ලැබෙන බවත්, ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇති බවත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor