SLMC හිටපු මහ ලේකම් හසන් අලීගේ සහාය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් සාම සන්ධානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.

ඉදිරි ජනාධීපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හසන් අලී මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් සාම සන්ධානය තීිරණය කර ඇති අතර ඒ අනුව අද (01) ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදි මෙම පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිය.

එක්සත් සාම සන්ධානය වෙනුවෙන් එහි මහ ලේකම් හසන් අලි මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුන වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

මුස්ලිම් කොංග‍්‍රසයේ මහ ලේකම් ධූරය හෙබවූ වූ හසන් අලී මහතා පසුව මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඉවත්ව එක්සත් සාම සන්ධානය බිහිකළ අතර පසුගියදා රැස්වූ එක්සත් සාම සන්ධානයේ උත්තරීතර මහා සභාව ඉදිරි ජනාධිපතිවරණයේදි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, ඩිලාන් පෙරේරා මහතා ඇතුු`ඵ පිරිසක් එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor