උතුරේ කිසිදු පක්ෂයක් සමග ‘කිසිදු ගිවිසුමක්’ සජිත්ට නෑ- රනිල් වික‍්‍රමසිංහ

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා හෝ උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් සමග රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹනැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ ප්‍රතිපත්ති හා එකඟවී නවීන හා සංවර්ධන ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන්නැයි උතුරු-නැගෙනහිර සියලූ දේශපාලන පක්‍ෂවලට ආරාධනා කළේය.

අද (03) දින යාපනයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවකට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ උතුරටත්, දකුණටත් පිළිගත හැකි සාධණීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ තම කණ්ඩායම විසින් බවය.

Recommended For You

About the Author: Editor