ඔබට දෙන සියලු පොරොන්දු ‘මම මගේ නිල කාලය තුළ’ ඉටු කරනවා – ගෝඨාභය රාජපක්ෂ

‘ඔබේ ප‍්‍රශ්නවලට විසඳුම් අපි එයින් ඉදිරිපත් කළ තිබෙනවා. මා ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නිකංම මැතිවරණ පොරොන්දු නෙමෙයි. ක‍්‍රියාත්මක කරන්න පුළුවන් ප‍්‍රායෝගික වැඩසටහනක්. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ඔබට ඉදිරිපත් කර තිබෙන සියලූම සැලසුම් සහ පොරොන්දු මගේ ධුර කාලය තුළදී අනිවාර්යෙන්ම ඉෂ්ට කරන බව ඔබට සහතික වෙනවා’

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අද (3) අත්තනගල්ලේ පැවැති ජන රැුළියේදීයි. මේ අවස්ථාවට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, සිසිර ජයකොඩි හා ප‍්‍රසන්න රණවීර යන මන්ත‍්‍රීවරුන් ද සහභාගී වුණා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද සදහන් කළා.

රටේ ආරක්ෂාව තහවුරු කරන්න, රටේ ආර්ථිකය දියුණු කරන්න රට සංවර්ධනය කරන්න තිබෙන අපේ ප‍්‍රතිපත්ති මාලාව එළි දක්වලා තිබෙනවා. අපි මේ ප‍්‍රතිපත්ති මාලාව සකස් කලේ වෘත්තිකයන් ව්‍යාපාරිකයන් සමග වගේම ගම සමඟ පිළිසඳරක් වැඩපිළිවෙළ යටතේ ඔබගේ අදහස් අරගෙනයි.

ඔබේ ප‍්‍රශ්නවලට විසඳුම් අපි එයින් ඉදිරිපත් කළ තිබෙනවා. මා ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නිකංම මැතිවරණ පොරොන්දු නෙමෙයි. එ්ක ක‍්‍රියාත්මක කරන්න පුළුවන් ප‍්‍රායෝගික වැඩසටහනක්. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ඔබට ඉදිරිපත් කර තිබෙන සියලූම සැලසුම් සහ පොරොන්දු මගේ ධුර කාලය තුළදී අනිවාර්යෙන්ම ඉෂ්ට කරන බව ඔබට සහතික වෙනවා.

රටේ ආරක්ෂාව පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරනවා. එදා ත‍්‍රස්තවාදය අවසන් කළා වගේ නැවතත් මේ රටේ අන්තවාදි ත‍්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ. එය කළ හැක්කේ අපට පමණයි කියන එකත් මම විශේෂයෙන් කියනවා. විදේශීය බලපෑම්වලට යට වෙන ඒ මතවලට අනුව ක‍්‍රියාත්මක වන, රණ විරුවන් විදේශ අධිකරණවලට ගෙනියන සම්මුතිවලට අත්සන් කළ, බුද්ධි අංශ සාමාජිකයන් හිරේ දාපු ඇමති ඇමති මණ්ඩලයකට මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ හැකියාවක් නැහැ.

රටේ කඩා වැටී තිබෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙල සෑම ක්ෂේත‍්‍රයකින්ම අප ඉදිරිපත් කර තිබෙනවා. කෘශි කර්මාන්තය වෙනුවෙන් අපි විශේෂ සහන ලබා දෙනවා. රට අහරින් ස්වයංපෝෂිත කරන්නත්,ආහාර සුරක්ෂිත තාවය තහවුරු කරන්නත් අවශ්‍ය කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ අප ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුවයි නොමිලේ පොහොර ලබා දෙන්න ලබාදෙන්න තීරණය වුණේ.ගොවි ණය කපා දමන්න දමන්නත් ගොවියා වෙනුවෙන් ගොවි රක්ෂණ ක‍්‍රමයක් ඇති කරන්නත් ගොවියා වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දෙන්නත් අපි තීරණය කර තිබෙනවා.

තරුණ පරපුරේ අසහනය දුරු කරන්න,තරුණ පරපුරට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදී, රැකියා සදහා යොමු කිරීමේ පැහැදිලි වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කර තිබෙනවා. තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව අපි ලබාදෙනවා. රටේ ආර්ථිකය දිරිගැන්වීම වෙනුවෙන් ව්‍යාපාරිකයින්ට විශාල බදු සහන ප‍්‍රමාණයක් ලබාදීම මගින් ආහාර නිෂ්පාදනය වැඩි කරන්නත්, ආර්ථිකය දියුණු කරන්නත්, රැකියා අවස්ථා වැඩි කරන්නත් සරල බදු ක‍්‍රමයක් අපි යෝජනා කර තිබෙනවා.

රටේ ආරක්ෂාව සංවර්ධනය අධ්‍යාපනය නැවතත් හරි මගට ගෙන ඒමේ වැඩපිළිවෙළක් අපට තිබෙනවා. අපි අභියෝග බාර ගත්ත කණ්ඩායමක්. මට භාරදුන් වගකීම් සියයට සියයක් මම ඉටුකර තිබෙනවා. ඉදිරියේදී මට ලබා දෙන අභියෝග සීයට සීයක් ඉටුකරන බවට මම සහතික වෙනවා. ඔබ මා ගැන විශ්වාසය තබන්න. ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් අභිමානවත් දේශයක් ඔබට ලබාදෙන්න සුදානම්. වැහි කාළගුණයක් යටතේ වුවත් අප ධෛර්යමත් කරන්නට ඔබ මෙතැනට පැමිණීම ගැන ඔබට ස්තුති කරනවා. අත්තනගල්ල ජනතාවට ජයවේවා

ඔබ ඡන්දපොළට යන්නේ ඒ වින්නඹු කටයුත්ත සඳහා – විමල් වීරවංශ

අත්තනගල්ලේ අත්තන ඇට කැවුණු කැවුණු දොන්ත බබක්කා අලූත් ගිවිසුමක් අත්සන් කරනවා දැක්කා. බැලින්නම් සජිත් පේ‍්‍රමදාස එක්ක අවබෝධතා ගිවිසුමක්. ඒ ගිවිසුමෙන් සජිත් පේ‍්‍රමදාස මහත්තයට වැඩි වුණොත් වැඩිවෙන්නේ එක ඡන්දයයි.

අද සජිත් පේමදාස කියන්නේ බ්ලූමැන්ඩල් කුණු කන්ද වගෙ. හතර වටේ තියන කුණු ඔක්කොම එකතු වෙන්නේ එතැනට. මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුණා වගේ පේ‍්‍රමදාස මහත්තයාගේ කුණු කන්දත් කඩා වැටෙනවා. එතකොට අපිට කියන්න වෙන්නේ දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත කියලා. විජය කුමාරයා කුවේණියව සරණපාවා ගත්තත් අන්තිමට කුවේණිව අතඇරිය. කුවේණි මුළු රටටම සාප කරමින් මැරිලා ගියා. අකමැත්තෙන් මහින්ද රාජපක්ෂ මහත්තයට ජනාධිපති අපේක්ෂකකම දීලා පරද්දන්න බැලූවා. පරද්දන්න බැරි වුණ දවසේ ඉඳලා වෛර කරමින් කුවේණි වගේ කුජීත වේගෙන යනවා.

මහා වීරයන්ගෙන් ඔපවත් වුණු මව් පොළොව බේරගැනීමේ උත්තුංග උතුම් කාර්යයට අපි මේ එකතු වෙලා ඉන්නේ. අද මේ රට ජවසම්පන්න නායකයෙක් ඉල්ලනවා. ජාතික ආරක්ෂාව දෙන්න පුළුවන් නායකයෙක් මව් පොළොව ඉල්ලනවා. ජාතියේ ¥ පුතුන් රකින්න පුළුවන්,ගන්න තීරණ හරියට ක‍්‍රියාත්මක කරන, පක්ෂ භේදයෙන් තොරව නීතිය ක‍්‍රියාත්මක කරන, තරුණ පරම්පරාවේ හීන පැලවෙන රටක් බවට රට පත් කළ පත් කළ හැකි දිවි හිමියෙන් රටට ආදරය කරන නායකයෙක් ගේ නායකත්ව විළිරුදාවෙන් මගේ මව් පොළොව වේදනා විඳින අවස්ථාවක් මේක.

ඔබ ඡන්දපොළට යන්නේ ඒ වින්නඹු කටයුත්ත සඳහා. පුතාණෝ කියනවා රණවිරුවන් වෙනුවෙන් සිරිසඟබෝ රජු වගේ හිස දන් දෙන්න ලැහැස්ති. සිරිසගබෝ රජතුමා හිස දන් දුන්නට පස්සේ රජ වුණේ ගෝඨාභය රජතුමා. පුතානෝගේ නියෝජ්‍ය නායක පට්ටම නැති වෙනවා.

හොඳට තිබුණු රටක් අද වලට වට්ටලා තිබෙන්නේ. අප‍්‍රියෙල් 21 රට දෙදරුම් කෑවා. කිතුනු දේවස්ථානවල හෝටල් වල බෝම්බ පිපුරුවා. ජනහදවත් ගැහෙන්න පටන් ගත්තා. මුස්ලිම් ජන සමාජය ඇතුලේ නොතිබුණු ත‍්‍රස්තවාදයකට වැඩෙන්න ඉඩ ඇරලා ඇරල බලාගෙන හිටියා. බුද්ධි අංශ අනූ හත්වතාවක් අනතුරුව අංගවල තියෙනකොට තියෙන කොටත් වගේ වගක් නැතුව මේ ආණ්ඩුව බලන් හිටිය. පුතානෝ හදන්නේ ඔරිජිනල් ආණ්ඩුවක් ලූ. මේක කසිකබල් ආණ්ඩුවක්. හැබැයි ඔරිජිනල් ආණ්ඩුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ. මුදල් ඇමති මංගල සමරවීර. වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන්.

ඔබ ඉල්ලන්නේ ජාතික ආරක්ෂාව. පුතානා් දෙන්නම් කියන්නේ සනීපාරක්ෂාව. කවුරුහරි කාන්තාවක් පුතානෝට කතිරය ගහලා ඉල්ලන්නේ ජාතික ආරක්ෂාව නෙමෙයි වෙන ආරක්ෂාවක්. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තරඟ කරන අවස්ථාවේ දී පියාණෝ කිව්වේ සිරිමාවෝ මැතිනිය අගමැති වුනොත් අගමැති පුටුව මාසෙකට වතාවක් හෝදන්න වෙනවා කියලයි. ඒ විදිහටයි පුතානෝ ගේ පියාණෝ කාන්තාවට ගරු කළේ.

යුද්ධයක් පවතින අවස්ථාවේ ද රටේ ආර්ථික වර්ධන වේගය සියයට 6ට වැඩිය පවත්වා ගෙන යන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකි වුණා. ඒ කාලේ ත‍්‍රීවිල් එලවන මනුස්සයට මීට වැඩිය හයර් තිබුණා. බිස්නස් මීට වැඩිය තිබුණා. නිදහසේ කර්මාන්ත කරගෙන යන්න හැකියාව තිබුණා.

මේ ආණ්ඩුව ආවට පස්සේ හැදුවේ පාරවල් හතරයි. දුප්පතාට බ්ඬේ පාර. ව්‍යාපාරිකයාට බදු දාලා කනේ පාර. මහා සංඝරත්නයට කාදිනල් තුමන් ට මඩ පාර. ඊළඟට මිනිස්සුන්ට බෝම්බ පාර. මේ වසර 4ට කරලා තියෙන්නේ ඔය ටික විතරයි. පුතානෝ වැරදිලා හරි ජනාධිපති වුණොත් ඊළඟට හදන්නේ ඊළමට පාර.

දෙමළ ජාතික සන්ධානයේ ඡුන්දය ලැබෙන්නේ සජිත් පේ‍්‍රමදාසට කියලා මනෝ ගනේෂන් කියනවා. බෞද්ධ වෙහෙර විහාර අයින් කරන කොන්දේසියට උතුර නැගෙනහිර වෙන් කරන කොන්දේසියට සිංහල ජනතාව එළවන කොන්දේසියට එකඟ වෙලා තමයි පේ‍්‍රමදාසට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය දෙන්නේ. උන්නැහේ වැරදිලා වත් වැරදිලාවත් මේ රටේ ජනාධිපති වුණොත් කැපෙන්නේ ඊළමට පාර.

මේ තමයි ජාතියක් ලෙස ඔබ සියලූ දෙනා එකට සිට ගන්න ඕන අවස්ථාව. පැරණි පාට කණ්නාඩි පැත්තකට දමලා ජාතියේ නාමයෙන් ඡුන්ද පොළට යන්න. පුතානෝට තියෙන්නේ තමන් ගැන පම්පෝරිය. මට හොඳ බුද්ධියක් තියෙනවා හොඳ දැනුමක් තියෙනවා මට හොඳටම වත් තියෙනවා.මම විතරයි.හිටපු ගමන් මේ සජිත් පේමදාස කියනවා.රණසිංහ පේමදාසගේ ජාන කියනවා.අපිට මොකද කාගේ ජාන උනත්. දහසයවෙනි දාට තෝරන්නෙ කවට අධිපති නෙමෙයි.

චන්ද්‍රිකාට කුද ගහගන්න කියල ශ‍්‍රීලනිපය අපිත් එක්ක එකතු වුණා – වාසුදේව නානායක්කාර

අපි අද ලොකු සන්ධානයක් හදාගෙන තිබෙනවා. චන්ද්‍රිකා මැතිනියට කුද ගහගන්න කියල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතු වුණා. මේ රට අභිමානය රැුක ගත්තු රටක්. සිරිමාවෝ මැතිනිය අපේ රටේ අගමැතිනිය වූ අවස්ථාවේ මේ රට ලෝක පූජිත රටක් බවට පත් වුණා. නොබැඳි සම්මේලනය නායිකාව බවට පත් වුණා. අපි කිසිදු බලගතු රටකට යට වුණේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කරවීමට අපට අවශ්‍ය කරුණු තිබෙනවා. එකක් අපේ රටේ අභිමානය නැවත මතුකර ගැනීම. අපේ අධිකරණය, ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය පාලන තන්ත‍්‍රය මේ සියල්ලක් ම මානව හිමිකම් කොමිසමේ අධීක්ෂණයෙන් ගලවා ගන්න ඕනේ. එය මේ රටේ ජාතික නිදහස උල්ලංඝනය කිරීමක්. අපේ රටේ ජාතික නිදහස, අභිමානය අපි නැවත ලබාගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි ගෝඨාභය රාජපක්ෂ දිනවමු.

ගෝඨාභය රාජපක්ෂ මහතා, සජිත් පේ‍්‍රමදාස වගේ නිකරුනේ කයිවාරු ගහන මිනිහෙක් නෙවෙයි. ප‍්‍රචණ්ඩත්වය, අන්තවාදය, ත‍්‍රස්තවාදයට එරෙහිව සියලූම ජනවර්ග වලට එකමුතුව සිටීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දින විය යුතුය. ඒ වගේම මත්කුඩු භාවිතය වැඩිවෙමින් තිබෙනවා. මේ නිසා අපේ තරුණ පරපුර විනාශ වෙමින් තිබෙනවා. අද තිබෙන සමාජ අසහනයෙන් බේරෙන්න බැරුව තරුණ තරුණියෝ අමුතු ලෝකයක තනිවෙන්න යොදාගන්න උපක‍්‍රමයක් ලෙස මෙය හඳුනා ගන්න පුළුවන්. මේ නිසා ජාතික ආරක්ෂාවේ මහ පවුර ඉදිකරමින් මත් උවදුර අවසන් කළ යුතුයි.

අපි කනබොන පාවිච්චි කරන හැම දේටම අය කරන බද්ද 15% දක්වා වැඩි කරන්න මේ ආණ්ඩුව පියවර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා මේ බද්ද 8% දක්වා අඩු කරමින් ජනතාවට සහන ලබා දෙන බව. මෝඩ පේ‍්‍රමදාස මහත්තයගෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙයි කතාවල පරස්පරතාවය හඳුනාගන්න.

මහ බැංකුව හොරකම් කරලා රටත් කාලා අපේ අභිමානයක් නැති කරලා දැන් අලූත් ඇඳුමක් ඇඳගෙන පේ‍්‍රමදාස ඉදිරියට ඇවිත් අලූත් රටක් හදනවා ලූ. එදා මේ රට විනාස කරපු ටීම් එකේ දෙවනියා සජිත් පේ‍්‍රමදාස. අපේ චෝදනා පත‍්‍රය ට උත්තර එයාගෙ ළඟ නැහැ. ඔබේ අඳුරට ආලෝකයක් දෙනවා කියනවා. බදු බර වැඩි කරන්න පංගුකාරයෙක් වෙලා මෙහෙම කියන්නේ. රටේ අභිමානය විනාශ කරපු විදේශ ඇමතිවරයාට එරෙහිව වචනයක් කතා නොකරපු පේ‍්‍රමදාස ඒ ගැන වචනයක්වත් සඳහන් කරන්නේ නැහැ. වේගවත්ව කටහඬ උස්සලා වචන පිට කරාට ඒ වචන වල වටිනාකමක් නෑ.

සජිත් පේ‍්‍රමදාස බුලත්සිංහල ජනතාවට කියනවා ඩිජිටල් තාක්ෂණයෙන් බුලත්සිංහල බබළවනවලූ. ඊට වඩා හොඳ නැද්ද දෙනවා කියපු ෆ‍්‍රී වයි.ෆයි දුන්නා නම්. කොළඹින් පිට ජනයාට තවමත් අන්තර්ජාල පහසුකම් නෑ.

ගෝඨාභය රාජපක්ෂ යුද්ධයට බයේ පැනලා ගියේ නෑ – සිසිර ජයකොඩි

මඩ ප‍්‍රචාර, බොරු ප‍්‍රචාර එක දිගට එනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවෙන් පැනලා ගියාලූ. යුද්ධයට දායක වුණේ නැහැලූ. 1971 හමුදාවට බැඳිලා අවුරුදු විස්සක් හමුදාවේ සේවය කරලා විශ‍්‍රාම ගියේ. එතුමා යුද්දෙට හැංගුනේ නැහැ.

මහින්ද රාජපක්ෂ මහත්තයා රට බාර ගන්න අවස්ථාවේ ලේ විලක් වෙලා තිබුණු රට, ආරක්ෂා කරපු නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. ඇමරිකානු එක්සත් ජනපදයට අපේ රටේ ඉඩම් ටික පවරා දීමේ ගිවිසුමට ආණ්ඩුව අත්සන් කරන්න සූදානම් වෙනවා.

දේශීය, විදේශීය ඔත්තු සේවාවන් කියනවා. වැඬේ වැරදුනා. සජිත් පරාදයි. ඒ නිසා ඉක්මනට ඉඩම් ටික පවරා ගැනීමේ ගිවිසුම අත්සන් කරන්න කියලා. සිරිසගබෝ රජතුමා වගේ හිස දන් දෙනවා කියල සජිත් කියනවා. පුළුවන්නම් ඔය ගිවිසුම අත්සන් කරන්න එපා කියලා කැබිනට් මණ්ඩලය ඉස්සරහට ගිහින් කියන්න කියලා අපි සජිත් පේ‍්‍රමදාසට අභියෝග කරනවා.

රට පාවාදෙන පිල සහ රට බේරාගන්න පිල අතර තරඟයක් අද තිබෙන්නේ – ප‍්‍රසන්න රණවීර

රට පාවාදෙන පිල සහ රට බේරාගන්න පිල අතර තරඟයක් අද තිබෙන්නේ. සජිත් පේ‍්‍රමදාසගේ පිලේ ඉන්නේ මේ රටේ ජාතික වන සම්පත කපන රිෂාඞ් බදුර්දීන්, රට බෙදුම්වාදය කරා ගෙනයන සුමන්දිරන්

රටේ අතමිට සරු ආර්ථිකයක් ගොඩනගන්න කියලා හොරකම දුෂණය ගැන කතා කරලා බලයට ඇවිත් පෙබරවාරි 27 මහ බැංකුව හොරාකාපු රවී කරුණානායක, රනිල් වික‍්‍රමසිංහලා තමයි ඒ කඳවුරේ ඉන්න.

නිදහසේ අපිට ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්න රණවිරුවන්ට අපහාස කරන ගාමිණි වියන්ගොඩලා ඒ පිලේ ඉන්නවා. මේ ගොඩට දැන් තව කෙනෙක් එකතු වෙලා ඉන්නවා. අපි කැලණියෙන් එලවපු, මිනිස්සුන්ව ගස් බැඳපු කෙනා. මේ සියලූම දේ තේරුම් අරගෙන 16 වෙනිදට පොහොට්ටුවට විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්තනගල්ලෙන් අත්කර දෙන්න.

Recommended For You

About the Author: Editor