රජයේ සේවකයින්ගෙන් සියයට 80ක් පොහොට්ටුවට ඡන්දය දුන්නා – මහින්ද රාජපක්ෂ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමුවක් අද (3) කටුගම්පොළදී පැවැත් වුණා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම ජනරැළිය සදහා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, අනුර ප‍්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටියා. එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රීලපොපෙ නායකයින් පැවැත් වූ ‘සම්පූර්ණ කතා’ පහත පළ වෙනවා.

‘රජයේ සේවකයන්ගෙන් සියයට 80ක් පොහොට්ටුවට ඡන්ද ලැබුණේ – මහින්ද රාජපක්ෂ

ප‍්‍රතිවාදී කණ්ඩායම් අද විවිධ බොරු ප‍්‍රචාර ගෙනයනවා. සජිත්ගේ රැුස්වීම්වලට සෙනඟ නැති වුණාම සෙනඟ ආවේ නැහැ කියන්නෙ නැතුව බොරු ප‍්‍රචාර ගෙන යනවා. බොරු කරන යුගය දැන් අවසන්. ඒ නිසා තමයි රජයේ සේවකයන්ගෙන් සියයට 80ක් පොහොට්ටුවට ඡුන්ද ලැබුණේ. අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග එක්වෙලයි තරග කරන්නේ. අපි දෙගොල්ලො එකතු වෙලා නිසා සියයට හැත්තෑවකට වැඩි ප‍්‍රතිශතයකින් ජයග‍්‍රහණය කරනවා.

මේ රට ගොඩනැඟීම, රැකියා, අධ්‍යාපනය, කෘෂිකර්මය ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍රවල ගැටලූ විසඳන ආකාරය අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂ අවධානය යොමුකර ආර්ථිකය ගොඩනඟන්නට අපට වැඩපිළිවෙළක් තිබෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන ජනතාවක් සිටිනවා. බෝග නිෂ්පාදනය වැඩිකරන්නයි වී ගොවිතැනට පමණක් නොව අනෙකුත් බෝගවලටත් නොමිලේ පොහොර ලබාදීමට තීරණය කළේ. අපේ ආණ්ඩුව රුපියල් 350 ට පොහොර දුන්නා. මේ ආණ්ඩුව ආපු ගමන් පොහොර සහනාධාරය කැපුවා. එපමණක් නොවෙයි කුඔුරු වැඩියි කියා අක්කර ලක්‍ෂයක් ගොවිතැන් කිරීම නතර කළා.

මෙවැනි තත්ත්වයක් ඇති කළ නිසයි නැවත පිටරටින් හාල් ගෙන්වන්න සිදුවුණේ. එතෙක් මේ රට සහල්වලින් ස්වයංපෝෂිතවී තිබුණා. වී ගබඩා පිරිලා තිබුණා. මේ අය අන්තිමට මත්තල ගුවන් තොටුපොළෙත් වී ගබඩා කළා. ගුවන් තොටුපොළක වී ගබඩා කළ ලෝකයේ රටක් තිබෙනවා නම් ඒ එකම රට ලංකාවයි. ඒ වගේම ගුවන් තොටුපොළකට ගුවන් යානා එවන්න එපා කියලා නතර කරපු ලෝකයේ රටක් තිිබෙනවා නම් ඒ එකම රටත් ලංකාවයි. මේවා කළේ රනිල් ඇතුළු ඔහුගේ ගජ මිතුරන්. දැක්මක් නැති නිසා තමයි අද රට මේ තත්ත්වයට වැටී තිබෙන්නේ.

මේ රටේ ගොවිතැන දියුණු කරනවා වගේම කර්මාන්ත ඇති කිරීමට අපි විශේෂ අවධානය යොමු කරනවා. ඇඟලූම් කර්මාන්තයේ යෙදී සිටින සේවක සේවිකාවන්ට වෘත්තීය අයිතීන් විතරක් නොවෙයි ඔවුන්ට වඩා හොද ජීවන තත්ත්වයක් ගෙනදෙන වැඩපිළිවෙළක් ඇතිකරනවා. ඒ වගේම තරුණ තරුණියන් ආකර්ශනය කරන රැුකියාවක් බවට පත්කිරීම කළ යුතුව තිබෙනවා. විශාල වශයෙන්් ලංකාවට විදේශ විනිමය ගෙනෙන කර්මාන්ත අපි ගොඩනඟනවා. මේ ප‍්‍රදේශයේ ඇති කරනවා කියපු ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව තියෙනවද? දැන් අපි කියලා තියෙනවා මාස හයක් ඇතුළත ෆොක්ස්වැගන් බැරි නම් ඕන කාර් එකක් එළියට දාන්න නැතිනම් ඉඩම ආපසු ගන්නවා කියලා. ඒක බොහොම පැහැදිලිවම කියනවා මේ විදිහට ඉඩම් පිට රටට දෙන්න පුළුවන්කමක් නැහැ.

වත්මන් ආණ්ඩුව බලයට ඒමට දුන් පොරොන්දු ඉටුකර නැහැ. ජනතාවට නොලැබුණ දේ බෙහෝ්මයි. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් හොරකම් කරන්න පටන් ගත්තා. මහ බැංකුව කොල්ලකාල පටන් ගත්ත හොරකම දිගටම කරගෙන ගියා. ඉන්පසු රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමට පටන් ගත්තා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපොළ විකුණන්න දාලා. දැන් සජිත් පේ‍්‍රමදාස වේදිකාවේ ඉඳගෙන රටට විහිලූ සපයනවා. තමන් නියෝජනය කරන දිස්්ත‍්‍රික්කය, ආසනය තියා ප‍්‍රාදේශීය සභාවවත් දිනාගන්න බැරි කෙනා ජනාධිපති වෙන්න තරගකරනවා. මීට වඩා විහිලූවක් තියෙනවද? ජනතාව මේවා පිළිබඳ අවබෝධ කරගෙන වැඩකළ යුතුයි.

මේ රටේ පවුල් දේශපාලනය කවදත් තිබුණා – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

අශෝක් අබේසිංහලා නලින් බණ්ඩාරලා එකතු වෙලා සංවිධානය කළ කුරුණෑගල පැවැත්වුනු රැුළියට සෙනග නෑ එන්න එපා කියලා සජිත්ට පණිවුඩ දුන්නා. සජිත් එන්නේ නැතිව හෙළිකොප්ටරයෙන් ආපසු ගියා. දැන් කුරුණෑගල නගරාධිපතිට මඩගහනවා විදුලිය කැපුවා කියලා. විදුලිය කපන්න පුළුවන් විදුලිබල ඇමතිට විතරයි. දැන් සජිත් කියනවා රාජපක්‍ෂවරු පවුල් දේශපාලනය කරනවා කියලා. ඔය කියන සජිත්ගේ පියා ජනාධිපති වුණේ නැතිනම් සජිත්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද? මේ රටේ පවුල් දේශපාලනය කවදත් තිබුණා. සේනානායකවරු, බණ්ඩාරනායක, සිරිමාවෝ මැතිනිය, චන්ද්‍රිකා මහත්මිය, ගාමිණී දිසානායකලා මේ කවුරුත් පවුල් දේශපාලනය කළ අයයි.

අප රට පාලනය කරපු හැමදෙනාටම වැඩිය මේ රටට සේවයක් කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්‍ෂවරුන්. දිනන්න බෑ කියපු යුද්ධය දිනුවා. හදන්න බෑ කියපු රට හැදුවා. රැුකියා දුන්නා. අධිවේගී මාර්ග ඇතුළු මංමාවත් හැදුවා. රෝහල්, පරිගණක විද්‍යාගාර, වරායවල්, ගුවන් තොටුපලවල්, ජල යෝජනා ක‍්‍රම, විදුලි බලාගාර ඇතුළු බොහෝ සංවර්ධන වැඩ කලා. ඒ නිසා තමයි මේ රටේ ජනතාව එතුමාට අසීමිත ලෙස ආදරය කරන්නේ. ඒවාට ඉරිසියා කරලා වෛරී කරලා වැඩැක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ රටට හරි නායකයෙක් තෝරා ගන්න. යළිත් පේ‍්‍රමදාස යුගයක් අවශ්‍ය නැහැ. එදා තිබූ භීෂණකාරී පේ‍්‍රමදාස යුගය රටේ කාටවත් අමතක නැහැ.

ගෝඨාභය කකුල් මාට්ටු දාලා අපේක්‍ෂකත්වය ගත්තේ නැහැ – අනුර ප‍්‍රියදර්ශන යාපා

ඉදිරි ජනාධිපතිවරණය හරහා අලූත් නායකයෙක් රටට බිහි වෙනවා. අද සියලූම නායකයන් ජයග‍්‍රහණය උදෙසා එකට එකතු වෙලා සිටිනවා. රටේ ප‍්‍රවීන කලාකරුවන් ඇතුළු බොහෝ පිරිස් අප සමඟ එකතු වෙලා තිබෙනවා. ජාතිබේදය ඇති කළේ අපේ ආණ්ඩුව කියලා බොහෝ දෙනෙක් කියනවා. නමුත් අපේ ආණ්ඩුව තමයි ජාති බේදය නැති කළේ. එදා එජාප රජය තමයි ජාතිවාදය නිර්මාණය කළේ. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ කවුද? එහෙම කළ අය තමයි අපට ජාතිවාදී ලේබලය අලවා තිබෙන්නේ.

අනාගතය ගැන විශ්වාසයක් තියන්න බැහැ. ජනතාව මාර අවුලක ඉන්නේ. ජීවන වියදම වැඩි වෙලා. ජනතාවට බදු බැර වැඩි කළා. බදු පිට බදු පටවමින් ජනතාව දැඩි පීඩනයකට පත් කරලා. එදා වැස්සට තෙමෙමින් යන විට කාර් එකක් ගන්න පුළුවන් කිව්වා. නමුත් අද කාර් එකක් කෙසේ වෙතත් යතුරු පැදියක්වත් ගන්න පුළුවන්ද? අද මේ අයට කාර්, මෝටර් සයිකල් දෙනවා කියලා පොරොන්දු වෙන්න බැහැ. ඒ නිසා තමයි පෑඞ් දෙන්න පොරොන්දු වෙලා තිබෙන්නේ.

ගෝඨාභය මහතා කකුල් මාට්ටු දාලා අපේක්‍ෂකත්වය ගත්තේ නැහැ. එතුමා අවුරුදු හතරක් තිස්සේ විද්වතුන් සමඟ එකතු වෙලා සැලැස්මක් හදලා රටේ ප‍්‍රශ්න විසඳීමට හැකි වැඩපිළිවෙළක් සහිතවයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිටින්නේ. එතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එජාපයේ ප‍්‍රතිපත්තිය සමඟ සසඳන්න. එවිට තේරෙනවා එතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සහ සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අතර තිබෙන වෙනස කුමක්ද කියලා. දේශපාලන පළිගැනීම් කළ ආණ්ඩුවක්. වරදක් කළා නම් දඬුවම් දිය යුතුයි. නමුත් වැරදි පටවලා නඩු දැම්මා. ජනතාව රනිල් – සජිත් සුසංයෝගය පිළිගන්නේ නැහැ. ගෝඨා – මහින්ද සුසංයෝගය රටේ ජීවත් වන ජනතාව පිළිගන්නා සුසංයෝගයක්. දුෂ්ඨ ආණ්ඩුව පළවා හැරීමේ පළමු වෙඩි මුරය නොවැම්බර් 17 වැනිදායින් පසුව ආරම්භ කරනවා.

Recommended For You

About the Author: Editor