MCC ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්නේ අත්සන් කළාට පසුවයි – මංගල

ගිවිසුමේ පිටපත මාධ්‍ය වෙත

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

මහජනතාව ඇතුළු අවශ්‍ය සියලු දනාගේ විචාරය පිණිස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එය නිවැරදි ‍යයි නීතිපති විසින් එකඟතාවය පළ කර ඇති එම ගිවිසුමේ පිටපත   මාධ්‍ය වෙත  මෙසමග නිකුත් කර ඇතිබවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති ඇතමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පිළිබඳව උත්තරීතර ආර්ලිමේන්තුවේ විවාද කළ නොහැකිය.

මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගතවේ. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වේ යැයි සිතන ඕනැම පුරවැසියෙකුට එයට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාව පවතියි. දැනට මේ සඳහා නීතිපතිගේ එකඟතාවය ලැබී ඇති බැවින් මෙම ගිවිසුමට අත්සන් තබීමේ නීතිමය ගැටලු කිසිවක් නොමැත

ඇමරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව ජනතාව තුළ භීතිකාවක් මවන පුද්ගලයන්  මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළිකල  හෙළිකළ යුතු යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත අවධාරණය කරයි.

Recommended For You

About the Author: Editor