ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ‘තවත් දේශපාලන පක්ෂ 14ක්’එක් වෙයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග තවත් දේශපාලන පක්ෂ 14ක් අද අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීය.

මිරිහාන පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදි අද (04) මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදු කෙරුණු අතර මේ වන විට දේශපාලන පක්ෂ 41ක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබේ.

ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා, අකිල ඉලංෙගෙයි ද්‍රවිඩ මහා සභාව වෙනුවෙන් සභාපති ආචාර්ය කේ. විග්නේෂ්වරන් මහතා, ශී‍්‍ර ලංකා ටෙලෝ පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ටී. උදයරාසා මහතා, ශී‍්‍ර ලංකා ජනතා ජාතික පක්ෂය වෙනුවෙන් එහි ලේකම් එන්. විෂ්ණුකාන්ත් මහතා, ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ජයන්ත විජේසිංහ මහතා, එක්සත් ජනතා ජාතික පක්ෂය වෙනුවෙන් එහි ලේකම් නිහාල් පේ‍්‍රමකුමාර මහතා, ඉන්දීය සම්භවයක් ඇති ජනතා පක්ෂය වෙනුවෙන් එහි ලේකම් රශිඩා භානු රසාඞ් මහත්මිය අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා පක්ෂය වෙනුවෙන් එහි ලේකම් වි. ජි. යෝගරාජා පිල්ලේ මහත්මිය, දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි ලේකම් සුගත් හේවා පතිරණ මහතා, ප‍්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ඉන්දික පෙරේරා මහතා, ජාතික පෙරමුණ වෙනුවෙන් එහි සභාපති රංජිත් පිරිස් මහතා, එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පක්ෂය වෙනුවෙන් එහි සභාපති කපුගෙදර රෝහිත නවරත්න මහතා, එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් එහි ලේකම් රුවන් තිලක පේදුරුආරච්චි මහතා, දේශප්‍රේමී ප‍්‍රගතිශීලී ජනතා පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සිරිසේන රාජපක්ෂ මහතා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රසය වෙනුවෙන් එහි ලේකම් ප‍්‍රභා ගනේෂන් මහතා ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් අවබෝධතා ගිවිසුම් ස`දහා අත්සන් තැබීය.

Recommended For You

About the Author: Editor