කාන්තාවෝ මගෙන් බලාපොරොත්තු වන ප‍්‍රධාන දේ ‘ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි’ – ගෝඨාභය රාජපක්ෂ

‘කාන්තාවන් වෙනුවෙන් අපි අපේ විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මම රට පුරාම යන කොට කාන්තාවන් වැඩි පුරම ඉල්ලන්නේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න කියලයි’

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (5) ගලගෙදර, හතරලියැද්ද බස් නැවතුම්පොළේ පැවැති ජනහමුවේදීයි. මෙම ජනහමුවට මහින්ද රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් පිරිසක් සහභාගී වුණා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා,

රට හදන සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පසුගිය විසිපස් වැනිදා අපි ඔබට ඉදිරිපත් කළා. ගෙවුනු වසර හතර තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, බුද්ධිමතුන් සියලූ දෙනා එකතුවෙලා රටේ තියෙන ප‍්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් වශයෙන් ඉදිරිපත් කරපු කරුණු සහ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ඔබේ අදහස් ලබා ගනිමින් ඉදිරිපත් කළ ප‍්‍රායෝගික වැඩසටහනක් එහි සඳහන් වෙනවා.

මේ හුදෙක් මැතිවරණ සඳහා දුන් පොරොන්දු පමණක් නෙවෙයි ක‍්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක්. මේ සියලූ දේවල් මගේ ධුර කාලය ඇතුළත අවසන් කරන බවට පොරොන්දු වෙනවා.

අද සියයට තිස්තුනක් පමණ ජනතාව කෘෂිකර්මාන්තයේ නියැළෙනවා. අපේ සංස්කෘතිය ඉතිහාසය සමඟ බැඳුණු කෘෂිකර්මය වෙනුවෙන් ගොවි ජනතාව නඟා සිටුවීමටත්, වැවිලි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මෙහි සදහන් වෙනවා. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ගොවි ජනතාව වෙනුවෙන් සහන රැුසක් ලබා දීමට යෝජනා කර තිබෙනවා. ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්න, ගොවියා ජීවත් කරවන්න තමයි අපි පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙන්නේ.

විවිධ හේතු නිසා ගොවි ජනතාව ණය බරින් මිරිකී සිටිනවා නම් ඔවුන්ගේ ණය සම්පූර්ණයෙන් කපා හරින්න අපි තීරණය කර තිබෙනවා. ගොවියා වෙනුවෙන් ගොවි රක්ෂණ ක‍්‍රමයක් ලබා හ`දුන්වා දෙනවා. විශ‍්‍රාම වැටුපක් ලබා දෙනවා. වියදම අඩු කරගෙන කුඩා ඉඩකින් වැඩි ආදායමක් ලබා දීමේ තාක්ෂණික දැනුම, ජල කළමනාකරණය, පොහොර කළමණාකරනාකරණය වගේම හොඳ බීජ භාවිතය වැනි දේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.

ගොවියා වෙහෙස වී වැඩ කළත් හැමදාම දුප්පත්. ගොවියා අද සිටින තත්ත්වයෙන් ඉදිරියට ගෙන ගොස් ව්‍යවසායකයෙක් බවට පත් කිරීමත් අපගේ අරමුණක්. නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත ඇති කරමින්, ඒ කර්මාන්ත දියුණු කරන්නත් අපි අත හිත දෙනවා.

දේශීය වැවිලිකරුවා පිළිබඳව කිසිම අවධානයක් මේ රජය යොමු කරන්නේ නැති නිසා, තේ කර්මාන්තය කඩා වැටිලා තිබෙනවා. තේ කර්මාන්තයේ යෙදි සිටින කම්කරුවාගේ සිට සුළු හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් දක්වා, තේ කර්මාන්ත ශාලා හිමිකරුවන් දක්වා, අද අසීරුතාවයට පත්ව සිටින්නේ ගුණාත්මකභාවයෙන් අඩු තේ ගෙනැවිත් අපේ හොඳ තේ සමග මිශ‍්‍ර කිරීම නිසයි.

ලංකාවේ සිලෝන් ටී වෙළඳ නාමය අද ලෝකෙ හතර වෙනි තැනට වැටිලා. අපි නැවතත් අපේ ගුණාත්මක තේ සඳහා වූ නාමය සිලෝන් ටී වලට තිබෙන අගය වැඩි කරලා තේ කර්මාන්තය ඉහළට ගන්න අවශ්‍යයි. වසර ගණනාවක් අපේ ප‍්‍රධාන රටේ විදේශ විනිමය උපයන්නේ තේ මගින්. තේවලට ගුණාත්මකභාවය වැඩි කරලා අගයක් එකතු කිරීම හරහා තේ කර්මාන්තයේ නියැළී සිටින සෑම කෙනෙකුගේම ආදායම වැඩි කරන්න අපි පියවර ගන්නවා.

ගුණාත්මක ගම්මිරිස් අපේ රටේ තිබුණත්, නමුත් විදේශ රටවලින් ගුණාත්මකභාවයෙන් අඩු ගම්මිරිස් ගෙනවිත් ප‍්‍රති අපනයනය කිරීම නිසා අපේ දිස්ත‍්‍රික්ක 8ක ගම්මිරිස් කර්මාන්තයේ යෙදිලා සිටින පිරිස් අතරමං වෙලා සිටිනවා. මෙවැනි බාල බෝග වර්ග ලංකාවට ගෙන ඒම අපි නතර කරලා ගම්මිරිස්වලට තිබුණු වෙලෙ`දපොල නැවත දිනා ගැනීමට අපි පියවර ගන්නවා.

ඒ වගේම කුරුදු ආදී මෙවැනි බෝග වර්ග සඳහා තාක්ෂණය මගින් වියලීම, ගබඩා කිරීම, ඇසිරීම, ප‍්‍රවාහනය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම මගින් වැවිලි කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව අපට තිබෙනවා. අපි මේවා පිළිබඳ අධ්‍යයනය කළ කණ්ඩායමක්. දේශීය ගොවියා ආරක්ෂා කිරීම ගැනයි අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තියෙන්නේ.

ඒ වගේම 70% ක් වූ ග‍්‍රාමීය ජනතාව ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් අපි යෝජනා කර තිබෙනවා. ග‍්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම, මාර්ග දියුණූ කිරිම, පිරිසිදු පානීය ජලය ලබාදීම ආදියට අපි ප‍්‍රමුඛතාවය දෙනවා. පිරිසිදු පානීය ජලය නොමැතිකම නිසා වකුගඩු රෝගය වැනි රෝග ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ අපි පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා විවිධ ක‍්‍රියාදාමයන් ක‍්‍රියාත්මක කළා. ඒ කාලයේ වගේම ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දීමේ වැඩසටහන් අපි නැවතත් දියත් කරනවා.

ඒ වගේම ග‍්‍රාමීය සෞඛ්‍ය දියුණු කිරීම මගින් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන ඒමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඩෙංගු පැතිරිලා. කසළ කළමනාකරණය නිසි ලෙස නොකිරීම මෙයට හේතුවක්. නමුත් කසල කළමනාකරණය සඳහා වූ නිසි තාක්ෂණ ක‍්‍රමවේද ලෝකයේ තිබෙනවා. අපි සෑම ප‍්‍රාදේශීය සභාවකටම කසළ කළමණාකරණය සදහා ආයෝජන ලබා දෙනවා. ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම මගින් රෝග පැතිරීම වළක්වාලීම සඳහාත් කසළ කළමනාකරණයට මගින් අවස්ථාව ලැබෙනවා.

කාන්තාවන් වෙනුවෙන් අපි අපේ විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මම රට පුරාම යන කොට කාන්තාවන් වැඩි පුරම ඉල්ලන්නේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න කියලයි. ස්වාමි පුරුෂයා රැුකියාවට ගියාම, දරුවා පාසලට ගියාම ඔවුන්ගේ ආරක්ෂාව ගැන තැවෙන්නේ කාන්තාවයි. මේ රටේ ආරක්ෂාව තහවුරු කළේ අපියි. තිස් වසරක් පැවති යුද්ධය අවසන් කර නැවත ත‍්‍රස්තවාදයක් හිස ඔසවන්නේ නැති විදිහට සැලසුමක් අපි දියත් කළා. මේ ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාවට කිසිම ප‍්‍රමුඛත්වයක් නොදී රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශ නිලධාරීන් සිර ගත කළා. මේ නිසා තමයි නැවතත් බෝම්බ පිපිරීම් සිදු වුණේ.

ජනතාව තුළ විශ්වාසය ඇති වෙලා සියලූ දෙනා බියෙන් සිටින්නේ.
නැවත අපේ රජයක් පිහිටුවීමෙන් පසුව මේ රටේ කිසිදු අන්තවාදයකට ත‍්‍රස්තවාදයකට හිස ඔසවන්නට මා ඉඩ තියන්නේ නැහැ. ඔබේ ආරක්ෂාව තහවුරු කරනවා. කාන්තාවට බියකින් තොරව තමන්ගේ දරුවා පාසලට යවන්න හැකියාව ලැබෙනවා.

තමන්ගේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙනවාද යන්න ගැන වඩාත් සැලකිලිමත් සැලකිලිමත් වෙන්නේ කාන්තාවන්. අපි දීර්ඝකාලීන හා කෙටි කාලීන ගුණාත්මකභාවයෙන් යුතු අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කරනවා.
ප‍්‍රදේශවාසීන් හමුවෙලයි මම මෙතැනට ආවේ. ප‍්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයක් විරැුකියාව නිසා අසහනයෙන් සිටින බව ඔවුන් මා සමග සඳහන් කළා. කලා අංශයෙන් උපාධිය ලබා රැුකියාවක් නැතිව සිටින තරුණයින් වැඩිපුර සිටින බව ඔවුන් සඳහන් කළා. තොරතුරු තාක්ෂණය විෂය ඇතුළත් කරමින් පාඨමාලා සකස් කළ යුතුයි. කලා අංශයෙන් ඉගෙන ගත්ත දරුවන්ටත් තොරතුරු තාක්ෂණය ආශී‍්‍රත රැුකියා ලබා දීමේ හැකියාව තිබෙනවා.

ඉන්දියාවේ සිට චීනය දක්වා වූ රටවල තාක්ෂණය අතින් විශාල දියුණුවක් ලබා සිටිනවා. තොරතුරු තාක්ෂණයේ යෙදී සිටින සමාගම සමග සාකච්ඡුා කළා ම ඩොලර් බිලියන 1 ක පමණ ආදායමක් ඔවුන් රටට ගේන බව සටහන් කරනවා. මෙය ඩොලර් බිලියන තුනක් දක්වා ඉදිරියට ගෙන ගෙන යාමේ හැකියාව අපට තිබෙනවා. ඒ සඳහා අපේ තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි.

සංචාරක ක්ෂේත‍්‍රය දියුණූ වෙන කොට භාෂා පරිවර්තකයන්, කළමණාකරුවන් සදහා හෝටල් ක්සේත‍්‍රයේ විශාල ඉල්ලූමක් තිබෙනවා. අපි මේ සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම කළ යුතුයි.

කාන්තා හිංසනය නතර කිරීම සඳහා අපේ අවධානය යොමු කරනවා. ගෙදර ජීවන වියදම වැඩි වුණාම වැඩියෙන් තැවෙන්නේ කාන්තාව. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ක්ෂණික පිළීයමක් විදියට සහන පැකේෂයක් ලබා දෙන බව අපි කිව්වා. අපි බලයට පත් වූ විගස ඔබට ඒ සහන පැකේෂය ක්ෂණික විසදුමක් ලෙස ලබා දෙනවා. ආබාධිත ලෙස හ`දුන්වන විශේෂ අවශ්‍යතා සහිත ජනතාවක් සිටිනවා.

ආබාධිතයින්ට යා හැකි පහසුකම් ඇති කලේ මම නාගරික සංවර්ධන ලේකම් කාලයේයි. මේ අයටත් සාමාන්‍ය ජනතාවට තිබෙන වරප‍්‍රසාද තිබිය යුතුයි. ඔවුන්ට අධ්‍යාපනයේදී රැුකියාවේදී ඡුන්දය භාවිතා කිරීමේදී අයිතින් හිමිවිය යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වු ප‍්‍රඥප්ති තිබෙනවා. අපි ඒ ප‍්‍රඥප්ති කි‍්‍රයාවට නංවනවා.

අපි අභියෝග බාර අරගෙන අභියෝග ජයගත් ජය ගත්ත පිරිසක්. මා කෙරේ විශ්වාසය තියන්න. ඔබේ යුතුකම ඉටුකරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් දේශයක් අභිමානවත් දේශයක් ඔබට ලබා දීමයි. මම ඒ යුතුකම ඉටු කරන්න සූදානම්.

Recommended For You

About the Author: Editor