ආණ්ඩුව ගෙදර යන්න පෙර ‘අවසන් ගේමත් ගහන්න හදනවා’ – දිනේෂ් ගුණවර්ධන

‘රජය දැන් සූදානම් වෙනවා වැඩකටයුතු අවසන් නොවුණු අධිවේගී මාර්ග විවෘත කරන්න. ඒ වගේම ආයතන රාශියක් හමාර නොවුණු ව්‍යාපෘතීන් විවෘත කිරීම්වලට කිරීමට සූදානම් වෙනවා. රැුකියා දෙනවා. මහාමාර්ග මහා මාර්ග අධිකාරිය තුළ දිනපතා එවැනි තොරතුරු රාශියක් අහන්න ලැබෙනවා’

පාර්ලිමේන්තු මන්ත‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවේදීයි. එහිචී වැඩි දුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා,

අපට දැනගන්න ලැබිලා තිබෙනවා රාජ්‍ය සේවකයෝ විශාල වශයෙන් අපට සහයෝගය දක්වලා ඡුන්දය ප‍්‍රකාශ කර තිබෙන බව. ඔවුන් තමන්ගේ හෘද සාක්ෂි අනුව කටයුතු කොට තිබෙනවා.පමණට නොවන බලපෑම් තිබියදී පවා රජයේ සේවකයින් මෙලෙස කටයුතු කිරීම පිළිබඳව අපි ඔවුන්ට ස්තූතිය පල කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථක බව පෙනී තිබියදීම රජය කරගෙන යන කටයුතු වාර්තාගත කරන්න කියලා අපි රජයේ සේවකයින්ට කියනවා. රජය දැන් සූදානම් වෙනවා වැඩකටයුතු අවසන් නොවුණු අධිවේගී මාර්ග විවෘත කරන්න. ඒ වගේම ආයතන රාශියක් හමාර නොවුණු ව්‍යාපෘතීන් විවෘත කිරීම්වලට කිරීමට සූදානම් වෙනවා. රැුකියා දෙනවා. මහාමාර්ග මහා මාර්ග අධිකාරිය තුළ දිනපතා එවැනි තොරතුරු රාශියක් අහන්න ලැබෙනවා.

අන්තිම අවස්ථාවේ ගෙදර යන්න කියලා ආණ්ඩුවට ජනතාව කියන හඬ ඇසී තිබියදීත් මෙලෙස සිදු කරනවා. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන ක‍්‍රියාමාර්ගයේ වැරැද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට අපි යළි ආයාචනය කරනවා. අවදියෙන් සිටින්න කියලා.

මෙවැනි නීති විරෝධී කටයුතු පිළිබඳ පැමිණිලි හා සටහන් තැබීම සුවිශේෂී වෙනවා. එක පැත්තකින් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. තවත් පැත්තකින් දැවැන්ත මූල්‍ය අක‍්‍රමිකතා සහ මුදල් නාස්තියක් මේ හරහා සිදුකරනවා. ඒ සියල්ල සටහන් කරන ලෙස අපි අවදියෙන් සිටින පොලිසියෙන් සහ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය ආයතනවල ලේඛන හා දත්ත විනාශ කිරීමකට අවතීර්ණ වීමේ භයානක තත්වයක් ඇතිවෙන්න පුඵවන්. ඒ පිලිබඳව අවධානය යොමුකළ යුතුයි. අයථා ක‍්‍රියා සාධාරණීකරණය කිරීම සඳහා ආයතන වල දේශපාලන පත්වීම්, දේශපාලන අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම,සිදුවෙන්න පුඵවන්.

අන්තිම දවස් 6 ගෙදර යන්න ඉන්න අය මේ ආයතන විනාශ කරන උත්සාහයන් අපි හෙළා දකිනවා. ඒ වගේම රටේ ජනතාව නොමග යැවීමට රජයේ කැබිනට් මණ්ඩලය බෙදිලා එක එක්කෙනා උදේට සහ හවසට කරන විවිධ ප‍්‍රකාශ සහ සම්බන්ධයක් නැති ප‍්‍රකාශ නිකුත් කරනවා. අදහස රට නොමග යැවීමයි. විශිෂ්ට ජයග‍්‍රහණය වෙනුවෙන් ඉතිරි දින 6 තුල සියලූ දෙනා එකතු විය යුතුයි.

මේ මැතිවරණ කටයුතු ඉතාමත් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන අපේක්ෂක වරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනතාව ඉතාම ඉහළින් පිළි ගන්නවා සහ අගය කරනවා. දැනට අප වෙත ලැබිලා තියෙන යහපත් ප‍්‍රතිචාරයක් හා ආදර්ශයන් මත අපි ඒ බව සිහිපත් කරන්න කැමතියි.

Recommended For You

About the Author: Editor