චිරාත් කෝලි ගැන ලක්ෂ 20ක් ‘ඇස ගසා ගෙන’ ඉදලා

‘ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්’ කියන්නෙත් තරුවක්. නිළියෝ නම් කොහොමත් ‘තරු’බව අපි කවුරුත් දන්නවා. ඉතිං ඉන්දියාවට ක‍්‍රිකට් – සිනමාව කියන්නේ තරු ඉක්මවා ගියා ‘දේවත්වයක්’. ඒ නිසා ඉන්දියාවේ ක‍්‍රිකට් තරු වගේම බොලිවුඩ් තරුත් වන්දනාවට පාත‍්‍ර වෙනවා.

ඉතිං, ඉන්දියාවේ ජනප‍්‍රියම තරු දෙකක් එක වහළක් යටට වුණාම කොහොම හිටීවිද ? ඒ ගැන අහන්න හොදමු අඹු – සැමි යුවල තමයි ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක චිරාත් කෝලි සහ සුපිරි නිළියක් වන අනුෂ්කා ෂර්මා.

කොහොම වුණත් චිරාත් ගැන ඇහැගහගෙන ඉන්නේ අනුෂ්කා පමණක් නොවෙයි. මුළු ඉන්දියානුවන්ම, ලෝකය පුරා ක‍්‍රිකට් ලෝලීන් චිරාත් ගැන ඇහැ ගහගෙන ඉන්නේ. කොටින්ම වත්මන් ලෝකේ වැඩියෙන්ම ඇහැගහගෙන ඉන්න ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තමයි චිරාත් කෝලි.

මේ බව කියන්නේ ඉන්දීය මාධ්‍ය. ඉන්දීය මාධ්‍ය කියන ආකාරයට අන්තර්ජාලයේ වැඩිපුර ක්‍රීඩා ලෝලීන් සෙවූ ක‍්‍රිකට් කී‍්‍රඩකයා තමයි චිරාත් කෝලි. ඉන්දිය මාධ්‍ය කළ සමීක්ෂණයකට අනුව අවස්ථා ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් කෝලි පිළිබඳව ගෝලීය වශයෙන් අන්තර්ජාලයෙන් සොයා තිබෙනවා. පසුගිය කාලයේ ඔහු ප‍්‍රදර්ශනය කළ දක්ෂතා ද ඊට හේතුවක් වූ බවයි ඉන්දිය මාධ්‍ය කියන්නේ.

කෝලි ළගට කිට්ටු වෙන්නවත් බැරි වුණත් හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මා පිළිබඳව ද අවස්ථා ලක්ෂ 10කට ආසන්න ප‍්‍රමාණයක් සොයාබලා තිබෙනවා. 2018 සංඛ්‍යාලේඛන හා සසඳන විට මෙම ක්‍රීඩකයින් කෙරෙහි ඇති උනන්දුව 2019 දී සියයට 150ක ගුණයකින් වැඩි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය කියනවා.

කෝලි පමණක් නොවෙයි ලෝකයේ වැඩිම අවධානයක් යොමු වූ ක‍්‍රිකට් කණ්ඩායම බවටත් ඉන්දියාව පත්ව තිබෙනවා. ඒ අනුව ඉන්දිය ක‍්‍රිකට් කණ්ඩායම වැඩිම වාර ගණනක් අන්තර්ජාලයේ සෙවූ කණ්ඩායම බවට ද පත්ව තිබෙනවා. ඉන්දියාව විසින් මේ අත්පත් කරගෙන තිබෙන්නේ පසුගිය 2018 වසරේ එංගලන්තය විසින් දිනාගෙන තිබූ කිරුළයි.

Recommended For You

About the Author: Editor