ජනතාව මත පටවා ඇති ‘අනවශ්‍ය බදු’ ඉවත් කරනවා – ගෝඨාභය රාජපක්ෂ

ජනතාව මත පටවා ඇති අනවශ්‍ය බදු ඉවත් කර සරල බදු ක‍්‍රමයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (06) මතුගම පැවැති ජන රැුළියක් අමතමිනි.
වර්තමාන බදු ක‍්‍රමය සංකීර්ණ වීම නිසා ජනතාව බදු නොගෙවන තත්්වයක් නිර්මාණය වී ඇති බවත් මේ නිසා රජයේ ආදායම අඩු වි, ¥ෂණය වැඩි වි ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

සංකීර්ණ බදු ක‍්‍රමය කළමණාකරණය කර ගැනීම රජයේ නිලධාරින්ටද ගැටලූවක්ව ඇති බව පෙන්වා දුන් ඒ මහතා මේ නිසා පවතින බදු ක‍්‍රමය සරල විය යුතුව ඇතැයිද පැවසිය.

කර්මාන්ත, ආයෝජකයා සහ ව්‍යාපාරිකයා දිරිගන්වා, පරිභෝජනය වැඩිකර, ඉතිරි කිරීමට ජනතාව දිරි ගැන්වීමටත් බදු සහන ලබා දීම රජයක වගකීිම යැයිද රාජපක්ෂ මහතා සදහන් කලේය.

වැට් බද්ද 8%ක් දක්්වා අඩු කිරීම මගින් සියලූ ක්ෂේත‍්‍රවලට සහනයක් ලැබෙන බව ද පෙන්වා දුන් ඒ මහතා එමගින් රජයේ ආදායම වැඩිවන බවත්, වැඩියෙන් ආයෝජනය කිරීමටත්, වැඩියෙන් ව්‍යාපාරවල යෙදිමටත්, පහසුවෙන් බදු ගෙවිය හැකි වාතාවරණයක් බිහිවන බවද සදහන් කලේය.

මෙමගින් ජනතාව බදු ගෙවීමට උනන්දුවක් දක්වන බවත් රජයේ නිලධාරීන්ට කළමණාකරය කර ගැනීමේ පහසුව ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කලේය.

Recommended For You

About the Author: Editor