බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ‘ප්‍රචාරක කටයුතු’ ඇරඹෙයි

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද ආරම්භ වුණා. සති පහක කාලයක් අපේක්ෂකයින්ට තම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමට ඉඩකඩ හිමිවනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද පෙරවරුවේ සිදුකෙරුණා. මැතිවරණ කාලසීමාව ආරම්භ වන බව දැනුම්දීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට රැජිණ අද හමුවීමට නියමිතයි.

කොන්සවේටිව් පක්ෂය තම ප්‍රධාන මැතිවරණ පොරොන්දුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ බ්‍රෙක්සිට් තීන්දුව ක්‍රියාත්මක කිරීමයි. කම්කරු පක්ෂය පවසන්නේ පැහැදිලි වෙනසක් රට තුළ ඇති කිරීමට ජනතාව තමන් සමඟ එක්විය යුතු බවයි.

Recommended For You

About the Author: Editor