2005දී මහින්ද MCC සල්ලි ගන්න උත්සාහ කළත් ‘සුදුවෑන් නිසා එය අහිමි වුණා’ – – මුදල් ඇමැති මංගල

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් MCC ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවා නම් තමන් මුදල් ඇමතිධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළා.

ඒ අද (06) මුදල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කළ මුදල් අමාත්‍යවරයා යෝජිත ගිවිසුමෙන් කොරිඩෝවක් හෝ ඇමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාවක් නොමැති බවත් අවධාරණය කළා.

මෙම ගිවිසුම ජනපතිවරණයට පෙර අත්සන් නොකරන බවත් පාර්ලිමේන්තුව අනුමත කළහොත් පමණක් ඉදිරියට යන බවයි මුදල් ඇමැති මංගල වැඩි දුරටත් සදහන් කළේ.

2005 වසරේදී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාද මෙම මුදල ලබාගැනීම වෙනුවෙන් තමන් ඇමෙරිකාවට යොමුකළ නමුත් සුදු වෑන් හේතුවෙන් එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් මෙහිදී මංගල සමරවීර මහතා හෙළි කළා.

මෙම ගිවිසුමේ කිසිම කොන්දේසියක් නොමැති බවත් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා. මේ අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ද මුදල් ඇමැතිවරයාගේ ස්ථාවරය සනාථ කළා.

Recommended For You

About the Author: Editor