Gas හිගය අවසන්: දෛනිකව සිලින්ඩර 80,000ක් නිකුත් කරනවා – ලිට්රෝ Gas

ගෑස් රැගත් නැව් කොළඹ වරායට පැමිණීම සමග කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 80,000කට වැඩි ප්‍රමාණයක් අද (06) සිට ලබන 14 වැනිදා දක්වා දිනපතා ගෑස් අලෙවිසැල් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම ප‍්‍රකාශ කරනවා.

එම ගෑස් සිලින්ඩර එක් දිනකට 80,000ක් ද අනෙක් දින 100,000ක් බැගින් ද මාරුවෙන් මාරුවට නිකුත් කිරීමට නියමිත බවයි ලිට්රෝ සමාගම කියන්නේ.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් අද (06) ශ්‍රී ලංකාවට ළඟා වූ බවද එවැනි ප්‍රමාණයේ තවත් ගෑස් සිලින්ඩර රැගත් නැවක් හෙට (07) පැමිණෙන බවද සදහන්.

Recommended For You

About the Author: Editor