MCC ගැන Fake news සමාජ මාධ්‍යවල වැහි වැහැලා

Millennium Challenge Corporation ගිවිසුම සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල අසත්‍ය තොරතුරු ඉතා විශාල වශයෙන් හුවමාරු වන අකාරයක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී තිබේ.

යම් පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරණය ඉලක්ක කොටගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන්ව භීතියට ලක් කිරීමට කටයුතු කිරිම නිසා සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සමබරතාවය පිලිබදව ගැටලුවක් පැනනැගී ඇති බැවින් ඒ පිලිබදව වහාම සොයාබලා කටයුතු කරන ලෙස මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට සහ ෆේස්බුක් සමාගමේ ශ්‍රී ලාංකික නියෝජිතවරයාට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ සංගමය වශයෙන් දැනුම් දෙමු.

Recommended For You

About the Author: Editor