කිසිදු කොන්දේසියක් නෑ: ‘TELO’ සහාය සජිත්ට

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂය වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ)  කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීමට තීරණය කළ බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසනවා.
 
අඩෙක්කලනාදන් මහතා අද (07) උදෑසන මාධ්‍ය  නිවේදනයක් ද නිකුත් කරමින් පවසා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට තීරණය කළ බවයි.
 
ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂය නියෝජිතයින් තීරණය කළ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඒකමතිකව හිමිව ඇති බවත් හෙතෙම නිවේදනය සඳහන්කර සිටියි.

කිසිදු කොන්දේසියක් නොමැතිව ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවද සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සඳහන් කර සිටියේය.

Recommended For You

About the Author: Editor