දරුවන්ට අන්තර්ජාලය පාදක කරගත් ‘පරිගණක ක්‍රීඩා සීමා කිරීමට’ චීනය තීරණය කරයි

දරුවන් සදහා අන්තර්ජාලය පාදක කරගත් පරිගණක ක්‍රීඩා සීමා කිරීමට චීන රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන රජයේ නව තීරණයට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන්ට රාත්‍රී දහයේ සිට පෙරවරු 08.00 දක්වා පරිගණක ක්‍රීඩාවල යෙදීම තහනම් වෙන අතර සතියේ දිනවලද පරිගණක ක්‍රීඩාවල යෙදිය හැක්කේ විනාඩි 90ක කාලයක් පමණයි.
සතිඅන්තයේ සහ නිවාඩු දිනවලදී පැය තුනක් දක්වා උපරිම කාලයක් කුඩා දරුවන්ට පරිගණක ක්‍රීඩාවල යෙදීමට අවකාශ ලැබෙන බව ද එම වාර්තාවල සදහන් වෙනවා.

දරුවන් පරිගණක ක්‍රීඩා අබ්බැහිවීම වැළැක්වීමේ අරමුණෙන් චීන රජය මෙම තීරණය ගෙන තිබෙනවා. අධික ලෙස පරිගණක ක්‍රීඩාවලට යොමුවීම නිසා දරුවන්ගේ සෞඛ්‍යයද පිරිහෙන බව පර්යේෂණවලදී පෙනී ගොස් තිබෙනවා.

චීනය ලොව විශාලතම පරිගණක ක්‍රීඩා වෙළෙදපොළක් ලෙස ද සැලකීම විශේෂත්වයක්.

Recommended For You

About the Author: Editor