බොලිවියාවේ විරෝධතාකරුවෝ ‘නගරාධිපතිනියකට පහරදී කොණ්ඩය කපා රතු තීන්ත ද නාවති’

බොලීවියාවේ කුඩා නගරයක නගරාධිපතිවරියට එරෙහිව විරෝධතාව නිරත වූ පිරිසක් ඇයව පාවහන් නොමැතිව වීදි දිගේ ඇදගෙන ගොස් රතු පැහැති තීන්ත ආලේප කර ඇගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපා දැමා තිබෙනවා.

මතභේදාත්මක ජනාධිපතිවරණයෙන් පසු රජයේ ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර ප්‍රචණ්ඩ ගැටුම් මාලාවක නවතම අවස්ථාව මෙය බවයි එරට මාධ්‍ය කියන්නේ.

රජයට එරෙහිව පවතින උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ඔක්තෝබර් 20 වන දින පැවති ජනාධිපතිවරණයෙන් පසුව ඔවුන් විසින් සිදුකරන උද්ඝෝෂණවල කොටසක් ලෙස ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් පිරිසක් මධ්‍යම බොලිවියාවේ කොචබම්බා පළාතේ වින්ටෝ නම් කුඩා නගරයක පාලමක් අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිට තිබෙනවා.

මේ අතර වත්මන් ජනාධිපති ඊවෝ මොරාලෙස්ගේ ආධාරකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලින් විපක්ෂයේ විරෝධතාකරුවන් දෙදෙනෙකු පාලම අසලදී ඝාතනය කර ඇති බවට කටකතා පැතිර ගිය අතර කෝපයට පත් කණ්ඩායමක් නගර ශාලාවට ගොස් තිබෙනවා.

විරෝධතාකරුවන් නගරාධිපති ආර්ස්ට චෝදනා කළේ තමන් විසින් පිහිටුවා තිබූ බාධකය බිඳ දැමීමට උත්සාහ කරන ලෙසට ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් වෙත පැමිණ ධෛර්යමත් කළ බවයි.

වින්ටෝහි නගරාධිපති කාර්යාලයට විරෝධතාකරුවන් ගිනි තැබූහ
විරෝධතාකරුවෝ නගර සභා ශාලාව විනාශ කර ගිනිබත් කිරීමට ද පියවර ගත්තා.

‘මිනීමරුවා … මිනීමරුවා’ යැයි චෝදනා කරමින් හිස් ආවරණය කරගත් පිරිසක් නගරධිපතිනිය ඇදගෙන ගොස් පාරට ඇදගෙන ගොස් තිබෙනවා. එහිදී ඔවුන් ඇයව දණ ගස්වා, කොණ්ඩය කපා රතු තීන්ත ආලේප කර තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපියක් අත්සන් කිරීමට ඔවුහු ඇයට බල කර ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවෝ නගර සභා ශාලාව විනාශ කර ගිනිබත් කිරීමට ද පියවර ගත්තා.

පොලිසිය වින්ටෝ නගරාධිපති පැට්‍රීෂියා ආර්ස් ගුස්මාන්ව යතුරුපැදියකින් රැගෙන ගියේ මිනිසුන් ඇයට තීන්ත ආලේප කිරීමෙන් පසුවය

සිද්ධියෙන් දැඩි කම්පනයට පත් නගරාධිපතිනිය වහාම රෝහල්ගත කර තිබෙනවා.

BBC

Recommended For You

About the Author: Editor