සුපිරි නළු ශාරුක්ට 54යි

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ 54 වන උපන් දිනය පසුගිය දා අති උත්කර්ෂවත් ලෙස සැමරුවා.

Related image

1965 වසරේ නොවැම්බර් දෙවන දා උපත ලැබූ ශාරුක් ඛාන් ලොව පුරා ජනාදරයට පත්වූ සුපිරි තාරකාවක්. 1988 වසරේ සිය වෘත්තීය රංගන දිවිය ආරම්භ කළ ශාරුක් ඛාන් තවමත් ආදායම් වාර්තා තබන චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබා දෙනවා.

Image result for shahrukh khan birthday

ඩුබායි හි ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන බර්ජ් කලීෆා ගොඩනැගිල්ල විදුලි බුබුළුවලින් අංකාරවත් කරමින් ඔහුගේ උපන්දිනයට සුබ පැතුම් එක්කර තිබුණා.

මධ්‍යම රාත්‍රියේ සිටම ඔහුගේ නිවස ඉදිරිපිටට රැස් වූ දහස් සංඛ්‍යාත රසිකයින් ද ඔහුට සුබපැතුම් එක් කළ බව බොලිවුඩ් වාර්තා කියනවා.

Recommended For You

About the Author: Editor