80-90 දශකවල JVP හා LTTE ගැටුම් නිසා පාර්ලිමේන්තු ක‍්‍රමය දුර්වල වුණා – ඩිව් ගුණසේකර

1980 සහ 90 දශකවල උතුරේ සහ දකුණේ සිදු වූ ගැටුම් හේතුවෙන් පාර්ලිමේන්තු ක‍්‍රමයට දරාගත නොහැකි පාඩුවක් සිදු වූ බව ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය ඩව් ගුණසේකර මහතා සඳහන් කරයි.

ඩිව් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ ප‍්‍රවීන ජනමාධ්‍යවේච දී ධර්මන් වික‍්‍රමරත්න විසින් රචිත ‘ලයනල් සහෝදරයා’ නම් කෘතිය දොරට වැඞීම වෙනුවෙන් කොළඹ, ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැති උත්සවයේදීය.

දෙවන කැරැල්ලේදී (1987-88) ඉලක්කගත ඝාතන 41කට වගකිව යුතු ජනතා විමුක්ති පෙරමුණේ සටන්කරුවෙකු සම්බන්ධයෙන් මේ කෘතිය රචනා කර ඇත.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඞ්ව් ගුණසේකර මහතා කියා සිටියේ, 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉස්මතු වීම එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ඉස්මතු කළ බව බවයි. එල්ටීටීඊය සහ ජේවීපී විසින් මුදා හරින ලද ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්ෂවලට ප්‍රධාන සාමාජිකයින් අහිමි වූ බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස නායකත්ව රික්තයක් ඇති වූ බවත් ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.

තමා 1971 සහ 1988-89 දකුනු කැරලි වලට මුහුණ දුන් දේශපාලනඥයින් කිහිප දෙනාගෙන් එක් අයෙකු බව පෙන්වා දුන් ගුණසේකර මහතා 80 ගණන්වල ආඥාදායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ අවසන් භාගයේදී ජවිපෙ යළිත් අවි අතට ගත් බව සඳහන් කළේය.

1988 පෙබරවාරි මස මුලදී එවකට සිටි ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් අතුලම්මුදලි තමාට විජය කුමාරතුංඝ ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන අනතුරු ඇඟවූ බව කියා සිටි ගුණසේකර මහතා ඒ ගැන තමා විජයට කළ අනතුරු ඇගයීම ඔහු එතරම් ගණන් නොගත් බවත් ඔහු සඳහන් කළේය. ‘ඊට සති කිහිපයකට පසු විජයව ඝාතනය කළා’ යැයි ඔහු කියා සිටියේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඩිව් ගුණසේකර මහතා කියා සිටියේ ජවිපෙ ඝාතන ප‍්‍රයත්න කිහිපයකින් තමාට ගැළවීමට හැකියාව තිබූ බවයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට වාමාංශික පක්ෂවල සහාය ලැබීම හේතුවෙන් ඔවුන් ජවිපෙ ඝාතන ඉලක්ක බවට පත් වූ බවයි. තමාට සමීප පුද්ගලයින් 50 දෙනකු පමණ ජවිපෙ විසින් ඝාතනය කළ බව සඳහන් කළ ඩිව් ගුණසේකර මහතා ඔවුන්ගේ ඉලක්කයක් බවට තමා පත් නොවූයේ බුද්ධි අංශවලින් ලත් තොරතුරු නිසා බව ද සදහන් කළේය. ‘මෙම යුගයේදී මේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ පමණක් නොව රජය විසින් නඩත්තු කළ රාජ්‍ය ත‍්‍රස්තවාදයට ද මුහුණ දුන්නා’ යැයි ගුණසේකර මහතා කීවේය. ‘මරණ තර්ජන තිබියදීම් මම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහායෝගය දුන්නා’ ඞ්ව් ගුණසේකර සඳහන් කළේය.

ගුණසේකර මහතා මෙසේ ද පැවසීය, ‘1982 ජනාධිපතිවරණයට පෙර එවකට ජේවීපී මහ ලේකම් ලයනල් බොපගේ පොදු අපේක්ෂකයෙකු යෝජනා කිරීම සඳහා වාමාංශික පක්ෂවල සහාය ඉල්ලා සිටියා. බෝපේජ් මගෙන් උපදෙස් ලබා ගත්තා. මම ප්‍රශ්නය මතු කළ විට විජේවීර ඔහුව පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළා. ලයනල් බොපගේ ලැජ්ජාවට පත් වුණා’

වැඩි කල් යන්නට මත්තෙන් බොපගේ ජේවීපීයෙන් ඉවත් වී ඇති අතර ගුණසේකර කියා සිටියේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයට භාරදීමට පෙර තමාට එය පෙන්වූ බවයි.

ඝාතනයට ලක්වූ රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජරත්න දුර්ලභ දේශපාලනඥයෙකු ලෙස ගුණසේකර ප්‍රශංසා කළේය. ජනාධිපති ජයවර්ධනගේ සහාය ඇතිව අහිංසක පුද්ගලයකුට අයත් ඉඩමක් පවරා ගැනීමට එවකට අමාත්‍ය නන්දා මැතිව් දැරූ උත්සාහය රන්ජන් විජරත්නගේ අවධානයට යොමු කළ විට ඔහු වහාම එම නියෝගය අවලංගු කළ බව ගුණසේකර මහතා පැවසීය

Recommended For You

About the Author: Editor