2010 -15 දුෂණ හෙළි කිරීමට ‘සජින් වාස් ’ සූදානම්

2010-2015 මහින්ද රාජපක්ෂ පාලන සමයේ දුෂණ ගැන ලබන 13 වැනිදාට පෙර තමා සමග විවාදයකට එන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට අභියෝග කරනවා.

අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පැවැති ජන හමුවකදී සජින් වාස් ගුණවර්ධන මහතා මේ අභියෝගය කළා. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ගුණවර්ධන මහතා කියා සිටියේ 2010- 2015 යුගයේ දී සිදු වූ බොහෝ දුෂණවලට තමා වැරදිකරු යැයි කියන බවත් තමාට නිර්දෝෂී වීමට අවශ්‍ය බවත්ය.

”මම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ. රෝහිත අබේගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ එන්න මාත් එක්ක විවාදයකට ඒන්න. අපේ විෂය තමයි 2010 – 2015 දූෂණය. අපි ඒ ගැන විවාද කරමු. හැබැයි මේක වෙන්නේ ඕන 13 දාට ඉස්සෙල්ලා. අපි බලමු කවුද කලිසම් නැතිව යන්නේ කියලා. දන්න සියලු දේ කියනවා. බය නැත්නම් එන්න. ”

Recommended For You

About the Author: Editor