ගෝඨාභය ‘ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වූ බවට වන ලේඛන’ ලැබී තිබෙනවා – ජනාධිපති නීතිඥ අලි සබ්රි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ බවට වන සියලු ලේඛන ලැබී ඇතැයි ඔහුගේ නීතීඥ, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

ලි සබ්රි මහතා මේ බව පැවසුවේ කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ බවට වන සියලු ලේඛන ලැබී තිබෙනවා. මම එම ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ද ඉදිරිපත් කර තිබෙනවා.

‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු 17 වැනිදා යළිත් විදෙස්ගත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට ගත් සියලු ක‍්‍රියාමාර්ග අසාර්ථකවීම නිසා එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැමුන් දැන් අසත්‍ය ප‍්‍රචාර පතුරුවමින් සිටිනවා.

Recommended For You

About the Author: Editor