අපි සජිත්ට කියන්නේ ‘මඩින් නැතිව ගොඩින්න එන්න කියලයි – ඩලස්

‘පේ‍්‍රමදාස මහතගේ කඳවුරේ සියලූ මඩ අවි දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දියත් කරන්නට කටයුතු කරනවා. සමහර ඒවා කිසිම පදනමක් නැති ප‍්‍රකාශ. සජිත් පේ‍්‍රමදාස මහතාට අපි කියන්නේ මඩින් නැතුව ගොඩින් එන්න කියලා’

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) ‘වියත්මඟ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී. මෙම මාධ්‍ය හමුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා සහ විමල් වීරවංශ යන මහත්වරුන් ද සහභාගී වුණා.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා,

මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ අවසන් පැය 48 තමයි මේ ගත වන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කණ්ඩායම හැටියට අපි 21 වෙනි ශතවර්ෂයට ඔබින ආකාරයේ දේශපාලන සංස්කෘතියක් තමයි මැතිවරණ ව්‍යාපාරය තුළ අපි දියත් කළේ.

ඔහු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව රටට හෙළි කළා. පැමිණිලි අඩුම මැතිවරණය තමයි මේ මැතිවරණය. ගෝඨාභය රාජපක්ෂ මහතා පෝස්ටර් ව්‍යාපාරය සිදු කරන්න එපා කිව්වා. ඒ වගේම මඩ ප‍්‍රචාරණ කටයුතු සිදු කළේ නැහැ. පේ‍්‍රමදාස මහතගේ කඳවුරේ සියලූ මඩ අවි දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දියත් කරන්නට කටයුතු කරනවා. සමහර ඒවා කිසිම පදනමක් නැති ප‍්‍රකාශ. සජිත් පේ‍්‍රමදාස මහතාට අපි කියන්නේ මඩින් නැතුව ගොඩින් එන්න කියලා.

රාජිත සේනාරත්න මහතා මීට කලින් ප‍්‍රකාශ කළා ගෝඨාභය රාජපක්ෂ කොහොමද ඡුන්දය ඉල්ලන්නේ. ගෝඨාභයගේ ඇඩ‍්‍රස් එක වැලිකඩ හිරගෙදර කියලා. හැබැයි එජාපයේ මේ උත්සහය අසාර්ථක වුණා. අධිකරණ සියල්ලෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව රජය දැමූ නඩු පැරදුණා. රාජ්‍ය බුද්ධි සේවාවන් මැතිවරණ පුරෝකථනයන් සිදු කළාට පසුව අවසන් උත්සහය හැටියට ආණ්ඩුව මඩ ප‍්‍රචාරය කරන්න පටන් ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක් කථාවකදීවත් ඔහු මඩ ප‍්‍රචාරය කරනවා තියා, සජිත් රනිල් එජාප ජවිපේ කියන නම්වත් ප‍්‍රකාශ කරනවා දුටුවාද? අකුරැුස්සේ ජනතාවට සජිත්ගේ පාර්ශ්වය පොරොන්දුවක් දුන්නා. මම හිතුවා අකුරැුස්ස නගරය දියුණු කරන්න පොරොන්දු වෙනවා කියලා. මොකද්ද පොරොන්දුව? එකම කඹයේ මහින්ද රාජපක්ෂ මහතාවයි, ගෝඨාභය රාජපක්ෂ මහතාවයි එකට එල්ලනවා කියලා. එදා අවසන් මිනිස් ඝාතනය සිදු වුණු බෝම්බය පිපිරුණේ අකුරැස්ස නගරයේ. මේ රටේ ත‍්‍රස්තවාදය නිම කළ පුද්ගලයින්ව එල්ලනවා කියන්නේ මේ නගරයේ ඉදගෙන. ඇයි මේ තරම් පහළට සජිත් පේ‍්‍රමදාස මහතා ඇද වැටුණේ.

ඊයේ රාජිතගේ මෙහෙයවීමෙන් නාට්‍යයක් රඟ දැක්වූවා සුදු වෑන් ගැන කියලා. රාජිත සේනාරත්නගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද අපි රාක්ෂයින්ගෙන් බණ අහන්න බලාපොරොත්තුවක් නැති නිසා. රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව මේ බොරු ප‍්‍රචාර සිදුකළ පුද්ගලයා කියනවා රත්තරන් ටොන් 7000ක් ගෙනාවා කියලා. හැබැයි කන්ටේනර් එකකින් ගෙනාවත් ටොන් 20යි එක කන්ටේනර් එකකට දාන්න පුළුවන්. සජිත්ගේ වේදිකාවේ පට්ටපල් බොරු මේ අවසන් දවස් කිහිපය තුළ දියත් කරන්න කටයුතු කරනවා.

ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම ඡුන්ද ප‍්‍රමාණය ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් මේ රටේ නායකයා බවට පත් වෙනවා.

ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන එජාපය තවමත් මාධ්‍ය සංදර්ශන තියනවා – නිමල් සිරිපාල ද සිල්වා

පසුගිය කාලසීමාව තුළ ශ‍්‍රීලනිපය ලෙස අපි දිස්ත‍්‍රික් මට්ටමින් මෙන්ම ආසන මට්ටමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කරනු ලැබුවා. සෑම ක්ෂේත‍්‍රයක්ම ආවරණය කරමින්, අපිට ඒ මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් සහ ජයග‍්‍රාහි මැතිවරණ ව්‍යාපාරයක් බවට පත් කරගැනීමට හැකි වුණා.

ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂය විවිධ බොරු ප‍්‍රචාර සිදු කරගෙන යනවා. එජාප නියෝජිතයින් වක‍්‍රව මෙන්ම සෘජුව පැමිණ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සජිත් පේ‍්‍රමදාසට සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටියා.

ශ‍්‍රීලනිප ඡන්ද පදනමේ මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ ඡුන්දත් විශාල ප‍්‍රමාණයක් එක් වී තිබෙනවා. අපේ එකම අභිප‍්‍රාය අනෙක් සියලූ මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමටයි. ඒ නිසා අපි එම ජනතාව ආමන්ත‍්‍රණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ගෙන යනවා. අලි සබි‍්‍ර මහතාගේ ප‍්‍රධානත්වයෙන් එජාපය ජනතාව තුළ ඇති කර තිබෙන හුඹස් බිය නැති කර ගෝඨාබය රාජපක්ෂ මහතාට ලබාගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අපිට හැකියි ඔවුන්ගේ සහය ලබාගන්නට.

නමුත් එජාපය තවමත් මඩ ප‍්‍රචාර සිදු කරමින් ජනතාව මුළාවට පත් කිරීමේ උත්සහය නවත්වා නැහැ. හැබැයි මෙවැනි ළද බොලඳ වැඩවලින් ශ‍්‍රීලනිප ජනතාවගේ හිත වෙනස් කරන්න පුළුවන් වන්නේ නැති බව මම අවධාරණයෙන් කියනවා.

අභියාචනාධිකරණය විසින් පුරවැසිභාවය සම්බන්ධයෙන් කරුණූ සලකා බලා තීන්දුව ලබාදි තිබියදී ආණ්ඩුව තවදුරටත් ඒ ගැන පවසමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්න සූදානම් වෙනවා. මම ප‍්‍රකාශ කරනවා මොන දේ සිදුකළත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය ස්ථිර බව.

Recommended For You

About the Author: Editor