කසළ කළමණාකරණය කිරීමේ ‘නව තාක්ෂණික ක‍්‍රමවේද’ හදුන්වා දෙනවා -ගෝඨාභය රාජපක්ෂ

කසළ ප‍්‍රශ්නය තව දුරටත් රටට ප‍්‍රශ්නයක් නොවන ආකාරයේ විසදුමක් ලබාදීමට සියලූ කටයුතු සුදානම් කර ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) පුත්තලමේ පැවැති ජන රැුළියකට එක් වෙමිනි.

කසළ කළමණාකරණය කිරීමේ නව තාක්ෂණක ක‍්‍රමවේද පිළිබදව පසුගිය කාලයේදි අධ්‍යයනය කිරිමටත්, කසළ කළමණාකරණය කරන ආකාරය නැරඹිමටත් තමන්ට අවස්ථාව ලැබුණු බව සදහන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කසළ හේතුවෙන් පුත්තලමේ ජනතාව පත්ව සිටින අපහසුතාවය අවසන් කරන බවද පැවසිය.

කසළ පුලූස්සා විදුලිය නිෂ්පාදනය කිරීමේත්, පොහොර නිපදවීමේත් නව ක‍්‍රමවේද තිබෙන බැවින් එක් තැනක කසල තවත් තැනකට ගෙන යාමේ අවශ්‍යතාවයක් වර්ථමානයේදී උද්ගත නොවන බව කී ඒ මහතා ප‍්‍රාදේශීය සභා, නගරසභා, මහ නගර සභාවලටම තම බල ප‍්‍රදේශයේ කසළ කළමණාකරණය කර ගනිමින් ආදායම් උපයා ගැනීමේ ක‍්‍රමවේදය හදුන්වා දෙන බව සදහන් කළේය.

එහිදි ධීවර ජනතාව සම්බන්ධයෙන් ද විශේෂයෙන් අදහස් දැක්වු ඒ මහතා යුද්ධයෙන් පසුව වෙරළ ආරක්ෂක හමුදාව ඇති කිරීමට පියවර ගත්තේ ධීවරයින්ගේ හා වෙරළබඩ ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරිම සදහා යැයි පැවසීය.

ධීවර කර්මාන්තයේ යෙදි සිටින ධීවරයින්ට කිසියම් කරදරයක් ඇතිවුවහොත් ධිවරයින්ගේ ආරක්ෂාව තහවරු කිරිමටත්, ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ ධීවර කර්මාන්තයේ ආරක්ෂාව තහවුරු කිරිමටත් රජයක් වශයෙන් එදා අවශ්‍ය පියවර ගත්තේ වෙරළ ආරක්ෂක හමුදාවේ සහායෙන් බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව ඉදිරියේදි ධීවර කර්මාන්තයේ දියුණූවට මෙන්ම ධීවර ජනතාවගේ ආර්ථිකය දියුණු කිරිම සදහාත් අවශ්‍ය පියවර රජයක් වශයෙන් ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Recommended For You

About the Author: Editor