ගොවියට සාධාරණ මිලක් ගන්න අස්වැන්න විකුණගන්න තැනක් මේ ආණ්ඩුව හැදුවේ නෑ – බැසිල් රාජපක්ෂ

මඩකලපුව කිරාන් ප‍්‍රදේශයේදී පැවති ජන හමුවකදී බැසිල් රාජපක්ෂ මහතා සිදුකල කතාව

ආදරණීය ප‍්‍රදේශවාසී මව්වරුනි පියවරුනි සහෝදර සහොදරියනි ප‍්‍රථමයෙන්ම මෙතරම් දුෂ්කර ප‍්‍රදේශයක ජීවත්වන ඔබ අද අපි ඉතාමත් සාදරයෙන් මේ ගමට ආපු වෙලාවේ පිළිගැනීම ගැන අපි සියලූ දෙනාම හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඔබ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරනවා කියන එක මේ ගමට එන ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒ වගේම අලින්ගෙන් කරදර තියෙනවා කියලා දැනගන්න ලැබුණා. නමුත් 17 වැනිදා ඔබ පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගහන්න. දාහත් වැනි දා ඉඳලා ඒ අලි කරදරේ ඉවර කරලා ඔබට පාලම හරිගස්සලා දෙන්න අපි කටයුතු කරනවා. මොකද පාලම හදන්න කලින් ලිපි කියෙව්වෙ නැත්නම් පාලමක් මොනවා කරයිද දන්නේ නෑ.

අපි දන්නවා මේ ප‍්‍රදේශයේ ගොඩ දෙනෙක් ජීවත් වෙන්නේ ගොවිතැන, ධීවර කර්මාන්තය වැනි කර්මාන්තවලින්. ඒවගේම අපි දන්නවා මේ ආබාධිත ඒ වගේම වැන්දඹු කාන්තාවක් රාශියක් ඉන්නවා. ඒ සියලූම දෙනා රැක බලා ගැනීමේ වගකීම දාහත් වෙනිදා ඉඳලා අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගන්නවයි කියන පණිවිඩය මේ අවස්ථාවේදී අපි දෙනවා.

අපි දන්නවා පිල්ලයාන් මහ ඇමතිතුමා එක්ක ඒ කාලේ යම් යම් පොඩි වැඩ ළදරු පාසල් වගේ ඒවා මේ ප‍්‍රදේශයේ අපට කරන්න පුළුවන් වුණාට අත්‍යවශ්‍ය වැඩ රාශියක් ම ඉෂ්ට කරන්න තියෙනවා. අපි 2000 ඉ`දලා මේ ප‍්‍රදේශවලට වැඩ කළා. මේ රටේ වැඩි දෙනෙක් කල්පනා කරා අපි යන වේගය මදි අපි ඉදිරිය සැලසුම් කරන කරන වේගය මදි කියලා. 2015 ජනවාරි 8 වෙනිදා වෙනසක් ඇති කරන්න ඡුන්දෙ දුන්නා.

ඒත් වුණෙ මොකද්ද ? මං අද උදේ මඩකලපුවේ බන්ධනාගාරයට ගිහින් පිල්ලෙයාන් මැතිතුමා අවුරුදු ගාණක් එහි හිර කරලා ඔබ වෙනුවෙන් හඬ නගන හඬ මර්ධනය කරන්න කටයුතු කළා මිසක් ඔබේ හඬට ඇහුම්කන් දීලා ඔබලාගේ ප‍්‍රශ්න විසඳන්න මේ ආණ්ඩුව කටයුතු කළේ නෑ.

අද ගොවියාට සාධාරණ මිලකට බීජ ටික ගන්න නෑ. සාධාරණ මිලකට පොහොර ටික ලබාගන්න හැකියාවක් නෑ. වගාවන් පරිස්සම් කරගන්න විදිහක් නෑ. නොයෙක් විදිය අලි වගේ අය ඇවිල්ලා විනාශ කරලා යනවා. ඊට පස්සේ කෝහොම හරි ජීවිතයක් ගොවිතැනත් රැකලා ලැබෙන අස්වැන්න විකුණගන්න වෙළඳපොළක් සාධාරණ මිලක් ඇති කරන්න පුළුවන් කමක් මේ ආණ්ඩුවට ලැබිල නෑ.

ඔබ උදේ පාන්දර ඡුන්ද පොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරියෙන් පොහොට්ටුව ඉදිරියෙන් කතිරේ ගහලා 16 වෙනිදා එතුමාව ජනාධිපති කරන්න. දාහත් වෙනිදා ඉඳලා ඔබට නැවත ඒ ගොවි මහතුන්ට ඔබේ ප‍්‍රදේශයට නැවත ඒ සහන සියල්ලක්ම ලබා දෙන්න අපි කැප වෙනවා කියන එක මේ අවස්ථාවේදී කියනවා.

ඔබට ගොවියන් විතරක් නෙවෙයි මේ ප‍්‍රදේශයේ අපි දන්නවා විදුලිය දුන්නාට විදුලි ලාම්පුවක් වීථි ලාම්පුවක් හයි කරලා නෑ. ඒ වගේම ඔබගේ ආගමික කටයුතු කරන කෝවිලත් ඒ වගේම අපි හදපු පෙර පාසලක් අබලන් වෙලා. ඒ වගේම ඒ ඔක්කොටම වැඩිය ඔබට යන්න එන්න හංදි් දෙකට ඔබේ ප‍්‍රදේශය සම්බන්ධ වෙලා ගංවතුර කාලෙට සම්බන්ධ වෙන්න තියෙන පාලම අපි ඉදිකරලා මේ සියලූම අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දෙනවා. ඔබ දන්නවා මේ ගම විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පිල්ලෙයාන් මහ ඇමැතිතුමා සමඟ ඉඳගෙන මේ කරන කලගුණ සැලකීමක් හැටියට අපි ඒ සියලූම කාර්යයන් ඉෂ්ට කරනවා යැයි කියන එක අපි සඳහන් කරන්න ඕනේ.

ඒ නිසා මම වැඩිදුර කතා කරන්න යන්නෙ නෑ. අපි දන්නවා තිරියාය ගම ඔබ හැමදාම පිල්ලෙයාන් මැතිතුමත් එක්ක හිටියා. ඒ නිසාම ඔබ නොයෙක් හිරිහැර කරදරවලට මේ අවුරුදු හතර හමාර තුළ වින්දා. ඒවා අවසන් කරලා ඔබ ඔබගේ ඡුන්දය කොටුව ඉදිරියෙන් ගහන ඡන්දෙන් පස්සෙ දාහත් වැනි දා ඉදලා නැවත මේ ගම සශ‍්‍රීක ගමක් බවට පත් කරලා ඔබට අවශ්‍ය සියලූම පහසුකම් සැපයීමේ වගකීම අපි බාර ගන්නවා යැයි කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරනවා’

Recommended For You

About the Author: Editor