ජනපති – ඇමැතිවරු මැතිවරණ නීතිය ‘අමු අමුවේ කෙළසන’ තැතක්

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අමාත්‍යවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය රජයේ සේවයේ ස්ථිර කිරීමට අදාළ පාර්ශ්ව සැලසුම් කරන්නේ නම් එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත් එය නැවැත්වීමට මැතිවරණ කොමිෂම වහාම පියවර ගත යුතු බවත් ‘පැෆරල් සංවිධානය’ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතු එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණඩල ස්ථිර කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වී ඇත. සාමාන්‍යයෙන්  මෙතෙක් පැවති සම්ප්‍රදාය වූයේ ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණඩලය, කාර්ය මණ්ඩල එම රජය විසිරවූ පසු ඔවුන්ගේ සේවය අත්හිටුවීම හෝ ඔවුන් පෙර සිටි සේවා ස්ථානවලට අනුයුක්ත කිරීමයි. එමෙන්ම මෙම කාර්ය මණ්ඩල පත් කිරීමේදී ප්‍රමුඛත්වය  ලබා දෙන්නේ දේශපාලන ලැදියාවන් සහ දේශපාලනඥයින් ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය යි.

ඒ අනුව එවැනි පදනමක් සහිතව තෝරා පත්කර ගන්නා පිරිසක් දේශපාලන බලය පාවිච්චි කරමින් ස්ථිර කිරීම සම්ප්‍රදායට පටහැනි වන අතර මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි. එබැවින් මේ පිළිබදව ඔබ  කොමිෂන් සභාවේ අවධානය යොමු කර මෙම ස්ථිර කිරීම් නැවැත්වීම සඳහා  සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු

Recommended For You

About the Author: Editor