‘රෝයල් පාක් ඝාතකයාට’ පෙර අපිව නිදහස් කරනු: පෝරකේට නියමු වූ 02ක් වැලිකඩ වහලේ උඩ

‘රෝයල් පාක් ඝාතකයා’ ජනපති සමාව මත නිදහස් කිරීමට පෙර මරණ දඬුවම නියමව සිටින තමන් ද නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිරකරුවන් දෙදෙනෙකු මේ වන විට විරෝධතාවක නිරතව සිටියි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ්‍ය නිලධාරියෙකු පැවසුවේ මරණීය දණ්ඩනය හිමිවූ සිරකරුවන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ්‍ය සිර මැදිරි සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත නැගී විරෝධතාවක නිරත වන බවයි.

මරණ දඬුවමට ලක්ව සිටින පුද්ගලයින් පැයක කාලයක් සඳහා ඔවුන් සිටින සිරමැදිරි වලින් පිටතට ගැනීමෙන් පසු මෙලෙස වහලමතට නැග ඇති බවයි බන්ධනාගාර ප‍්‍රකාශකයා සදහන් කළේ.

රෝයල් පාර්ක් මිනිමැරුම් සිද්ධියේ චුදිතයාට ජනාධිපති සමාව ලබා දුන්නේ නම් ඊට පෙර තමන්ටද සමාව හිමිවිය යුතු බව පවසමින් මෙම සිරකරුවන් දෙදෙනා සිය විරෝධතාවය ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර ප‍්‍රකාශකයා සදහන් කළේ.

Recommended For You

About the Author: Editor