ජනපති – ඇමැති පුද්. කාර්ය මණ්ඩල ‘ස්ථිර කිරීමේ කැබිනට් පත‍්‍රිකා හකුලා ගනී’

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය කැබිනට් නොවන අමාත්‍ය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කිරිම අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (11) ඉවත් කරගක් බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් ද අමාත්‍යල කැබිනට් නොවන අමාත්‍ය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කරන ලෙස ඉල්ලා ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් ද වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබුණා.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියන ආකාරයට එම කැබිනට් පත්‍රිකා දෙක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව ඇත්තේ මීට සති දෙකකට ඉහතදී වන අතර එය යළිත් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට ද ඇතුළත් ව තිබුණා.

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන අවසන් කැබිනට් රැස්වීම අද ආරම්භ වූ අවස්ථාවේදී අදහස් එම කැබිනට් පත්‍රිකා දෙක න්‍යාය පත්‍රයෙන් ද ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

මෙම කැබිනට් පත‍්‍රිකා පිළිබදව සමාජය තුළින් දැඩි විවේචන එල්ල වුණා. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප‍්‍රකාශ කළේ මෙය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බවයි.

Recommended For You

About the Author: Editor