සජිත්ට ‘පෞරුෂයක් තිබෙනවා නම් ’අනුගමනය කළ යුත්තේ මහින්දවයි – ඩලස්

ගෝඨාභය උතුරු නැගෙනහිරින් වෙනත් අපේක්ෂකයින්ට වඩා ඡන්ද ලබා ගන්නවා – සුසිල් පේ‍්‍රමජයන්ත

‘සජිත්ට පෞර්ෂයක් තිබෙනවා නම් ඔහු අනුගමනය කරන්නට ඕන මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේ අනුගමනය කළ ප‍්‍රතිපත්තියයි. 2010 වසරේ ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වන විට මහින්ද රාජපක්ෂ මහතා කළේ ඔහුව සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය ලබාදීලා ඔහුගේ ප‍්‍රතිවාදියාට තරඟ කරන්න අවස්ථාව ලබාදීමයි’

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සදහන් කළේ අද (12) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීයි. මෙම මාධ්‍ය හමුව සදහා සුසිල් පේ‍්‍රමජයන්ත සහ පියල් නිශාන්ත යන මන්ත‍්‍රීවරුන්ද එක්ව සිටියා. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අලහප්පෙරුම මහතා,

අපිට දැන් ඉතුරු වෙලා තිබෙන්නේ ප‍්‍රචාරක කටයුතු ගෙනියන්න පැය 32ක් පමණයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ප‍්‍රගතිශිලි බලවේග ඉතාමත් නීතිගරුක ලෙස මැතිවරණ ප‍්‍රචාරණය ගෙනයනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාමත් නීතිගරුක ලෙස තම මැතිවරණ ප‍්‍රචාරණය ගෙන ගියා. ඔහු පරිසර හිතකාමී මැතිවරණ ප‍්‍රචාරණයක් තමයි ගෙන ගියේ. පොස්ටර්වලින් තමයි රණ්ඩු ඇතිවෙන්නේ. නමුත් මෙවර පොස්ටර් ගහන්නේ නැති නිසා රණ්ඩු ඇතිවීමේ ප‍්‍රවණතාවක් නැහැ. සජිත් පොස්ටර් ගැහුවත් ඒවා වහන්න කවුරුවත් නැහැ.

සජිත්ගේ මැතිවරණ ප‍්‍රකාශනයේ අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ සඳහන් කරුණු 72ක් එහෙම් පිටින්ම සඳහන් වෙනවා. ඒ වගේම ආබාධිත ප‍්‍රජාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ජාත්‍යන්තර ප‍්‍රඥප්ති අනුව ඉදිරිපත් කළා ගෝඨාභය රාජපක්ෂ මහතා. එජාපය එය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරලා තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආනන්ද විද්‍යාලයෙන් තමයි තම අධ්‍යාපන කටයුතු සිදු කළේ. ඒ වගේම ඔහුගේ තරුණ කාලය කැප කළේ රණවිරුවෙක් හැටියට. ආරක්ෂක ලේකම් හැටියට ත‍්‍රිවිධ හමුදාවට අවශ්‍ය නායකත්වය සහ ශක්තිය ලබාදුන්නා.

නමුත් සජිත් පේ‍්‍රමදස මහතා ඔහුගේ ආගමන විගමන ලිපි ගැන කථා කරනවා. මම ඒ ලියකියවිලි ඇස් දෙකෙන්ම දුටුව කෙනෙක්. අපිට කියන්න තියෙන්නේ මේ මැතිවරණ ව්‍යාපාරය මඩවලින් තොරව ගෙනයන්න කියලා.

සජිත්ට පෞර්ෂයක් තිබෙනවා නම් ඔහු අනුගමනය කරන්නට ඕන මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේ අනුගමනය කළ ප‍්‍රතිපත්තියයි. 2010 වසරේ ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වන විට මහින්ද රාජපක්ෂ මහතා කළේ ඔහුව සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය ලබාදීලා ඔහුගේ ප‍්‍රතිවාදියාට තරඟ කරන්න අවස්ථාව ලබාදීමයි. සජිත් අවංක නම් නිර්භිත නම් කළ යුතු වන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉල්ලාගෙන එය ප‍්‍රසිද්ධ කිරීමයි. එම වංචාවේ පාඩුව මිලියන 631ක්.

අද දවසේ හොඳට නිශ්පාදනය කළ නාට්‍යක් දැකගන්න ලැබෙයි. මේ අයට මොන තරම් බොරු කියන්න පුළුවන්ද මැතිවරණ ජයගැනීම සදහා. ලෝකයේ රත්තරන් සංචිත තියෙන ප‍්‍රධානම රටවල් 10 තිබෙනවා. පළමුතැන ඉන්නේ ඇමරිකාව ටොන් 8000කට ආසන්න ප‍්‍රමාණයක් තිබෙනවා. දෙවැනි තැන සිටින්නේ ජර්මනිය ඔවුන් සතුව ටොන් 3000කට ආසන්න ප‍්‍රමාණයක් තිබෙනවා.

හැබැයි රාජිත සේනාරත්න මහතාට අනුව ලංකාවේ උතුරු ප්‍රෙද්ශයේ ජනතාව සතුව ටොන් 7000ක් තිබිලා තියෙනවා. ත‍්‍රස්තවාදී යුද්ධය සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රත්තරන් ටොන් 7000 අරගෙන තැනින් තැනට ගෙනිහින් තිබෙනවා. ලෝකයේ ධනවත්ම පුද්ගලයින් තිදෙනා ගත් විට වත්කම ඩොරල් බිලියන 310යි. හැබැයි රාජිත සේනාරත්න කියන කථාව ගත්විට ගෝඨාභයගේ වත්කම මේ තිදෙනාටම වැඩිය වැඩියි.

රනිල් මීට වැඩිය ගෞරවාන්විත විදිහට පරාජයන් හමුවේ හැසිරිලා තිබෙනවා. ඒ ගෞරවය අපි ඔහුට දිය යුතුයි. අද ඉතාමත් වැදගත් දවසක්. රණසිංහ පේ‍්‍රමදාසගේ සංකල්පයකට අනුව සුදුවෑන් සංස්කෘතිය එළිබැස්ස දිනය. රෝහණ විජේවීර ජවිපේ නායකයා පුළුස්සා මරා දැම්මේ අද වැනි දිනයක. පාන් පුච්චනවා වගේ රෝහණ විජේවීර සහෝදරයාව මරා දැම්මේ. පණ තියෙද්දියි ඔහුව පුළුස්සා මරා දැමුවේ.

සජිත් පසුගිය අවුරුදු කාලය පුරාම කිසිම වැරැුද්දක් කළ කෙනෙක් නොවෙයි කියලා කියන්නේ. ඔහුගේ පියාගේ ගෞරවය පමණයි ඔහු ලබාගන්නේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඔබගේ ගෞරවනීය පියා කළ දෙයක් තමයි ඒ. පුළුවන් නම් හෙට චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය හමුවෙලා ඇගේ දරුවන් හමුවෙලා ඔබේ පියාගේ සුදුවෑන් සංස්කෘතිය සිදු කළ දේට සමාව ඉල්ලා සිටින්න. පරාජය හමුවේ අගෞරවය එක්කරගන්න එපා. ගෞරවනීය මැතිවරණ ව්‍යාපාරයකට එක්වෙන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා.

ගෝඨාභය උතුරු නැගෙනහිරින් වෙනත් අපේක්ෂකයින්ට වඩා ඡුන්ද ලබා ගන්නවා – සුසිල් පේ‍්‍රමජයන්ත

පේ‍්‍රමදාස යුගය කියන්නේ නීතිඥයොත් රට හැර ගිය යුගයක්. සජිත් කියනවා මගේ ඇෙඟ් තියෙන්නේ පේ‍්‍රමදාස ජාන. එහෙම නම් පේ‍්‍රමදාස යුගයක් කියන්නේ භිෂණයක් ඇති කරන්න තමයි හදන්නේ 88-89 කාලය වගේ.

ඝාතනය කළ තරුණයින්ගේ කඳින් හිස වෙන් කරලා මට මතකයි වැලිමඩ පාලමේ දෙපැත්තම ගහලා තිබුණා. එදා මේවා ගැන ඡුායාරූප ප‍්‍රදර්ශන පවා තිබ්බේ මංගල සමරවීර දැන් ඔහු එජාපය පැත්තට ගිහින් කෑගහනවා. ත‍්‍රස්තවාදයෙන් අතුරුදන් වූ දරුවන්ගේ මව්වරුන්ට වැඩිය හිටියා එදා තමන්ගේ දරුවා නැති වෙලා හොයපු මව්වරුන් පියවරුන්.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කියනවා මිනීමරුවෝ කියලා. කහ බළල්ලූ කියලා සංවිධානයක් හදාගෙන වෙනම මිනීමැරුවේ ඒ අය. ඒ නිසා අපි කියනවා මිනීමරුවෝ ඉන්නේ ඒ පැත්තේ කියලා.

අපි සෑම ක්ෂේත‍්‍රයක්ම ඇමතුවා සමුළු තියලා. අපිට හොඳ පෙර සූදානමක් තිබෙනවා. සියලූම ජාතීන් එක මතේකට ඇවිල්ලා සහය දෙනවා නම් සහය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂට කියලා මම භය නැතුව කියනවා.

අද එජාප කඳවුර තුළම ගැටළු මතු වෙලා. අපි ඉතාමත් ශක්තිමත් සහ ප‍්‍රබලයි. පාර්ලිමේන්තුවේ 225ටම චෝදනා එල්ල වුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ 225 කෙනෙක් නොවෙයි. ඒ නිසයි අපි කියන්නේ පවතින සම්ප‍්‍රදාය වෙනස් කරන්න ඉන්න එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා.

මිල මුදල් අතින් දුප්පත් වුණාට අපේ ජනතාව බුද්ධිය සහ දැනුම අතින් පොහොසත්. ඒ අයට අවශ්‍ය වන්නේ ජීවත් වෙන්න ශක්තියක්. නැතුව උස අයට සිකුරුටි මිටි අයට කම්කරු කියන සංකල්පය නොවෙයි. කවදාවත් සජිත් පේ‍්‍රමදාස උගත් බුද්ධිමත් ජනතාවට ඇමතුවේ නැහැ. ඔහුට ඒ ප‍්‍රජාවට අමතන්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් මැතිවරණවලදි අපේක්ෂකයින් ලබාගත් ඡුන්ද ප‍්‍රමාණයට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් මෙවර උතුරු නැගෙනහිර ප‍්‍රදේශයෙන් ලබාගන්නවා.

සජිත් අගමැති පත් කරන්න කලින් ආරක්ෂක ඇමති පත් කරලා ඉවරයි. ජනාධිපති වෙන්න හැදුවට ව්‍යවස්ථාවේ වගන්තිවත් දන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ආරක්ෂාව ඔහු භාරගන්නවා කියලා. ෆොන්සේකාට තියෙන්නේ ආරක්ෂක ඇමතිධුරය ලැබුණු විට රාජපක්ෂවරුන් මැදමූලන කොන් හතරේ එල්ලනවා කියලා කියන්න පමණයි.

Recommended For You

About the Author: Editor