සියලූ ජාතීන්ට ‘සැබෑ සහජීවනයෙන් ජීවත්වීමේ’ පරිසරය සකසනවා – බැසිල් රාජපක්ෂ

සියලූ ජාතීන්ට සැබෑ සහජිවනයෙන් ජිවත්වීමේ පරිසරය උදාකරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපුව සයින්දමර්දු ප‍්‍රදේශයේදී ඊයේ (11)පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

සහජිවනය ඇති කරනවා කියමින් සහජිවනයෙන් සිටි ජනතාව බේද කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයිද ඒ මහතා එහිදී පැවසීය.

සයින්දමර්දු නගරයේ සිට පෙළපාලියකින් රැුස්වීම් භූමිය දක්වා බැසිල් රාජපක්ෂ මහතා කැ`දවා ගෙන ඒමට ප‍්‍රදේශවාසීන් පියවර ගෙන තිබිණු අතර මුස්ලිම් පල්ලියේ ප‍්‍රධානී වයි. එම්. හනීෆා පූජකතුමා ද මේ අවස්ථාවට එක්වූවේය.

එහිදී විශේෂ ප‍්‍රකාශයක් කළ වයි. එම්. හනීෆා පූජකතුමා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට මුස්ලිම් ජනතාවගේ ඡුන්දය ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් සදහන් කළ අතර සියලූ ජාතින්ට සැබෑ සහජීවනයෙන් ජීවත්වීමේ පරිසරය සකස් කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි පැවසීය. ඒ වෙනුවෙන් සයින්දමර්දු ප‍්‍රදේශයේ සියලූ ජනතාවට එක් වන ලෙසද වයි. එම්. හනීෆා මහතා සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

ආදරණීය ප‍්‍රදේශවාසී මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි, ප‍්‍රථමයෙන්ම මෙතරම් දුෂ්කර ප‍්‍රදේශයක ජීවත්වන ඔබ අපව ඉතාමත් සාදරයෙන් පිළිගැනීම ගැන අපි හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඔබ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරනවා කියන එක මේ ගමට එන ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒ වගේම ඔබට අලින්ගෙන් කරදර තියෙනවා.

17 වැනිදා ඔබ පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගහන්න. දාහත් වැනි දා ඉඳලා ඒ අලි කරදරේ ඉවර කරලා ඔබට අවශ්‍යතාවයක්ව තිබෙන පාලම හදාදෙන්න අපි කටයුතු කරනවා.

මේ ප‍්‍රදේශයේ වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ ගොවිතැන, ධීවර කර්මාන්තය වැනි කර්මාන්ත වලින්. ඒවගේම අපි දන්නවා, ආබාධිත, ඒ වගේම වැන්දඹු කාන්තාවන් රැුසක් මේ ප‍්‍රදේශයේ සිටිනවා. ඒ සියලූම දෙනාට ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකිම දාහත් වෙනිදායින් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සකස්කරන බව අවස්ථාවේදී සදහන්කළ යුතුයි. වත්මන් රජය ජනතාව පිට බදු පිට බදු දැමීමේ පීඩනය විදින්නේ කාන්තාවයි. කාන්තාව ආර්ථික අතින් ශකිත්මත් කර, පිඩනයකින් තොරව නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඒ වගේම දරුවන්ගේ කුස පුරවන්නේ කොහොමද කියා ලතැවෙමින් නොසිටින, සිරිකතක් බවට පත්කිරීම අපේ රජයක ප‍්‍රධාන වගකිමක් කොට සලකනවා. මේ රජය ඇවිත් අපේ සිරිකත ණය කතක් කළා. අපි නැවතත් මේ ණය කත සිරිකතක් බවට පත්කරනවා.

ඒ කාලේ යම් යම් සංවර්ධන කටයුතු රැුසක් මේ ප‍්‍රදේශය වෙනුවෙන් අපට කරන්න පුළුවන් වුණා. නමුත් තවත් අත්‍යවශ්‍ය වැඩ රාශියක් ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න තියෙනවා. අපි 2000 ඉදලා මේ ප‍්‍රදේශ වලට වැඩ කලා. මේ රටේ වැඩි දෙනෙක් කල්පනා කරා අපේ ආන්ඩුවේ සංවර්ධන වේගය මදි කියලා. ඒ අය හිතුවේ අපි ඉදිරිපත් කරන සංවර්ධන සැලසුම් වේගවත් මදි කියලයි. ඒ නිසා 2015 ජනවාරි 8 වෙනිදා වෙනසක් ඇති කරන්න ඔබ සියලූ දෙනා ඡුන්දෙ දුන්නා ඒත් වුණේ මොකද්ද ?

ඔබ වෙනුවෙන් නගන හඬ මර්ධනය කරන්න කටයුතු කළා මිසක් ඔබේ හඬට ඇහුම්කන් දීලා ඔබලාගේ ප‍්‍රශ්න විසඳන්න මේ ආණ්ඩුව කටයුතු කළේ නෑ.

අද ගොවියාට සාධාරණ මිලකට බීජ ටික ගන්න නෑ. සාධාරණ මිලකට පොහොර ටික ලබාගන්න හැකියාවක් නෑ. වගා ප‍්‍රවේශම් කරගන්න විදිහක් නෑ. අලි ඇවිත් වගාව විනාශ කරලා යනවා. ගොවිතැන රැුකගෙන, ලැබෙන අස්වැන්න විකුණගන්න සාධාරණ මිලක් හෝ වෙලෙදපොළක් නැහැ. මේ ආණඩුවට ඔබේ ප‍්‍රශ්නවලට විසදුම් දෙන්න පුලූවන්කමක් නැහැ.

ඔබ උදේ පාන්දර ඡුන්ද පොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරියෙන්, පොහොට්ටුව ඉදිරියෙන් කතරය ගහලා, 16 වෙනිදා එතුමාව ජනාධිපති කරන්න. දාහත් වෙනිදා ඉඳලා නැවතත් ගොවි මහතුන්ට අවශ්‍ය පෙහොර ඇතුලූ සහන සියල්ලක්ම ලබා දෙන්න අපි කැප වෙනවා කියන එක මේ අවස්ථාවේදී කියනවා

ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා, මේ ප‍්‍රදේශයට විදුලිය දුන්නාට, විදුලි ලාම්පුවක් වීථි ලාම්පුවක් හයි කරලා නෑ. ඒ වගේම ඔබගේ ආගමික කටයුතු කරන කෝවිලත්, අපි හදපු පෙර පාසලත් අද අබලන් වෙලා. ඒ සියල්ලටම වැඩිය ඔබට යන්න එන්න තියෙන පාලම ඉදිකර දිම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් විදියට අපි දකිනවා. ඔබ ගංවතුර කාලයට විදින දුක ගැන අපිට අවබෝධයක්තිබෙනවා.

ඔබේ සියලූ කරදර අවසන් කරන්න අපි මූලිකත්වය ගන්නවා. ඔබ පොහොට්ටුව ඉදිරියේ ඔබේ ඡන්දය සලකුණු කරන්න. දාහත් වැනි දා ඉදලා නැවත මේ ගම වගේම රටත් සශ‍්‍රීක කර ඔබට අවශ්‍ය සියලූම පහසුකම් සැපයීමේ වගකීම අපි බාර ගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා.

මයෝන් මුස්තාපා, විමලවිර දිසානායක, ශී‍්‍රයානි විජේවික‍්‍රම සයින්දරවර්දු නායගිරික මන්තී‍්‍රවරුන්ද මේ අවස්ථාවට එක් විය. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුන නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉයේ නැගෙනහිර පළාතේ පන්දිරිප්පු, කල්මුනෙයි උතුර, කිට්ටන්ගී ප‍්‍රදේශය, නට්ටන්දී මුනෙයි, සහ කල්මුනෙයි ප‍්‍රදේශවල ජනහමු රැසක් අද දිනයේ පැවැත්විණි.

Recommended For You

About the Author: Editor