ජනාධිපතිවරණය: ‘පරිඝණක විද්‍යාත්මක අනාවැකියක්’

7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරණය හෙ (16) වැනිදා පැවැත්වේ. ප්‍රධාන අපේක්ෂකයින් වෙනුවෙන් මේ වන විට විවිධ පර්යේෂණ, සමීක්ෂණ පමණක් නොව මිත්‍යාවම පදනම් කරගත් ඊනියා ‘නැකත්කරුවන්’ විසින් ද අනාවැකි කියනු සහ ඒවාට ප්‍රමුඛ මාධ්‍ය අවධානයක් ලබා දෙන දැකිය හැකි වේ.

මේ අතර පරිගණක විද්‍යාඥ නුවන් සේනාරත්න කළ එම විශ්ලේෂණය පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණි. ඇමෙරිකාව ඇතුළු රාජ්‍ය ගණනාවක මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කර ඇති නුවන් සේනාරත්න විසින් ඉදිරිපත් කර ඇති එම විශ්ලේෂණය සම්පූර්ණයෙන් පහත පළ වේ.

ඉංග්‍රීසී බසින් “බෙල්” (bell — නූතන ඉංග්‍රීසී, belle — පුරාණ ඉංග්‍රීසී) යනු “සිනුව” යන්නයි. “වෙදර්” (wether) යනු “ බැටළුවා” යන්නයි. පුරාණ ඉංග්‍රීසී බසින් “බෙල්වෙදර” (bellewether — පුරාණ ඉංග්‍රීසී) යෙදුම, ගෙල වටා සීනුවක් බැඳගත් වාත්තු බැටළුවකු හැදින්වීමට භාවිතා විය. සීනු ශබ්දය මගින් එඬරුවාට පට්ටියක නිශ්චිත ස්ථානය දැනගැනීමට හැකි විය.

නූතන භාවිතයේ “බෙල්වෙදර්” (bellwether-නූතන ඉංග්‍රීසී) යෙදුම අනාගත ප්‍රවණතා අනාවරණය කරන යමෙකු හෝ යමක් හැඳින්වීමට භාවිතා වේ.

උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ 58ක් පවත්වා ඇත. 58න් දෙකක හැර අන් සියලු ජනාධිපතිවරණයකම ඔහායෝ (Ohio) ප්‍රාන්තය ජයග්‍රහණය කළ අපේක්ෂකයා, ජනාධිපති ධුරයද ජයගත්තේය. එබැවින් ඔහියෝ, ෆ්ලොරිඩා (Florida), නෙවාඩා (Nevada), මිසූරි (Missouri), නව මෙක්සිකෝව (New Mexico) සහ ටෙනසි (Tennessee) වැනි ප්‍රාන්ත “බෙල්වෙදර් ජනපද” (bellwether states) ලෙස හැඳින්වේ.

එක්සත් ජනපද ජනාධිපතිවරණය බෙල්වෙතර් ජනපද (මූලාශ්රය: https://www.prb.org/electiondemographics/)

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ වලද බෙල්වෙදර් ප්‍රවණතා තිබේද? යම් ඡන්ද කොට්ඨාශයක් ජයගන්නා අපේක්ෂකයා සැමවිටම මුළු ජනධිපතිවරණයද ජයගන්නා ප්‍රවනතාවයක් පවතීද? එවන් විශේෂ ඡන්ද කොට්ඨාශ මොනවාද?

මේ ලිපියෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට මම උත්සාහ කරමි.

පූර්ණ බෙල්වෙදර්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ හතක් පවත්වා ඇත. සියලු ජනාධිපතිවරණකම මොරටුව, රත්මලාන, ජා-ඇල, කටාන, මාවතගම, පොලොන්නරුව, මින්නේරිය හෝ මැදිරිගිරිය ඡන්ද කොට්ඨාශ ජයග්‍රහණය කළ අපේක්ෂකයා, ජනාධිපති ධුරයද ජයගත්තේය.

එබැවින්මේ, ඡන්ද කොට්ඨාශ අට “පූර්ණ බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ” ලෙස හැඳින්විය හැක.

ජනාධිපතිවරණ ප්‍රතිඵල: මොරටු ඡන්ද කොට්ඨාශය

දිවයින පුරා, පූර්ණ බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ ව්‍යාප්තියේ පැහැදිලි රටාවක් නැත:

පූර්ණ බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ

ප්‍රතිශත බෙල්වෙදර්

“පූර්ණ බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ” අර්ථ දැක්වීමේදී, අපි යම් අපේක්ෂකයෙක් යම් ඡන්ද කොට්ඨාශයක් ජයග්‍රහණය කිරීම හෝ නොකිරීම සැලකුවෙමු. අවසාන ප්‍රතිඵලයේ ඡන්ද ප්‍රතිශතවලට සමාන ඡන්ද ප්‍රතිශත ඇති ඡන්ද කොට්ඨාශ තිබේද?

ශ්‍රී ලංකාවේ ඡන්ද කොට්ඨාශ 160 සඳහාම, ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ අපේක්ෂකයා, එම ඡන්ද කොට්ඨාශයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතය සහ රටපුරා ලබාගත් මුළු ඡන්ද ප්‍රතිශතය සසඳා බැලුවෙමි. එම ප්‍රතිශත දෙක අතර සංඛ්යානමය වෙනසද විමර්ශනය කළෙමි.

අඩුම සංඛ්යානමය වෙනස ඇති ඡන්ද කොට්ඨාශක් වූයේ මොරටුවය. ජයග්‍රාහී අපේක්ෂකයා දිවයින පුරා ලබාගත් ඡන්ද ප්‍රතිශතය මොරටුවෙහි ලබාගත් ඡන්ද ප්‍රතිශතයෙන් සාමාන්‍යයෙන් 1.2%ක පමණින් වෙනස් විය.

ජනාධිපතිවරණ ප්‍රතිඵල: මොරටු ඡන්ද කොට්ඨාශය

මොරටුවට පසු අඩුම ප්‍රතිශත වෙනස තිබුනේ පූර්ණ බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශයක් නොවන යටිනුවර ඡන්ද කොට්ඨාශයටය. 1988 සහ 2005 ජනාධිපතිවරණ ජයගත් ජනාධිපතිවරණ යටිනුවර පරාජය වුවත්, 2010 සහ 2015 ජනාධිපතිවරණ වල ජයග්‍රාහී අපේක්ෂකයා යටිනුවර ලබාගත් ඡන්ද ප්‍රතිශත, දිවයින පුරා ලබාගත් ඡන්ද ප්‍රතිශත වලට‍ ඉතා සමානයවේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල: යටිනුවර ඡන්ද කොට්ඨාශය

අඩුම ප්‍රතිශත වෙනස් ඇති ප්‍රතිශත බෙල්වෙදර්:

ප්‍රතිශත බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ: අවසාන ප්‍රතිඵලයේ ඡන්ද ප්‍රතිශතවලට සමානතම ඡන්ද ප්‍රතිශත ඇති ඡන්ද කොට්ඨාශ

බෙල්වෙදර් මැතිවරණ දිස්ත්‍රික්ක

අපි ඡන්ද කොට්ඨාශ මට්ටමින් “බෙල්වෙදර්” විශ්ලේෂණය කළෙමු. මැතිවරණ දිස්ත්‍රික් මට්ටමින්ද එසේ කළ හැකිද? යම් මැතිවරණ දිස්ත්‍රික්කයක් ජයගන්නා අපේක්ෂකයා සෑමවිටම මුළු ජනධිපතිවරණයද ජයගන්නා ප්‍රවනතාවයක් පවතීද?

පොලොන්නරු මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශ තුනම බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ බව අවධානවත් කියවන්නන්ට පෙනෙන්නට ඇති. එබැවින් සමස්ත පොලොන්නරු මැතිවරණ දිස්ත්‍රික්කයද බෙල්වෙදර් දිස්ත්‍රික්කයකි.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, මහනුවර, කෑගල්ල, රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන මැතිවරණ දිස්ත්‍රික්ක ජයගන්නා අපේක්ෂකයා සිවු වරක් මුළු ජනධිපතිවරණයද ජයගත් අතර එක වරක් ජය නොගත්තේය.

බෙල්වෙදර් මැතිවරණ දිස්ත්‍රික්ක

ප්‍රතිශත බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ මෙන්ම අපට ප්‍රතිශත බෙල්වෙදර් මැතිවරණ දිස්ත්‍රික්කද විශ්ලේෂණය කළ හැක. අවසාන ප්‍රතිඵලයේ ඡන්ද ප්‍රතිශතවලට සමානතම ඡන්ද ප්‍රතිශත ඇති මැතිවරණ දිස්ත්‍රික්ක මෙසේය:

ප්‍රතිශත බෙල්වෙදර් මැතිවරණ දිස්ත්‍රික්ක: අවසාන ප්‍රතිඵලයේ ඡන්ද ප්‍රතිශතවලට සමානතම ඡන්ද ප්‍රතිශත ඇති මැතිවරණ දිස්ත්‍රික්ක

බෙල්වෙදර් පිළිබඳ වැරදි වැටහීම්

“පූර්ණ බෙල්වෙදර් යන්න නොවෙනස්වන ලක්ෂණයකි.”

නොවැම්බර් 16 දින මැතිවරණයෙන් පසුව, ඔබ ප්‍රතිඵල නරබනවා යැයි සිතමු. සජිත් ප්‍රේමදාසා මොරටු ඡන්ද කොට්ඨාශය ජයගන්නා යැයි උපකල්පනය කරමු. එ.ජ.ප. අපේක්ෂකයා මුළු මැතිවරණයද ජයගන්නා බව ඔබට නිගමනය කළ හැකිද?

එසේ කළ නොහැක. බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශයක “පූර්ණත්වය” යනු එය සමස්තයක් ලෙස රටේ ප්‍රතිඵලයට කොතරම් හොඳින් ගැලපේද යන්නයි. බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වන්නේ සමස්තයක් ලෙස රට මෙම පක්ෂවලට සහයෝගය දක්වන ආකාරයට බැවිනි. මේ සහයෝග ස්වභාවය වෙනස් විය හැක.

පළමු ජනාධිපතිවරණයේදී (1982) එ.ජ.ප. අපේක්ෂක ජේ. ආර්. ජයවර්ධන ඡන්ද කොට්ඨාශයක 160න් 137ක් ජයග්‍රහණය කළේය. එබැවින්, මෙම පළමු මැතිවරණයෙන් පසුව, ඡන්ද කොට් 137ක් (නාමිකව) “පූර්ණ” බෙල්වෙදර් විය. එසේම, තනි මැතිවරණයක් තනි නියැදියකි. තනි නියැදියකින් ගණනය කළ ඇස්තමේන්තුවක සංඛ්‍යානමය වැදගත්කමද අඩුය.

පසුකාලීන මැතිවරණවලින් පසු, බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශය ගණන පහත වැටෙන අතර ඇස්තමේන්තුවල සංඛ්‍යානමය වැදගත්කමද වැඩිවේ:

බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශය ගණන

2015 මැතිවරණයට පෙර, පූර්ණ බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ 44 ක් තිබුණි. අවිස්සාවෙල්ල එවැනි ඡන්ද කොට්ඨාශයකි. 2015ට පෙර ජනාධිපතිවරණ හයේම, අවිස්සාවෙල්ල ජයගත් අපේක්ෂකයා මුළු ජනාධිපතිවරණයද ජයගත්තේය.

2015 මැතිවරණයෙන් පසු ඔබ ප්‍රතිඵල නරබනවා යැයි සිතමු. අවිස්සාවෙල්ල ඡන්ද කොට්ඨාශය අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගැනීම ඔබ දුටුවා යැයි සිතමු.

එ.ජ.නි.ස. අපේක්ෂකයා මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව ඔබට නිගමනය කළ හැකිද? එසේ කළ නොහැක.

ජනාධිපතිවරණ ප්‍රතිඵල: අවිස්සාවෙල්ල ඡන්ද කොට්ඨාශය

2015 දී අවිස්සාවෙල්ල පරාජිත අපේක්ෂකයා මැතිවරණයද ජයගත් අතර , අවිස්සාවෙල්ලට “පූර්ණ බෙල්වෙදර්” තත්ත්වය අහිමි විය.

“සියලුම පූර්ණ බෙල්වෙදර් දිනා ගැනීමට අපේක්ෂකයින් උත්සාහ කළ යුතුය.”

බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ වල ඡන්ද රටා සමස්ත රටේ ඡන්ද රටා වලට බොහෝ සමානය. එහෙත්, බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ වල ඡන්ද රටා සහ සමස්ත රටේ ඡන්ද රටා අතර හේතු සම්බන්ධතාවයක් නොමැත.

එනිසා, බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ දිනා ගැනීමට උත්සාහ කිරීම (නිදසුනක් වශයෙන්, එවැනි ප්‍රදේශවල වැඩිපුර ජනරැලි පැවැත්වීම), සමස්ත රට තුල වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීමට හේතු නොවනු ඇත. මෙසේ කිරීමෙන් අපේක්ෂකයාට බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශය දිනා ගත හැකි වුවත්, රට අහිමි විය හැකි. ඡන්ද කොට්ඨාශයටද (අවිස්සාවෙල්ලට සිදුවූ අන්දමින්) බෙල්වෙදර් තත්වය අහිමි විය හැකිය.

එසේ වුවද, ඡන්දදායකයින්ගේ මනාපයන් සහ අවශ්‍යතා ගැන දැන ගැනීමට බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ උචිත ස්ථාන විය හැක. මෙවැනි ඡන්ද කොට්ඨාශ , සමස්තයක් ලෙස රට සඳහා “නියැදි භූමි” ලෙස ක්‍රියා කළ හැකිය. එහෙත් එවැනි අවබෝධ ලබා ගත් පසු, ඒවා මුළු රටටම ක්‍රියාත්මක කළ යුතුය. බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ වලට පමණක් සීමා නොවිය යුතුය.

“පොලොන්නරුව විශේෂයි.”

පොලොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්කය බෙල්වෙදර් මැතිවරණ දිස්ත්‍රික්කයක් වන අතර, එහි ඡන්ද කොට්ඨාශය තුනම බෙල්වෙදර් කොට්ඨාෂද වේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික අගනුවරට ජනාධිපතිවරණ වලට සාපේක්ෂව යම් විශේෂ වැදගත්කමක් තිබේද?

මෙසේ සිතීම අධි තක්සේරුවක් විය හැක.

අපේ “ජනාධිපතිවරණ ඉතිහාසය” යුග තුනකට බෙදිය හැක:

  • 1982 සහ 1988: “කොළ” යුගය. මේ යුගයේදී, බහුතර සිංහල ඡන්දය එ.ජ.ප.ය ජයගත්තේය. පොලොන්නරුවද එ.ජ.ප.ය ජයගත්තේය.
  • 1994, 1999, 2005 සහ 2010: “නිල්” යුගය. 1994 මහ-මැතිවරණය සහ ජනාධිපතිවරණය චන්ද්‍රිකා කුමාරතුංග ජයගත් පසු, බහුතර සිංහල ඡන්දය එ.ජ.ප.ය සිට පො.එ.පෙ. දක්වා සංක්‍රමණය විය. එසේ පොලොන්නරුවද එ.ජ.ප.යට අහිමි විය.
  • 2015: “පොලොන්නරු” යුගය. 2015 දීද සිංහල ඡන්දය වැඩි කොටසක් එ.ජ.නි.ස.යේ මහින්ද රාජපක්ෂට ඡන්දය හිමි විය. එහෙත්, රාජපක්ෂ සමග තරඟ කළ මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරු දේශපාලකයෙක් වූ නිසා පොලොන්නරු විෂමතාවක් විය.

එබැවින් සෑම ජනාධිපතිවරණයකදීම ජයග්‍රාහී අපේක්ෂකයාට පොලොන්නරුව සහාය දැක්වීම පුදුමයක් නොවේ.

ඉතින් 2019යේ ජය කාටද ?

මම නොදනිමි.

වර්තමාන බෙල්වෙදර් කොට්ඨාෂ (මොරටු, රත්මලාන, ජා-එලා, කටාන, මාවතගම, මෙදිරිගිරියා, මින්නේරිය සහ පොලොන්නරු)වාසි ඡන්දදායකයින් කුමක් සිතන්නේදැයිද මම නොදනිමි .සමහරවිට, ඔබ දන්නවා ඇති.

ඔබ රත්මලාන ගොස්, රත්මාලාන වාසීන් සමඟ කතා කොට, ඔවුන් සියල්ලන්ම යම් අපේක්ෂකයකුට ඡන්ද දීමට තීරණය කළ ඇතිබව දැනගතහොත්, ඔබට පහත නිගමන තුනෙන් එකකට එළඹිය හැක:

  • එක්කෝ එම අපේක්ෂකයා ජයග්‍රහණය කරන අතර, රත්මලාන පූර්ණ බෙල්වෙදර් ඡන්ද කොට්ඨාෂයක් ලෙස තව දුරටත් පැවතෙනු ඇත.
  • නැතහොත් එම අපේක්ෂකයා ජයග්‍රහණය නොකරන අතර, රත්මලාන ඡන්ද කොට්ඨාෂයට එහි පූර්ණ බෙල්වෙදර් තත්ත්වය අහිමි වනු ඇත.
  • නැත්නම්, රත්මාලාන වාසීන් ප්‍රමාණවත් ගණනකට ඔබ කථා කර නැත!

එබැවින්ත, තත්ත්වය බොහෝ සරලය.

සුබ මැතිවරණයක් වේවා!

Recommended For You

About the Author: Editor