‘තිරිඟු පිටි මිල වැඩි කළා’ යැයි ගෙන යන ප්‍රචාර සාවද්‍යයි – මුදල් අමාත්‍යාංශය

තිරිඟු පිටි මිල වැඩි කරන ලදැයි කියමින් ගෙන යන ප්‍රචාරවල කිසිදූ සත්‍යතාවයක් නොමැති බව රජය අවධාරණය කරයි

පාරිභෝගික අධිකාරි පනත යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති තිරිඟු ඉටි මිල වැඩිකරන්නේ නම් පාරිභෝගික අධිකාරියෙන් හා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය අවශ්‍යවේ.

තම සමාගම විසින් තිරිඟු පිටි මිල වැඩි කර නැතැයි ප්‍රිමා ආයතනය විසින් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලදී

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කර ඇති මේ මොහොතේ තිරිඟු පිටි කිලෝවක මිල රු. 8.50 කින් වැඩි කර ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් කරන ලද සාවද්‍ය ප්‍රචාරය මගින් ජනතාව නොමඟ යැවීම සම්බන්ධයෙන් මැතිවරණ නීති රීති අනුව අවශ්‍ය කටයුතු කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිත ඉල්ලීමක්ද කරන ලදී

Recommended For You

About the Author: Editor