ලංකාවේ ජනගහණයන් 20%කට දියවැඩියාව – විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද

මෙරට ජනගහනයෙන් සියයට 20 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි පුද්ගලයන් හතරදෙනකුගෙන් එක් අයකු දියවැඩියාව රෝගයට ගොදුරුව ඇති බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇති බව දියවැඩියාව සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.

‘ලෝක දියවැඩියාව දිනය’ (14) යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (14) ප්‍රකාශ කළේය.

“දියවැඩියාව සහ පවුල“ මෙවර ලෝක දියවැඩියාව දිනයේ තේමාව වී තිබේ.

සක්‍රීයව ශ්‍රම බලකායට දායක වන පුද්ගලයන් මේ රෝගයට ගොදුරු වීම කනගාටුදායක කරුණක් බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.

වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා,

”තමන්ගේ දරුවා දියවැඩියාව රෝගයෙන් බේරා ගත යුතුයි කියන අධිෂ්ඨානය දෙමාපිය වැඩිහිටියන්ගේ අපේක්ෂාව විය යුතුයි. එම අධිෂ්ඨානය මඟින් තමන්ගේ දරුවා දියවැඩියාවෙන් බේරා ගැනීමට හැකියි. දියවැඩියාව හඳුනා ගැනීමට පෙර හඳුනා ගන්නා රෝගීන්ගෙන් සියයට 50 කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෑ. රෝගය හඳුනා ගැනීමෙන් පසුව කිසිදු රෝගියකු බයට පත් නොවිය යුතුයි. රෝගය හඳුනා ගැනීමෙන් පසුව නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් රෝගය පාලනය කර ගත හැකි

අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යනාදිය දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ තුනක්. නිතර නිතර මුත්‍රා පිටවීම නිසා වරින් වර ජලය පානයට ගැනීම අවශ්‍ය වීම සහ කුසගින්න ඉහළ යාමක් සිදු ෙවනවා.

පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති විශේෂයෙන් කුඩා දරුවන්ට ඉහත කී රෝග ලක්ෂණ ඉක්මනින් ඇති වෙනවා. දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන අතර ඇතැම් අවස්ථාවලදී තදින් රෝග ලක්ෂණ පෙන්වන්නෑ. විටෙක රෝග ලක්ෂණ නොමැතිව වුවද දෙවන වර්ගයේ දියවැඩියාව ඇති විය හැකියි. පළමු වන වර්ගයේ දියවැඩියාවේදී වේගවත් සහ කැපී පෙනෙන ලෙස බරෙහි අඩුවීමක් සිදු වන අතර ශරීරයට තෙහෙට්ටුවද ඇති ෙවනවා”

දියවැඩියාව හට ගැනීමට මානසික පීඩනය බලපාන බවත් සතුටු ගම්මාන ඉදි කිරීමෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග බොහොමයක් පාලනය කර ගත හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම, දියවැඩියා සම්මේලනයේ සභාපති දියවැඩියා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය, සිංහ සමාජයේ අධිපති සිංහ මහින්ද පෙරේරා මහත්වරු සහභාගි වූහ

Recommended For You

About the Author: Editor