අවුරුදු 19 දී හිරගත වූ කෙනා නෙමයි දැන් මම – ජූඩ් ශ්‍රමන්ත ජයමහ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩු ජාවාරම්කාරයින් ‘එල්ලන්න’ හදන කොට සමාජය තුළ ප්‍රබල සංවාදයක් ඇති වුණා. ඒ ‘මරණ දඬුවම අතිෂය ප්‍රාථමික, තිරස්චීන එකක් යැයි කියමින්. එහිදී මරණ දඬුවම දෙනවාට විරුද්ධ වූ සියලුම දෙනා කියා සිටියේ ‘අපරාධයක් කරන කොට සිටින පුද්ගගයා ඊට මොහොතකට පසු නැති බවයි. බෞද්ධ දර්ශනයෙන් ද දැක්වූ බොහෝ උපුටා දැක්වීම් මගින් කිය වුණේ ‘මිනිසාට යහපත් වීමට ඇති අවස්ථාව ගැනයි’

ඒත් කුඩු ජාවාරම්කාරයින් එල්ලනවාට විරුද්ධ වුණ සමාජය ‘රෝයල් පාක් ඝාතකයාට’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ගෙදර යන ගමන් ජනපති සමාව’දුන්න විට ගොළු වුණා. මුලදි සිදුවුණ බෞද්ධ දර්ශනයේ උපුටා දැක්වීම් සිදු වුණේ නෑ. ඒ වෙනුවට ‘අතුරලියේ රතන භික්ෂුව’ ඉලක්ක කරගත් දැවැන්ත ප්‍රහාරයක් දියත් වුණා.

ඒ කොහොම වුණත් පසුගිය දා ‘රෝයල් පාක් ඝාතකයා’ ලෙස අභිෂේක ලබා සිටින ‘ ජූඩ් ශ්‍රමන්ත ජයමහ සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙත, ජොන්සන් පවුල වෙත විවෘත ලිපියක් ලියුවා. මේ ඒ සංවේදී ලිපියේ වැදගත් උපුටනයන් ….

“මගේ දෙමාපියන් දික්කසාද වූ නිසා මම කැඩුණු භාණ්ඩයක් වුණා. මම තිනවමයි හැදී වැඩුණේ. පවුලක සමීපතමයෙකු වීම කුමනාකාරයේ කරුණක්ද යන්න ගැන මම දැනගෙන සිටියේ නෑ. ඒ වන විට මගේ වයස අවුරුදු 16යි.

දැන් මට අවුරුදු 34ක්. මගේ තරුණ කාලයම මම ගතකළේ සිරගතව අඩි 6 X 8 කාමරයක. මට හිරු එළිය ලැබුණේ  දිනකට විනාඩි 30ක් පමණයි. ඒක මගේ ජීවිතයේ අඳුරුතම කාලයක්. මම නිදා ගත්තේ බිමයි. දවසකට පැය 12ක් මාව හිර කරලා තිබුණේ.

මම දන්නවා ඔබගේ වෛරය හා තරහා මා කරෙහි බව. නමුත් අවුරුදු 19 දී හිරගත වූ කෙනා නෙමයි දැන් මම ”

ජොන්සන් පවුලට 

ජොන්සන් පවුලට සිදුවූ දේ ගැන කනගාටුව ප්‍රකාශ කරන්න මට වචන නෑ. කාටවත් නපුරක් කිරීමේ අදහසක් මට තිබුණේ නෑ. මේ වේදනාව පිටතට ගන්න වචන මට නෑ. ඔබ වෙනුවෙන් සිදුවූ දේ නැවත නිවැරදි කිරිම වෙනුවෙන් මට කරන්න හෝ කියන්න දෙයක් නෑ.

ඔබ මාව දරුවෙකු ලෙස දන්නවා. සිදුවූ දේ ගැන මම මහත්සේ ලැජ්ජාවට පත්වෙනවා. මේ සිදුවූ දෙහි වේදනාව ඔබ සියලු දෙනාට මෙන්ම මගේ පවුලටත් තිබෙනවා. පසුගිය වසර 15 සෑම දෙනෙකුටම දුක, අහිමීවීම් තිබූ කාලයක්. මම කීප අවස්ථාවක්ම ඔබව සම්බන්ධ කරගෙන මගේ කනගාටුව හදවතින්ම ප්‍රකාශ කිරමට උත්සාහ කළා.නමුත් එය සාර්ථක වුණේ නෑ. මට ඉවොන්ව නැවත දෙන්න බෑ. “

සමාජයට 

ඔබගේ තරහව මට දැනෙනවා. මම දැන් වෙනස් මනුස්සයෙක්. මට මීට පෙර රතන හමුදුරුවෝ මුණ ගැසුනේ මගේ ජීවිතයේ පහළම ස්ථානයක සිටින විටයි. ඒ වසර පහකට පමණ පෙර. උන්වහන්සේ අපිට භාවනාව  පිළිබඳව උපදෙස් දුන්නා. උන්වහන්සේ නැවතත් මට මාව විශ්වාස කරන්න ඉගැන්වූවා. මම  ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක් හැදෑරුවා.

ලන්ඩන් ව්‍යාපාරික පාසලෙන් මම මේ උපාධිය ලබාගත්තේ මට අන්තර්ජාලය සඳහා ප්‍රවේශ වීමට පවා පරගනකයක්වත් නොමැති විටයි. අඩුම තරමේ මට මේසයක් වත් තිබුනේ නෑ. මම වැසිකිලිය මත වාඩි වී මගේ කොට්ටය මේසයක් කර ගත්තා. මම මේක කළේ මම වෙනස් වී ඇති බවට පෙන්වීමටයි. මම විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ උපාධියට මම හදාරණවා.”

Recommended For You

About the Author: Editor