ආණ්ඩුව ගැන තීරණයක් ගන්න ‘ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්’ හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිත අමාත්‍ය මනෝ ගනේෂන් මහතා lankaepress.com පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදී හෙට පස්වරු 2.00ට රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් කැබිනට් අමාත්‍යවරුන් අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවත්මෙම අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හැර පක්ෂ නායකයින් සහ සියලුම කැබිනට් අමාත්‍යවරුන් එක්ව සිටි බවත් මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මෙම රැස්වීමේදී මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්  පැවසූ මනෝ ගනේෂන් මහතා ආණ්ඩුව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වනවාද, මහ මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය දෙනවාද ආදි කරුණු සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේදී ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Recommended For You

About the Author: Editor