ගෝඨා ලැබූ ජයට මෝදිගෙන් සුබ පැතුම්

ජනාධිපතිවරණයේ මේ වන ජය ගෙන ඇති පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක්කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවර විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩ සඳහා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ මේ බව සටහන් කර ඇත.

“ඔබගේ උණුසුම් සුභ පැතුම් වෙනුවෙන් මම අගමැති අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දියානු ජනතාවට ස්තූතිවන්ත වෙමි. අපේ ජාතීන් දෙක ඉතිහාසය හා පොදු විශ්වාසයන්ගෙන් බැඳී ඇති අතර අපගේ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට සහ නුදුරු අනාගතයේදී ඔබව හමුවීමට මම බලාපොරොත්තු වෙමි“

Recommended For You

About the Author: Editor