ජයග්‍රහණය “ගෞරවාන්විතව ද නීතිගරුකව” සමරන්න – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් ලැබීමට නියමිත මෙම ජයග්‍රහණය “ගෞරවාන්විතව ද නීතිගරුකව” සමරන ලෙස සිය පාක්ෂිකයන්ගේ ඉල්ලා තිබේ.

“අපහාස, අවලාද, තර්ජන, බලහත්කාරකම් අභිබවා ජාතියක් ජයග්‍රහණය කිරීමට කැපවූ ඔබ සියළු දෙනාට අපි හිස නමා ගෞරවයෙන් ආචාර කරමු,” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශක ඩලස් අලහපෙප්රුම මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තම පරාජය පිළිගෙන තිබේ.

Recommended For You

About the Author: Editor