මම සියලුම රටවැසියන්ගේ ජනපතියි – ගෝඨාභය රාජපක්ෂ

“මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා’

ජනපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) මැතිවරණ කොමිෂමේ පැවැති හමුවෙන් පසු ජනමාධ්‍ය හමුවේ අවධාරණාත්මකව ප්‍රකාශ කළා. පරාජයට පත් වූ ප්‍රධාන අපේක්ෂකයා මෙම හමුවට එක්වූ මුල්ම අවස්ථාව මෙය බවයි මාධ්‍ය වාර්තා කළේය.

මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාම අද සවස (17) මැතිවරණ කොමිෂමට පැමිණ සිටි අතර සජිත් ප්‍රේමදාස මහතා ද ඒ අතර වුණා. පසුගිය කාලය ජනපතිවරණයට තරග කර පරාජයට පත් වූ ප්‍රධාන අපේක්ෂකයා මෙම හමුවට එක් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි ජනමාධ්‍ය වාර්තා කළේ.

මෙහිදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය නිවේදනය කළ අතර සභාපතිවරයා විශේෂ ප්‍රකාශයක් ද කළා.

මැතිවරණ කොමිෂම විසින් ජනපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළා.

“මම ස්තූතිවන්ත වෙනවා මාව ජනපතිවරයා වශයෙන් පත්කර ගැනීම ගැනග මා වෙත තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉටු කරනවාග මැතිවරණ කොමිෂන් සභාවට ස්තූතිය ප්‍රකාශ කරනවාග සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම ගැනග

මා ජනතාවට ඉදිරිපත් කළ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සියලු කරුණු මගේ ධුර කාලය තුළදී ක්‍රියාත්මක කරනවාග අපේ සභාපතිතුමා මතක් කර දුන් මැතිවරණ නියමිත කාලයේදී පැවැත්වීමට මාගේ සම්පූර්ණ සහාය දෙනවා.

සාමාකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා තිබුණ මැතිවරණ සංස්කෘතිය වෙනස් කර ගැනිමට හැකිවීම ගැන සංතෝෂවෙනවා. මම කිසිවෙකු විවේචනය නොකළ අතර පෝස්ටර් හා ප්ලාස්ටික්වලින් තොරව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන ලෙස මට සහාය දුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.

මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා” ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඓතිහාසික ප්‍රකාශය කළා.

Recommended For You

About the Author: Editor