හරීන් සහ හර්ෂත් ‘සජිත් ගත් මගම යයි’

සජිත් ප්‍රේමදාස මහතා තමා ලද ‘දැවැන්ත පරාජය’ පිළිගෙන එජාප නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීන්දුව සමග සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ ප්‍රබලයින් දෙදෙනකු වන ඇමැති හරීන් ප්‍රනාන්දු සහ ඇමැති හර්ෂ ද සිල්වා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ඔවුන් විසින් නිකුත් කළ ‘ට්වීටර් පණිවුඩයක’ සදහන් වේ.

මේ අතර සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ තවත් ප්‍රබලයෙකු වන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඔහුට සමීප වෙබ් අඩවියක් වාර්තා කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සිය ආසනය වන තිස්සමහාරාමයෙන් ලද දැවැන්ත පරාජය සමග ඔහු දේශපාලනයෙන් වුව ඉවත්වීම සුදුසු බවට මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

Recommended For You

About the Author: Editor