අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ‘මහජන මතයට ගරු’ කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

‘මේ මොහොතේදී මහජන මතයට ගරු කරමින් ජනාධිපතිධූරය හා අගමැතිධූරය එකම පක්‍ෂයකට ලබාදීමට කටයුතු කළ යුතු යැයි’ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැති කිරි අම්මාවරුන් 110 දෙනෙකු සඳහා අද (18) පැවැති දානමය පිංකමින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එම දානමය පිංකමින් පසුව මහා සංඝරත්නය මහින්ද රාජපක්ෂ මහතාට පිරිත් සජ්ඡායනා කරමින් ආශීර්වාද කළහ.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

“තවම තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුවෙන් බාගයක් විතර අස්වෙලා. කවුරු වුනත් ජනතා මතයට ගරු කරන්න ඕන. අපිට අවශ්‍ය ජයග්‍රහණය කරන්නයි. මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා.

ජනාධිපතිවර ජයග්‍රහණයත් සමගම මේ වෙලාවේ මහා මැතිවරණයක් පවත්වනවා නම් වඩාත් සුදුසුයැයි මම විශ්වාස කරනවා. කොහොම වුණත් එක්සත් ජාතික පක්‍ෂයත් සමඟ සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති එක පක්‍ෂයකත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තවත් පක්‍ෂයකත් ඉදගෙන කටයුතු කරන්න බැහැ. මේ වෙලාවේදී මහජන මතයට ගරු කළ යුතුයි” යැයි ද ඔහු සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor