UNP ඇමැතිවරු 9 ක් ඉල්ලා අස්වෙති

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණයෙන් පරාජයට පත්ව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම සමග එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් 09 දෙනකු මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිවරයාට යොමුකර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, අජිත් පී. පෙරේරා, මලික් සමරවික්‍රම, කරුණාරත්න පරණවිතාන, රුවන් විජයවර්ධන, අශෝක අබේසිංහ, හා චම්පික රණවක යන අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති අතර මංගල සමරවීර මහතා පසුගිය ඉරිදා (17) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට (එවකට) තම ඉල්ලා අස්වීමේ ලිබිය යොමු කිරීමට පියවර ගත්තා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් සදහන් කරන්නේ මේ ආකාරයට තනි තනි වශයෙන් ඇමැතිකම්වලින් ඉවත් වීමට වඩා සමස්ත අමාත්‍ය මණ්ඩලය ම අග්‍රාමාත්‍යවරයා සමග මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම ඉල්ලා අස්විය යුතුව තිබූ බවයි.

‘මේ දවසක ප්‍රමාදය පවා සිදු නොවිය යුතුයි. ඔවුන් පසුගිය 2015 ජනවාරි 09 වැනිදා ජයග්‍රහණයෙන් පසු අති සුළුතර ආණ්ඩුවක් අටවා ගත්තා. ඒ නිසා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා ආත්මගරුත්වය රැකෙන පියවර වන්නේ අගමැතිවරයා ප්‍රමුඛ මුළු ආණ්ඩුවම වහාම ඉල්ලා අස්වීමයි. ජනතාවගේ බලාපොරොත්තුව වන්නේ එයයි’ ඔහු සමග ප්‍රකාශ කර සිටියා.

Recommended For You

About the Author: Editor